9. 1. 2. 3.
මහාකොට්ඨිත සූත්රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වෙත එළැඹිය හ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල සැල කළහ:
ඇවැත් ශාරීපුත්රය, කිමෙක යම් කර්මයෙක් දෘෂ්ටධර්මවේදනීය වේ නම් මාගේ ඒ කර්මය සම්පරාය වේදනීය වේවයි යන තෙල කරුණ සඳහා භාග්යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි? ඇවැත්නි, මෙය නො වේ මැයි.
ඇවැත් ශාරීපුත්රය, කිම යම් කර්මයෙක් සම්පරාය වේදනීය නම් මාගේ ඒ කර්මය දෘෂ්ටධර්ම වේදනීය වේවයි යන තෙල කරුණ සඳහා භාග්යවතුන් කෙරෙහි බඹසර වැසේදැ යි? ඇවැත්නි, මෙය නො වේ මැයි.
ඇවැත් ශාරීපුත්රය, කිම යම් කර්මයෙක් සුඛවේදනීය වේ නම් මාගේ ඒ කර්මය සුඛවේදනීය ම වේවයි තෙල කරුණෙහි අරුත් සඳහා භාග්යවතුන් කෙරෙහි බඹසර වැසේ දැ යි? ඇවැත්නි, මෙය නො වේ මැයි.
ඇවැත් ශාරීපුත්රය, කිම යම් කර්මයෙක් දුක්ඛවෙදනීය වේ නම් මාගේ ඒ කර්මය සුඛවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි? ඇවැත්නි, මෙය නො වේ මැයි.
ඇවැත් ශාරීපුත්රය, කිම යම් කර්මයෙක් පරිපක්වවේදනීය වේ නම් මාගේ ඒ කර්මය අපරිපක්වවෙදනීය වේව යි තෙල කරුණ සඳහා භාග්යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ මැයි.
ඇවැත් ශාරීපුත්රය, කිම යම් කර්මයෙක් අපරිපක්වවෙදනීය වේ නම් මාගේ ඒ කර්මය පරිපක්වවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ ම යි.
කිමෙක ඇවැත් ශාරීපුත්රය, යම් කර්මයෙක් බහුවේදනීය වේ නම් මාගේ ඒ කර්මය අල්පවෙදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි? ඇවැත්නි, මෙය නො වේ මැයි.
කිමෙක ඇවැත් ශාරීපුත්රය, යම් කර්මයෙක් අල්පවෙදනීය වේ නම් මාගේ ඒ කර්මය බහුවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ මැ යි.
කිමෙක ඇවැත් ශාරීපුත්රය, යම් කර්මයෙක් වේදනීය නම් මාගේ ඒ කර්මය අවෙදනීය වේවයි තෙල කරුණ සඳහා භගවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ මැ යි.
කිමෙක ඇවැත් ශාරීපුත්රය, යම් කර්මයෙක් අවෙදනීය නම් මාගේ ඒ කර්මය වේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ මැ යි.
කිමෙක ඇවැත් ශාරීපුත්රය, යම් කර්මයෙක් දෘෂ්ට ධර්මවේදනීය නම් මාගේ ඒ කර්මය සම්පරායවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.
කිමෙක ඇවැත් ශාරීපුත්රය, යම් කර්මයෙක් සම්පරායවේදනීය වේ නම් මාගේ ඒ කර්මය දෘෂ්ටධර්මවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.
කිමෙක, ඇවැත් ශාරීපුත්රය, යම් කර්මයෙක් සුඛවේදනීය නම් මාගේ ඒ කර්මය සුඛවේදනීය ම වේවයි තෙල කරුණ සඳහා භාග්යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.
කිමෙක ඇවැත් ශාරීපුත්රය, යම් කර්මයෙක් දුඃඛ වේදනීය නම් මාගේ ඒ කර්මය සුඛවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.
කිමෙක ඇවැත් ශාරීපුත්රය, යම් කර්මයෙක් පරිපක්ව වේදනීය වේ නම් මාගේ ඒ කර්මය අපරිපක්ව වේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ඇවැත්නි, මෙය නොවේ මැයි කියහි.
කිමෙක ඇවැත් ශාරීපුත්රය, යම් කර්මයෙක් අපරිපක්වවෙදනීය නම් මාගේ ඒ කර්මය පරිපක්වවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.