2. සීහනාද වර්ගය
9. 1. 2. 1.
සාරිපුත්ත සීහනාද සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු මහ සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වෙත එළැඹිය හ. එළැඹ භාග්යවතුන් සකසා වැඳ එකත්පස් ව හුන් හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භගවතුන්ට තෙල සැලකළහ. “වහන්ස, මා විසින් සැවැත්හි වස්සාවාසය වැස නිමවී ය. වහන්ස, මම ජනපදචාරිකාවට පිටත් වනු කැමැතියෙමි”යී. ශාරිපුත්ර ය, තෙපි දැන් යමක් සඳහා කල් දනිවු නම් එය කරව, ඉක්බිති සැරියුත් තෙරණුවෝ හුනස්නෙන් නැඟී භාග්යවතුන් සකසා වැඳ පැදකුණු කොට බැහැර ගියහ.
එකල එක්තරා මහණෙක් ආයුෂ්මත් සැරියුත් තෙරුන් ගිය නො බෝ කල්හි භගවත්නට තෙල සැලකළේ ය: “වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මා ඝටා වරද නො දෙසා චාරිකාවට පිටත් වූහ” යි.
එකල්හි භාග්යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූහ: මහණ, එව. තෙපි මාගේ වචනයෙන් “ඇවැත් ශාරීපුත්රයෙනි, ශාස්තෘහු තොප කැඳවති”යි සාරිපුත්රයන් අමතව, ‘වහන්ස, එසේ ය’යි ඒ මහණ භගවත්නට පිළිවදන් අස්වා සැරියුත්තෙරුන් වෙත එළැඹියේ ය. එළැඹැ තෙල කී ය: “ඇවැත් ශාරීපුත්රයෙනි, ශාස්තෘහු තොප අමතති”යී “ඇවැත්නි එසේය”යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ එ මහණහට පිළිවදන් ඇස් වූ හ.
එ සමයෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ද දොරයතුරු ගෙන වෙහෙරින් වෙහෙර ඇවිදුනාහ. “ආයුෂ්මත්නි, එව ආයුෂ්මත්නි, එව දැන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් හමුයෙහි සීහනාද කරති”යි.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භගවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත් පස්ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරුනට භගවත්හු තෙල වදාළහ: ශාරීපුත්රයෙනි, මෙහි තොපගේ එක්තරා සබ්රම්සරකෙනෙක් කථාධර්මයකට (දොස් පැවසීමකට) පැමිණියහ. වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මා ඝටා නො කමවා චාරිකාවට පිටත් වූහ”යි.
1. වහන්ස යමක්හට එකැතින් කයෙහි කාගියා සිහි නො එළැඹ සිටී නම් හේ මෙහි එක්තරා සබ්රම්සරකු ඝටා වරද නො දෙසා චාරිකාවට පිටත් වන්නේ ය. වහන්ස, යම් පරිදි පොළෝහි සුචිදෑත් බහත් ද, අසුචි දෑත් බහත් ද, මල හා මූ හා බහත් ද, කෙළත් බහත් ද, පූයාත් බහත් ද, ලෙහෙත් බහත් ද, පොළෝ ඉන් නො පෙළෙයි ලජ්ජිත හෝ නො වෙයි ජුගුප්සාවට හෝ නො පැමිණෙ යි. වහන්ස, එ පරිදි ම මම් පොළෝ සම වූ විපුල වූ මහද්ගත වූ අප්රමාණ වූ අවෛර වූ නිදුක් වූ සිතින් වාස කරමි.
2. වහන්ස, යමකුට එකැතින් කයෙහි කාගියා සිහි නොඑළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට යන්නේ ය. වහන්ස, යම් පරිදි (ජලයෙහි) සුචිදෑත් දොවත්ද, අසුචිදෑත් දොවත් ද, ගූථත් දොවත් ද, මුත්රත් දොවත් ද, කෙළත් දොවත් ද, පූයාත් දොවත් ද, ලෙහෙත් දොවත් ද, එයින් ආපය නො පෙළෙයි ලජ්ජිත හෝ නො වෙයි, ජුගුප්සා හෝ නො කෙරෙයි. වහන්ස, එපරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්රමාණ වූ අවෛර වූ නිදුක් වූ ආපෝසම සිතින් වාස කරමි.
3. වහන්ස, එකැතින් යමකුට කයෙහි කාගියා සී නො එළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්රම්සරක්හු ඝටා නො කමවා චාරිකා පිණිස යන්නේ ය. වහන්ස, යම්පරිදි තේජස් (ගින්න) සුචිදෑත් දවා ද, අසුචි දෑත් දවා ද, ගූථත් දවා ද, මුත්රත් දවා ද, කෙළත් දවා ද, පූයාත් දවා ද, ලෙහෙත් දවා ද එයින් තේජස් නො පෙළෙයි ලජ්ජිත නොවෙයි ජුගුප්සා නො කෙරෙයි. වහන්ස, එපරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්රමාණ වූ අවෛර වූ නිදුක් වූ තේජස් සම සිතින් වාස කරමි.
4. වහන්ස, එකැතින් යමකුට කයෙහි කාගියා සී නො එළඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට නික්මෙන්නේ ය. වහන්ස, යම් පරිදි වායුව සුචිදෑත් ගෙන හමා ද, අසුචිදෑත් ගෙන හමා ද, ගූථත් ගෙන හමා ද, මුත්රත් ගෙන හමා ද, කෙළත් ගෙන හමා ද, පූයාත් ගෙන හමා ද, ලෙහෙත් ගෙන හමා ද එයින් වායුව නො ද පෙළෙයි ද ලජ්ජිත හෝ නො වෙයි ද ජුගුප්සා හෝ නො කෙරෙයි ද වහන්ස, එ පරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්රමාණ වූ අවෛර වූ නිදුක් වූ වායුසම සිතින් වාස කරමි.