8. 2. 6. 2.
භික්ඛුනෝවාදක සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ වේසාලී නගර සමීපයෙහි මහාවනයෙහි වූ කූටාගාරශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැල කළහ:
වහන්ස, කෙතෙක් කරුණින් සමන්වාගත මහණ මෙහෙණනට ඔවා දෙනුයේ සම්මත කටයුත්තේ දැ යි?
ආනන්දය, මෙහෙණනට ඔවා දෙන මහණ කරුණු අටෙකින් සමන්වාගත වූයේ සම්මත කටයුතු ය. කවර අටෙකින යත්:
ආනන්දය, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සිකපද විෂයෙහි මොනොවට ගෙන හික්මෙයි. බහුශ්රුත වෙයි ... දෘෂ්ටියෙන් මොනොවට සුප්රතිවිද්ධය. ඔහු විසින් උභය ප්රාතිමොක්ෂයෝ විස්තර විසින් ස්වාගත (මනාසේ ප්රගුණ) වෙති. (සූත්ර වශයෙන් අනුව්යඤ්ජන වශයෙන්) මොනවට විභාග කරන ලද්දාහු (ආවර්ජන කළ තන්හි) මොනොවට පැවත්තා හු මොනොවට විනිශ්චය කරන ලද්දා හු වෙති. කල්යාණ වචන ඇත්තේ වෙයි. කල්යාණ වාක්කරණ (සුන්දර වචන ඝෝෂ) ඇත්තේ වෙයි, පළිබෝධ (බාධා) නැති නිර්දෝෂ වූ අර්ත්ථවින්යාසයට (අරුත් හඟවන්නට) පොහොසත් පරිපූර්ණ වචනයෙන් සමන්වාගත වෙයි, මෙහෙණ සඟනට දැහැමි කථායෙන් කරුණු දක්වන්නට සමාදන් කරවන්නට තෙද ගන්වන්නට සතුටු කරවන්නට ප්රතිබල වෙයි, බෙහෙවින් මෙහෙණනට ප්රිය වෙයි, මන වඩන්නේ වෙයි. ඒ භාග්යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූ කහවත් හඳනා මෙහෙණක හා කායසංසර්ගයට නො පැමිණිවිරූ වෙයි, විසි වස් පිරුණේ හෝ විසි වසින් වැඩි සිටියේ හෝ වේ.
ආනන්දය, මෙහෙණනට ඔවා දෙන මහණ මේ කරුණු අටින් සමන්වාගත වූයේ සම්මත කටයුතු යි.
8. 2. 6. 3.
සංක්ෂිප්ත ගෝතමියොවාද සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ වේසාලී නගර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එකල්හි මහා පජාපතී ගෝතමී භාග්යවතුන් වහන්සේ කරා එළඹුණා ය. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්නා ය. එකත් පසෙක හුන් මහාපජාපතී ගෝතමී භාග්යවතුන් වහන්සේට තෙල සැළ කළා ය:
වහන්ස, මම භාග්යවතුන් වහන්සේගේ යම් දහමක් අසා (කාය ගණ ආදියෙන්) වෙන් වූයෙම් නො පමා වූයෙම් වැර ඇතියෙම් නිවනට මෙහෙයූ සිතැතියෙම් වෙසෙම් ද, භාග්යවතුන් වහන්සේ සැකෙවින් ඒ දහම් දෙසන සේක් නම් මැනැව.