8. 1. 5. 10.
දෙවැනිලෝකවිජය සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, සිවුදහමෙකින් යුතු මාගම මෙලොව විජය පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් මෙලොව ආරබ්ධ වෙයි. කවර සිවුදහමෙකින යත්:
මහණෙනි, මෙ ලොව්හි මාගම මොනොවට සංවිධානය කරන ලද කර්මාන්ත ඇතියේ වෙයි, සගත් පිරිවර ජනයා ඇත්තේ වෙයි, භර්තෘහුගේ මනාපයට හැසිරෙයි. සපයනුලැබූ දෙය රකියි.
1. මහණෙනි, කෙසේ මාගම මොනොවට සංවිධානය කරනලද කර්මාන්ත ඇත්තී වේ ද යත්: මහණෙනි, මෙ ලොව්හි මාගම යම් ඒ භර්තෘහුගේ අභ්යන්තර කර්මාන්තයෝ ... මහණෙනි, මෙසේ වනාහි මාගම මොනොවට සංවිධානය කරනලද කර්මාන්ත ඇත්තී වෙයි.
2. මහණෙනි, කෙසේ මාගම සඟත් පරිජනයා ඇති වේ ද යත්: මහණෙනි, මෙලොව්හි මාගම යම් ඒ භර්තෘහුගේ අභ්යන්තර ජනයා ... මහණෙනි, මෙසේ වනාහි මාගම සඟත් පිරිවර ජනයා ඇත්තී වේ.
3. මහණෙනි, කෙසේ මාගම භර්තෘහුහට මනාප සේ හැසිරේ ද යත්: මහණෙනි, මෙලෙව්හි මාගම භර්තෘහුට අමනාප සඞ්ඛ්යාත යමක් වේ ද, එය ජීවිත හේතුයෙනුදු නො ඉක්මවයි. මහණෙනි, මෙසේ වනාහි මාගම භර්තෘහුහට මනාප සේ හැසිරෙයි.
4. මහණෙනි, කෙසේ මාගම සපයන ලද්ද අනුරක්ෂණය කෙරේ ද යත්: මහණෙනි, මෙලොව්හි මාගම සියහිමි යමක් ගෙන ඒ නම් .. මහණෙනි, මෙසේ වනාහි මාගම සපයා ගෙන එන ලද්ද අනුරක්ෂණය කෙරෙයි. මහණෙනි, මේ සිවුදහමින් සමන්වාගත මාගම මෙලොව විජය පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් මෙලොව ද ආරබ්ධ වෙයි.
මහණෙනි, සිවුදහමෙකින් සමන්වාගත මාගම පරලෝක විජය පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් පරලොව ආරබ්ධ වූයේ වෙයි. කවර සිවු දහමෙකින යත්:
මහණෙනි, මෙ ලොව්හි මාගම සද්ධාසම්පන්න වෙයි, සීලසම්පන්න වෙයි, චාගසම්පන්න වෙයි, පඤ්ඤාසම්පන්න වෙයි.
5. මහණෙනි, කෙසේ මාගම සද්ධාසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙ ලොව්හි මාගම සද්ධා ඇත්තී වෙයි ... මහණෙනි, මෙසේ මාගම සද්ධාසම්පන්න වෙයි.
6. මහණෙනි, කෙසේ මාගම සීලසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙලොව්හි මාගම ප්රාණඝාතයෙන් වැළැකුණී වෙයි ... මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙන් වැළැකුණී වෙයි. මහණෙනි, මෙසේ මාගම සීලසම්පන්න වෙයි.