8. 1. 1. 7.
දේවදත්තවිපත්ති සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. දෙව්දත් තෙරුන් (සඟුන් බිඳ නික්ම) ගිය නොබෝ කල්හි භාග්යවතුන් වහන්සේ දෙව්දතුන් අරබයා මහණුන් ඇමතූ සේක:
මහණෙනි, මහණ කලින් කල ආත්මවිපත් සලකන්නේ නම් මැනැව; මහණෙනි, මහණ කලින් කල පරවිපත් සලකන්නේ නම් මැනැව; මහණෙනි, මහණ කලින් කල ආත්මසම්පත් සලකන්නේ නම් මැනැව; මහණෙනි, මහණ කලින් කල පරසම්පත් සලකන්නේ නම් මැනැව; මහණෙනි, අෂ්ටඅසද්ධර්මයෙකින් මැඩ සිටි වටාගත් සිත් ඇති දෙව්දත් අපායට නිසි වූයේ නිරයට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි. කවර අටෙකින යත්:
මහණෙනි, ලාභයෙන් මඩනා ලද හාත්පසින් ගන්නා ලද සිත් ඇති දෙව්දත් අපායට නිසි වූයේ නිරයට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි. මහණෙනි, අලාභයෙන් ... මහණෙනි, යශසින් ... මහණෙනි, අයශසින් ... මහණෙනි, සත්කාරයෙන් ... මහණෙනි, අසත්කාරයෙන් ... මහණෙනි, පාපච්ඡතායෙන් ... මහණෙනි, පාපමිත්රතායෙන් මඩනා ලද වතුරුවා ගත් සිත් ඇති දෙව්දත් අපායට නිසි වූයේ, නිරයට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි.
මහණෙනි, මේ අෂ්ට අසද්ධර්මයෙන් මඩනා ලද වතුරුවාගත් සිත් ඇති දෙව්දත් අපායට නිසි වූයේ නිරයට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි.
මහණෙනි, මහණ උපන් ලාභය පුන පුනා මැඩ ගෙන වසන්නේ නම් මැනැව. උපන් අලාභය ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්රතා ... පුන පුනා මැඩ ගෙන වසන්නේ නම් මැනැව.
මහණෙනි, මහණ කිනම් අර්ත්ථයක් පිණිස උපන් ලාභ පුන පුනා මැඩගෙන වසන්නේ වේ ද, මහණෙනි, උපන් ලාභ නො මැඩ ගෙන වසන ඔහුට යම් හෙයකින් විඝාතපරිදාහකරවූ ආස්රවයෝ උපදනාහු ද, උපන් ලාභ මැඩ ගෙන වසන ඔහුට විඝාතපරිදාහකරවූ ඒ ආස්රවයෝ මෙසේ නොවෙති.
මහණෙනි, යම්හෙයකින් උපන් අලාභ ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් අසත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්රතා නො මැඩගෙන වසන්නහුට විඝාතපරිදාහ කරන ආස්රවයෝ උපදනාහු ද, උපන් පාපමිත්රතා මැඩ ගෙන වසන ඔහුට විඝාතපරිදාහ කරන ඒ ආස්රවයෝ මෙසේ නොවෙත්.