8. 1. 1. 6.
දෙවැනි ලෝකධම්ම සූත්රය
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, මේ ලෝකධර්මයෝ අටදෙනෙක් ලෝකය අනුව පෙරැළෙත්. ලෝකය ද අෂ්ටලෝකධර්මයන් අනුව පෙරැළෙයි. කවර අටදෙනෙක යත්:
ලාභ යැ අලාභ යැ අයස යැ යසයැ නින්දා යැ පසංසා යැ සුඛ යැ දුක්ඛ යැ යන අට යි. මහණෙනි, මේ අට ලෝදහම්හු ලෝකය අනුව පෙරැළෙත්. ලෝකය ද මේ අටලෝදහම් අනුව පෙරැළෙයි.
මහණෙනි, අශ්රැතවත් පෘථග්ජනයාහට ලාභයත් උපදියි, අලාභයත් උපදියි, අයසත් උපදියි, යසත් උපදියි, නින්දාත් උපදියි, පසංසාත් උපදියි, සුඛත් උපදියි, දුක්ඛත් උපදී.
මහණෙනි, ශ්රැතවත් ආර්ය්යශ්රාවකයාහට ද ලාභත් උපදනේ ය, අලාභත් උපදනේ ය, යසත් උපදනේ ය, අයසත් උපදනේ ය, නින්දාත් උපදනේ ය, ප්රශංසාත් උපදනේ ය, සුඛත් උපදනේ ය, දුඃඛත් උපදනේ යි.
2. මහණෙනි, එහිලා අශ්රැතවත් පෘතග්ජනයාට වඩා ශ්රැතවත් ආර්ය්යශ්රාවකයාගේ වෙසෙස කවර, අධික ප්රයෝගය කවර, නානාකරණය කවරැ?
වහන්ස, ධර්මයෝ භාග්යවතුන් වහන්සේ ප්රභව කොට පවත්නාහ, භාග්යවතුන් වහන්සේ නේතෘ කොට ගෙන පවත්නාහ, භාග්යවතුන් වහන්සේ පිළිසරණ කොට ගෙන පවත්නාහ. වහන්ස, එකැතින් තෙල භාෂිතයාගේ අර්ත්ථය භාග්යවතුන් වහන්සේට ම වැටහේ නම් මැනැවි. භික්ෂූහු භාග්යවතුන් වහන්සේගේ සමීපයෙන් අසා දරන්නාහ යි.
මහණෙනි, එසේ නම් අසව මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි යි.
‘වහන්ස, එසේය’යි ඒ මහණහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
3. මහණෙනි, අශ්රැතවත් පුහුදුන්හට ලාභයෙක් උපදනේ ය. හේ මෙසේ නුවණින් නොදක්නේ ය: “මට මේ ලාභයෙක් උපන, හෙ ද වනාහි අනිස යැ, දුක යැ, පෙරළෙනසැහැවි යැ”යි මෙසේ ඇති සැටියෙන් නොදන්නේ ය. අලාභයෙක් උපදනේ ය. -පෙ- යශසෙක් උපදනේ ය ... අයශසෙක් උපදනේ ය ... නින්දායෙක් උපදනේ ය ... ප්රශංසායෙක් උපදනේ ය ... සුඛයෙක් උපදනේ ය ... දුකෙක් උපදනේ ය ... මෙසේ හේ නුවණින් නො දක්නේ ය: “මට දුකෙක් උපන, හෙ ද වනාහි අනිසා යැ, දුකයැ, පෙරළෙන සැහැවි යැ’යි ඇති සැටි නො දන්නේ ය.
ලාභයත් ඔහු සිත මැඩගෙන සිටුනේ ය, අලාභයත් සිත මැඩගෙන සිටුනේ ය, යශසත් සිත මැඩගෙන සිටුනේ ය, අයශසත් සිත මැඩගෙන සිටුනේ ය, නින්දාවත් සිත මැඩගෙන සිටුනේ ය, ප්රශංසාවත් සිත මැඩගෙන සිටුනේ ය, සුඛයත් සිත මැඩගෙන සිටුනේ ය, දුකත් සිත මැඩගෙන සිටුනේ යි. හේ උපන් ලාභය නිමිති කොට ඇලෙයි, අලාභය නිමිති කොට විරෝධ කෙරෙයි. උපන් යශස් නිමිති කොට ඇලෙයි, අයශස් නිමිති කොට විරෝධ කෙරෙයි. උපන් ප්රශංසාව නිමිති කොට ඇලෙයි, නින්දාව නිමිති කොට විරෝධ කෙරෙයි. උපන් සුව නිමිති කොට ඇලෙයි, දුක් නිමිති කොට විරෝධ කෙරෙයි. හේ මෙසේ අනුරෝධ විරෝධයට වැදුනේ ජාතියෙනුදු ජරායෙනුදු මරණිනුදු ශෝකයෙනුදු පරිදේවයෙනුදු දුකිනුදු දොම්නසිනුදු උපායාසයෙනුදු නො මිදෙයි. වර්තදුඃඛයෙන් නො මිදෙන්නේ යි කියමි.
4. මහණෙනි, ශ්රැතවත් අරීසවුහට ද ලාභයෙක් උපදියි, හේ මෙසේ සලකයි: මට මේ ලාභයෙක් උපන, එ ද වනාහි අනිත්ය ය, දුඃඛ ය, පෙරළෙන සැහැවි ඇතැ යි යථාභූතව දන්නේ ය. අලාභයෙක් උපදනේ ය ... යශසෙක් උපදනේ ය ... අයශසෙක් උපදනේ ය ... ප්රශංසායෙක් උපදනේ ය ... නින්දායෙක් උපදනේ ය ... සුඛයෙක් උපදනේ ය ... දුඃඛයෙක් උපදනේ ය ... හේ මෙසේ සලකයි: