7. 2. 1. 4.
[සීහසේනාපති සූත්‍රය]
4. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වෛශාලි නගර සමීපයෙහි වූ මහාවනයෙහි කූටාගාරශාලාවෙහි වැඩවසනසේක. එකල්හි සීහසේනාපති භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස්හි හුන් සීහසේනාපති භාග්‍යවතුන් වහන්සේට තෙල කාරණය සැළකෙළේ ය:
“වහන්ස, සාන්දෘෂ්ටික වූ (තමන් ම දන්නා) දානඵල පැනැවිය හැකිදැ”යි?
(1) “සීහය, එකරුණින් එහි ලා තා ම පුළුවුස්මි, යම් පරිද්දෙකින් තට වැටහේ නම්. එපරිද්දෙන් එ විසඳුව”යි.
සීහය, එ කිමැ’යි හඟිහි ද? මෙ ලෙව්හි පුරුෂයෝ දෙදෙනෙක් වන්නාහ: එක් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරුමල ඇතියේ, තද මසුරුබව ඇතියේ පරිභාෂික (අනුනට ගරහන්නේ) වෙයි. එක් පුරුෂයෙක් සැදැහැතියේ දානපති වූයේ දන්දීමෙහි ඇලුනේ වෙයි. සීහය, එ කිමැයි හඟනාව, ශ්‍රද්ධා රහිත වූ මසුරු වූ තදමසුරා වූ පරිභව කොට බෙණෙන යම් පුරුෂයෙක් හෝ වේ ද, ශ්‍රද්ධා ඇති දානපති වූ පුනපුනා දීමෙහි ඇලුනු යම් පුරුෂයෙක් හෝ වේ ද, (සිතින්) අනුකම්පා කරණ රහත්හු (ඔවුනතුරෙන්) කවරක්හට පළමුකොට අනුකම්පා කරන්නාහු දැයි?
වහන්ස, යම් පුරුෂයෙක් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරුවූයේ පරිභාෂක වේ නම්, අනුකම්පා කරණ රහත්හු ඔහුට කවර හෙයින් පළමු කොට අනුකම්පා කරන්නාහු ද, වහන්ස, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා ඇතියේ දානපති වූයේ පුනපුනා දානයෙහි ඇලුනේ නම්, අනුකම්පා කරණ රහත්හු ඔහුට ම පළමු අනුකම්පා තරක්කාහ යි,
(2) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක වේ නම්, යම් පුරුෂයෙකුත් ශ්‍රද්ධා ඇතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ නම්, වෙත පැමිණෙන රහත්හු (ඔවුනතුරෙන්) කවරකු වෙත ප්‍රථමයෙන් එළැඹෙන්නාහු දැයි.
වහන්ස, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක වේ නම්, පළමු එළඹෙන රහත්හු කවර හෙයින් ඔහු කරා එළැඹෙන්නාහු ද, වහන්ස, යම් පුරුෂයෙකුත් ශ්‍රද්ධා ඇතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි නියැලුනේ වේ නම්, වෙත එළැඹෙන රහත්හු ඔහු කරා ම පළමු එළැඹෙන්නාහ.
(3) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නොවූයේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක හෝ වේ නම්, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා වූයේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ නම්, දන් පිළිගන්නා රහත්හු (ඔවුනතුරෙන්) කවරකුගේ දන් වෙත පළමු පිළිගන්නාහු දැයි.
වහන්ස, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක වේ නම්, දන් පිළිගන්නා රහත්හු කවර හෙයින් ඹහුගේ දන් පළමු පිළිගණිත් ද, වහන්ස, යම් පුරුෂයෙක් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ නම්, දන් පිළිගන්නා රහත්හු පළමු කොට ඹහුගේ ම දන් පිළිගන්නාහ.
(4) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක හෝ වේ නම්, යම් පුරුෂයෙකුත් ශ්‍රද්ධා ඇතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ නම්, ධර්‍මදේශනා කරණ රහත්හු උන්ගෙන් කවරකුහට ප්‍රථමයෙන් ධර්‍මය දෙසන්නාහු දැයි.
ස්වාමීනි, යම් පුරුෂයෙක් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ නිගන්නේ වේ ද, දහම් දෙසන රහත්හු කවර හෙයින් ඔහුට පළමු දම් දෙසත් ද, ස්වාමීනි, සැදැහැති දානපති වූ අනුප්‍රදානයෙහි ඇලුනු යම් පුරුෂයෙක් වේ නම්, දහම් දෙසන රහත්හු ඔහට මැ පළමු කොට දහම් දෙසත්.
(5) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙකුත් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ නිගන්නේ වේ ද, යම් පුරුෂයෙකුත් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි නියැලුනේ වේ ද, (ඔවුනතුරින්) කවරක්හුගේ කලණ කිත් ගොස උස් ව නැගේ ද?
ස්වාමීනි, යම් පුරුෂයෙකුත් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ නිගන්නේ නම්, කවර හෙයින් ඔහුගේ කලණ කිත් ගොස උස්ව නැගේ ද? ස්වාමීනි, යම් පුරුෂයෙකුත් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි නියැලියේ වේ නම්, ඔහුගේ ම කලණ කිත් ගොස උස් ව නැගෙයි.
(6) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙකුත් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පාරිභාෂක වේ ද, යම් පුරුෂයෙක් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි නියැලියේ වේ ද, (ඔවුනතුරෙහි) කැත් පිරිසකට වේවයි බමුණු පිරිසකට වේවයි ගැහැවි පිරිසකට වේවයි මහණ පිරිසකට වේවයි යම් මැ පිරිසකට එළැඹේ නම් කවරෙක් අමඞ්කු වූයේ විශාරද ව එළඹේ ද?