7. 2. 1. 10.
[සත්තභරියා සූත්රය]
10. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වු අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි භාග්යවතුන් වහන්සේ පූර්වහ්න සමයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ අනාථපිණ්ඩික ගෘහපතිහුගේ නිවෙස්නට වැඩිසේක. වැඩ පැන වූ අස්නෙහි වැඩහුන්සේක.
එ වෙලායෙහි අනේපිඬුසිටුහුගේ නිවෙස්හි මිනිස්සු උස්හඬ ඇත්තාහු මහහඬ ඇත්තාහු වෙති. එක්බිති අනේපිඬු ගැහැවි භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පස්හි හුන් අනේපිඬුගැහැවි හට භාග්යවතුන් වහන්සේ තෙල වදාළහ:
ගෘහපතියෙනි, කවරහෙයින් තාගේ ගෙහි මිනිස්සු කෙවුලන් මසුන් පැස තැබූ තැන් සෙයින් උස්හඬ ඇත්තාහු මහහඬ ඇත්තාහු වෙත් දැයි.
වහන්ස, සුජාතා නම් වු මෙ ආඪ්ය වූ කුල දුවක් කුලයෙකින් ගෙණෙනලදු. (මෝ මාගේ) නැදි යයි කියා හෝ නො ම ගන්නී ය. (මෙ මාගේ) මයිල් යයි කියා හෝ නො ගණී. (මෙ මා) හිමි යි හෝ නො ගන්නී ය. භාග්යවතුන් වහන්සේට හෝ සත්කාර නො කරයි. ගුරුකාර නෙකරයි. බුහුමන් නොකරයි. නො පුදයි.
එක්බිති භාග්යවතුන් වහන්සේ සුජාතා කුලදුව ඇමතූසේක. සුජාතාවෙනි, මෙහි එව’යි. වහන්ස, එසේ ය යි සුජාතාකුලදූ භාග්යවතුන් වහන්සේට පිළිවදන් අස්වා භාග්යවතුන් වහන්සේ කරා එළැඹියා ය. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුනු. එකත්පස්හි හුන් සුජාතා කුලදුවට භාග්යවතුන් වහන්සේ තෙල කරුණ වදාළසේක:
සුජාතාවෙනි, පුරුෂයෙකුට මේ භාර්ය්යා සත් දෙනෙක් වෙති. කවර සත් දෙනෙක යත්:
වධකසමා ය, චෝරීසමා ය, ආර්ය්යසමා ය, මාතුසමා ය, භගිනීසමා ය, සඛීසමා ය, දාසිසමා ය යි. සුජාතාවෙනි, පුරුෂයාට මේ සත් බිරියෝ වෙත්.
ඔවුනතුරෙන් තී කවරක් වෙහි දැයි?
වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ තෙල භාෂිතයාගේ අර්ත්ථය විතර විසින් මම නො දනිම් මැයි.
වහන්ස, භාග්යවතුන් වහන්සේ සැකෙවින් වදාළ තෙල භාෂිතයාගේ අර්ත්ථය යම් පරිද්දෙකින් විතර විසින් දැනගන්නෙම් නම් මට එපරිද්දෙන් ධර්මය දෙසන සේක්වා යි.
සුජාතාවෙනි, එකරුණින් අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි යි. වහන්ස එසේ යයි සුජාතා කුල දූ තොමෝ භාග්යවතුන් වහන්සේ ට පිළිවදන් ඇස්වූ ය. භාග්යවතුන් වහන්සේ තෙල වදාළහ:
51. යම් බිරියක් ප්රදුෂ්ට සිත් ඇත්තී ද, හිතානුකම්පා නැත්තී ද, පරපුරුෂයන් කෙරෙහි ඇලුනී ද, සිය සැමියා ඉක්ම සිතා ද, ධනයෙන් විකොට ගන්නා ලද්දී වධ කිරීමට උත්සුක වේ ද, පුරුෂයකුගේ මෙබඳු යම් බිරියක් වන්නී නම් ඕ වධක වැනි ය යි ද භරියා යි ද කියනු ලබා.
52. ස්ත්රියගේ හිමි තෙම වෙණදහම් ගොවිකම් කරමින් යම් ධනයක් ලබා ද, ස්ත්රී එ ධනයෙන් අල්පයකුදු පැහැරගණු කැමැති වෙද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම්, ඕ සෙර ය යි ද බිරිය යි ද කියනු ලබා.
53. (යම් බිරියක්) කටයුතු නො රුස්නී අලස වූවා බොහෝ කොට අනුභව කරන්නී රළු වූවා සැඬ වූවා කැකුළු තෙපුල් කියන්නී හිමිහුගේ උත්ථානසම්පදාව මැඩගෙණ වැටෙන්නී වී ද, පුරුෂයාගේ මෙබඳු ඒ බිරිය ආර්ය්යා ය යි ද භාර්ය්යා ය යි ද කියනු ලබයි.
54. යම් බිරියක් හැම විට හිතානුකම්පා ඇත්තී මවක් පුතකු සෙයින් හිමියා රක්නී ද වැලිදු ඔහු විසින් උපයනලද ධනයත් රක්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඕ මාතෘ ය යි ද භාර්ය්යා ය යි ද කියනු ලබා.
55. දෙටු බෑයා කෙරෙහි කණිටු බුහුන යම්සේ පවත්නී ද, එසෙයින් සිය හිමිහු කෙරෙහි ගෞරව සහිත වේ ද, ලජ්ජා සිත් ඇත්තී ද, හිමිහුගේ වශය අනුව වැටෙන්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඕ භගිනි ය යි ද භාර්ය්යා ය යි ද කියනු ලබා.
56. මෙ ලොව්හි යම් බිරියක් බොහෝ කලෙකින් පැමිණි යහළුවකු දැක තුටු වන යෙහෙළියක සෙයින් සිය හිමිහු දැක ප්රමුදිත වී නම්, කුලසපන් වූවා සිල්වත් වූවා පතිව්රත ඇත්තී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඕ යෙහෙලියක් ය යි ද බිරිය ය යි ද කියනු ලබා.
57. (හිමියා විසින්) දඬු ගෙණ වධයෙන් තර්ජනය කරණලද්දී නො කිපුනි ම දුෂ්ට චිත්ත නැත්තී හිමිහට ක්ෂමා කරන්නී ද, නො කිපෙනසුලු වූවා හිමියාගේ වශයෙහි වැටෙන්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම්, ඕ දාසි ය යි ද භාර්ය්යා ය යි ද කියනු ලබා.