7. 2. 1. 1.
[අව්යාකතවත්ථු සූත්රය]
[සැවැත්නිදාන යි]
1. එකල්හි අන්යතර මහණෙක් භාග්යවතුන් කරා පැමිණියේ ය. පැමිණ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස්හි හුන් එ මහණ භාග්යවතුන් වහන්සේට තෙල කරුණ කී ය:
වහන්ස, යම් කරුණෙකින් (ඒකාංශව්යාකරණාදී විසින්) අව්යාකෘත වස්තූන් කෙරෙහි ශ්රැතවත් ආර්ය්යශ්රාවකහට විචිකිත්සා නූපදනේ නම්, එයට හේතු කවරේද, ප්රත්යය කවරේ දැයි.
මහණ, දෘෂ්ටිනිරෝධහේතුයෙන් ශ්රැතවත් ආර්ය්යශ්රාවක හට අව්යාකෘත වස්තූන් කෙරෙහි විචිකිත්සා නූපදනේ ය.
මහණ, මරණින් මතු තථාගත (සත්ත්ව) වන්නේ ය යන තෙල කරුණ මිථ්යාදෘෂ්ටිමාත්රයක. මහණ, මරණින් මතු තථාගත (සත්ත්ව උපත් විසින්) නොවන්නේ යන තෙල කරුණ මිථ්යාදෘෂ්ටිමාත්රයක. මහණ, මරණින් මතු තථාගත වෙයි, නොවෙයි යන තෙල කරුණ දෘෂ්ටිගතයෙකි. මහණ, මරණින් මතු තථාගත නො මැ වෙයි, නො වන්නේ නො වෙයි යන තෙල කරුණ මිථ්යාදෘෂ්ටිමාත්රයකි.
මහණ, අශ්රැතවත් පෘථග්ජන දෘෂ්ටිය නො ම දන්නේ ය. දෘෂ්ටිසමුදය නො ම දන්නේ ය. දෘෂ්ටිනිරෝධය නො ම දන්නේ ය. දෘෂ්ටිනිරෝධගාමනී ප්රතිපද් නො ම දන්නේ ය. ඔහුගේ එ දෘෂ්ටිය ප්රකර්ෂයෙන් වැඩෙයි. හෙ ජාතියෙනුදු ජරාමරණිනුදු ශෝකයෙනුදු පරිදේවයෙනුදු දුකිනුදු උපායාසයෙනුදු නො මිදෙයි. වෘත්තදුඃඛයෙන් නො මිදේ යයි කියමි.
මහණ, ශ්රැතවත් ආර්ය්යශ්රාවක දෘෂ්ටිය දන්නේ ය, දෘෂ්ටිසමුදය දන්නේ ය, දෘෂ්ටිනිරෝධය දන්නේ ය, දෘෂ්ටිනිරෝධගාමිනීප්රතිපද් දන්නේ ය. ඔහුගේ එ දෘෂ්ටිය නිරුද්ධ වෙයි. හෙ ජාතියෙනුදු ජරාමරණිනුදු ශෝකයෙනුදු පරිදේවයෙනුදු දුකිනුදු උපායාසයෙනුදු මිදෙයි. වෘත්තදුඃඛයෙන් මිදේ යයි කියමි.
මහණ, මෙසෙයින් දන්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක මෙසේ දක්නේ “තථාගත මරණින් මතු උපත් විසින් වන්නේ” ය යි ද නො පවසන්නේ ය. “තථාගත මරණින් මතු නො වන්නේ” ය යි ද නො පවසන්නේ ය. “තථාගත මරණින් මතු වන්නේ ය, නො ද වන්නේ ය” යි ද ප්රකාශ නො කෙරෙයි. “තථාගත මරණින් මතු නො මැ වන්නේ ය, නො වන්නේ නො වේ” ය යි ද ප්රකාශ නො කෙරෙයි. මහණ, මෙ සෙයින් අරිසවු දන්නේ මෙසේ දක්නේ අව්යාකෘත වස්තූන් කෙරෙහි අව්යාකරණ ස්වභාව ඇතියේ වෙයි.
මහණ, මෙසෙයින් දන්නේ ශ්රැතවත් අරීසවු මෙසේ දක්නේ අව්යාකෘත වස්තූන්හි නො තැතිගන්නේ ය, කම්පිත නොවන්නේ ය, නො සැලෙන්නේ ය, නො වෙවුලන්නේ ය, සන්ත්රාසයට නො පැමිණෙන්නේ ය.
මහණ, තථාගත මරණින් මතු වන්නේ ය යන තෙල දෘෂ්ටි තෘෂ්ණායෙක, තෙල දෘෂ්ටි සංඥායෙක, තෙල දෘෂ්ටි මඤ්ඤිතයෙක, තෙල දෘෂ්ටි ප්රපඤ්චිතයෙක, තෙල දෘෂ්ටි උපාදානගතයෙක, තෙල විප්රතිසාරයෙකි.
මහණ, මරණින් මතු තථාගත නො වෙයි යන ... තෙල විප්රතිසාරයෙකි. මහණ, තථාගත මරණින් මතු වෙයි නො ද වෙයි යන ... තෙල විප්රතිසාරයෙකි. මහණ, තථාගත මරණින් මතු නො ම වන්නේ ය නො වන්නේ නො වේ ය යන ... තෙල විප්රතිසාරයෙකි.
මහණ, අශ්රැතවත් පෘථග්ජන විප්රතිසාරය නො දන්නේ ය. විප්රතිසාරසමුදය නො දන්නේ ය. විප්රතිසාරනිරෝධය නො දන්නේ ය, විප්රතිසාරනිරෝධගාමිනීප්රතිපද් නො දන්නේ ය. ඔහුගේ එ විප්රතිසාරය වැඩෙයි. හෙ ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකෙන් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදේ, සසරදුකින් නොමිදේ යයි කියමි.
මහණ, ශ්රැතවත් ආර්ය්යශ්රාවක විප්රතිසාරය දන්නේ ය. විප්රතිසාරසමුදය දන්නේ ය. විප්රතිසාරනිරෝධය දන්නේ ය, විප්රතිසාරනිරෝධගාමිනීප්රතිපද් දන්නේ ය. ඔහුගේ එ විප්රතිසාරය නිරුද්ධ වෙයි. හෙ ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකෙන් දොම්නසින් දැඩි ආයාසයෙන් මිදෙයි, සසරදුකින් මිදේ යයි කියමි.
මහණ, මෙසේ දන්නා මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක ‘තථාගත මරණින් මතු වන්නේ ය’යිද ප්රකාශ නො කරයි. ‘තථාගත මරණින් මතු නො වන්නේ ය’යිද ප්රකාශ නො කරයි. ‘තථාගත මරණින් මතු වන්නේ යයි ද නො වන්නේ ය’යිද ප්රකාශ නො කරයි. ‘තථාගත මරණින් මතු නො මැ වන්නේ ය, නො ද නො වන්නේ ය’යි ද ප්රකාශ නො කරයි.
මහණ, ශ්රැතවත් අරීසවු මෙසේ දන්නේ මෙසේ දක්නේ අව්යාකෘත වස්තූන්හි මෙසේ අව්යාකරණ ස්වභාව ඇති වෙයි.
මහණ, මෙසේ දන්නේ මෙසේ දක්නේ ශ්රැතවත් අරීසවු අව්යාකෘත වස්තූන්හි නො තැති ගන්නේ ය, කම්පිත නො වන්නේ ය, නො සැලෙන්නේ ය. නො වෙවුලන්නේ ය, සන්ත්රාසයට නො පැමිණෙන්නේ ය.
මහණ, යම් හෙයකින් ශ්රැතවත් ආර්ය්යශ්රාවක හට අව්යාකෘතවස්තූන්හි විචිකිත්සා නූපදනේ නම්, මේ එයට හේතු වෙයි, මෙ ප්රත්යය වෙයි.
7. 2. 1. 2.
[පුරිසගති සූත්රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, සප්ත පුරුෂ (පුරුෂයාගේ ඥාන) ගති හා අප්රත්යය නිර්වාණය හා දෙසන්නෙමි. එ අසව, මනා කොට මෙනෙහි කරව, කියන්නෙමි’ යි. වහන්ස, එසේ ය යි එ මහණහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල දේශනාව වදාළහ.