7. 1. 5. 5.
[සඞ්ඛිත්තසත්තසඤ්ඤා සූත්රය]
[සැවැත්නිදාන යි]
48. මහණෙනි, මෙ සත් සංඥාවෝ භාවිත වූවාහු බහුලීකෘත වූවාහු මහත්ඵල ඇත්තාහු මහානෘශංස ඇත්තාහු වෙති. නිවණට බැසගත්තාහු නිවණ පර්ය්යවසාන කොට ඇතියාහු වෙත්. කවර සත් දෙනෙක යත්:
අසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, සර්වලෝකයෙහි අනභිරතසඤ්ඤා ය, අනිච්චසඤ්ඤා ය, අනිත්යයෙහි දුක්ඛ සඤ්ඤා ය, දුක්ඛයෙහි අනත්තසඤ්ඤා යි.
මහණෙනි, භාවිත බහුලීකෘත මෙ සත් සංඥාවෝ මහත්ඵල ඇත්තාහු මහානිසංස ඇත්තාහු අමෘතාවගධ අමෘතපර්ය්යවසාන වෙත් යි.
7. 1. 5. 6.
[විත්ථතසත්තසඤ්ඤා සූත්රය]
[සැවැත්නිදාන යි]
49. මහණෙනි, මෙ සත් සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානිසංස ඇත්තාහු අමෘතවගාහ වූවාහු අමෘතය පර්ය්යවසාන කොට ඇතියාහු වෙත්. කවර සත් දෙනෙක යත්:
අසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, සබ්බලෝකයෙහි අනභිරතසඤ්ඤා ය, අනිච්චසඤ්ඤා ය, අනිච්චයෙහි දුක්ඛසඤ්ඤා ය, දුක්ඛයෙහි අනත්තසඤ්ඤා යි.
මහණෙනි, මෙ සප්ත සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු, මහත්ඵල මහානිශංස ඇතියාහු අමෘතවගාහ වූවාහු අමෘතපර්ය්යවසාන වූවාහු වෙතැයි.
(1) මහණෙනි, ‘අසුභසංඥා භාවිත වූවා, බහුලීකෘත වූවා මහත්ඵල වෙයි, මහානිශංස වෙයි, අමෘතාවගධ (අමෘතයට පිහිට) වෙයි, අමෘතපර්ය්යාවසාන වෙයි,’ යන යමක් කියනලද නම් තෙලෙ කරුණ කුමක් පිණිස කියනලද ය යත්:
මහණෙනි, අශුභසංඥායෙහි පරිචිත (පුරුදු) චිත්තයෙන් බහුල කොට වෙසෙන භික්ෂුහුගේ චිත්තය මෙවුන්දම් සමවතින් සැඟැවෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි. උපේක්ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටයි.
මහණෙනි, කුකුළුපියාපතක් හෝ නහරකඩක් හෝ ගින්නෙහි බහාලන ලදුයේ යම් සෙයින් සැඟැවේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඍජුව නො යේ ද, මහණෙනි, එසෙයින් ම අශුභයෙහි පරිචිත වූ චිත්තයෙන් බහුල කොට වාස කරණ මහණහුගේ චිත්තය මෛථුනධර්ම සමාපත්තියෙන් සැඟැවෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි. උපේක්ෂාව හෝ පිළිකුල්බව හෝ පිහිටනේ ය.
මහණෙනි, ඉදින් අශුභ සංඥායෙහි පරිචිත චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය මෛථුනසමාපත්තියෙහි අනුගතව පවතී නම්, ප්රතිකූලතාව හෝ නො සිටුනේ නම්, මහණෙනි, “මා විසින් අශුභසංඥා නො වඩනාලදු, පෙර නොවැඩූ කල්හි සෙයින් අශුභසංඥා වැඩූ පසුකල්හිදු විශේෂ (ලාභ) යෙක් මට නැත. මා විසින් භාවනාඵලය නො ලබනලදැ”යි එ භික්ෂුහු විසින් තෙල කරුණ දත යුතුයි. මෙසෙයින් එ කරුණෙහි ලා (හේ) මනා පැණැතියේ වන්නේ ය.
මහණෙනි, ඉදින් අශුභසංඥායෙහි පරිචිත චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය මෛථුනධර්ම සමාපත්තියෙන් සැඟැවේ නම් හැකිළේ නම්, පෙරළේ නම්, ඉදු ව නො යේ නම්, උපේක්ෂාව හෝ පිළිකුල්බව හෝ සිටුනේ නම්, මහණෙනි, “මා විසින් අශුභසංඥා වඩනා ලදු, මට පෙරැට (භාවනා නො වැඩූ කලට) වැඩි විශේෂයෙක් වැඩූ පසුකල්හි ඇත, මට භාවනාවෙහි ඵල ඇතැ”යි එ භික්ෂුහු විසින් දත යුතු යි. මෙසේ එ කරුණෙහි ලා මනාකොට දන්නේ වෙයි.
මහණෙනි, “භාවිත වූ බහුලීකෘත වූ අශුභසංඥා මහත්ඵල වේ, මහානිශංස වේ, අමෘතොගධ අමෘතපර්ය්යාවසාන වේ” යයි යමක් කියන ලද නම්, තෙල මෙ සඳහා කියන ලදි.
(2) මහණෙනි, “භාවිත වූ බහුලීකෘත වූ මරණසංඥා මහත්ඵල මහානිශංස වෙයි, අමෘතොගධ අමෘතපර්ය්යවසාන වේ”යයි මෙසේ යමක් කියනලද නම්, තෙල කරුණ කවර කරුණක් පිණිස කියනලද ය යත්:
මහණෙනි, මරණසංඥායෙහි පරචීත සිතින් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය ජීවිතනික්කාන්තියෙන් සැඟැවෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි. උපේක්ෂාව හෝ ප්රතිකූලභාවය හෝ සිටුනේ ය.
මහණෙනි, කුකුළු පියාපතක් හෝ නහරකැබැල්ලක් හෝ ගින්නෙහි බහනලදුයේ යම් පරිදි සැඟැවේ ද, හැකිළේ ද, පෙරළී යේ ද, ඉදු ව නො යේ ද, මහණෙනි, එ පරිදි ම මරණසංඥායෙහි පරිචිත චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ සිත ජිවිතනිකාන්තියෙන් සැඟැවෙයි, හැකිළෙයි, පෙරළී යයි, ඉදුව නො යෙයි. උපේක්ෂාව හෝ පිළිකුල්බව හො පිහිටනේ ය.