7. 1. 3. 10.
[උපාසක විපත්ති සූත්රය]
[සැවැත්නිදාන යි]
30. මහණෙනි, උපාසකහට මේ විපත් සතෙකි ... මහණෙනි, උපාසකහට මේ සම්පත් සතෙකි ...
7. 1. 3. 11.
[උපාසක පරාභව සූත්රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, උපාසකහට මෙ පරාභව සතෙකි ...
මහණෙනි, උපාසකහට මේ සම්භව සතකි. කවර සතෙක යත්:
භික්ෂුදර්ශනය නො පිරිහෙළයි. සද්ධර්මශ්රවණයට පමා නො වෙයි. අධිශීලයෙහි හික්මෙයි. ස්ථවිර මධ්යම නවක භික්ෂූන් කෙරෙහි ප්රසාද බහුල වෙයි. උපාරම්භ සිත් නැති ව රන්ධ්රවෙෂි නො ව ධර්මය අසයි. මෙ සස්නෙන් බැහැර දක්ෂිණාර්හයන් නො සොයයි. මෙහි ම පූර්වාකාර කෙරෙයි.
මහණෙනි, උවසුහුගේ මේ සම්භව සත යි.
22. යම් උවසුවෙක් භාවිත සිත් ඇති මහණුන්ගේ දර්ශනය හා ආර්ය්යධර්මයන්ගේ ශ්රවණය පිරිහෙළා ද, අධිශීලයෙහි නො හික්මේ ද,
පරිහානීයධර්ම සේවන කරණ උපාසක තෙමේ සද්ධර්මයෙන් පිරිහේ ය යි ...
[29. මේ ස්වාඛ්යාත වූ සත් අපරිහානීය ධර්ම සේවනය කරණ උපාසක තෙම සද්ධර්මයෙන් නො පිරිහේ යයි.]
වජ්ජිසත්තක වර්ගය තුන්වැනි යි.
එහි උද්දානය:
සාරන්දද සූත්රය, වස්සකාර සූත්ර ය, භික්ෂු අපරිහානීය සූත්ර පස ය, සේඛ පරිහානි සූත්රය, උපාසක පරිහානි සූත්රය, විපත්ති සූත්රය, පරාභව සූත්රය දැයි එකොළොසෙකි.