6. 1. 4. 7.
[ඡළඞ්ගදාන සූත්රය]
37. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වේළුකණ්ටක නුවරවැසි නන්දමාතා උපාසිකා ශාරිපුත්ර මෞද්ගල්යායන ප්රමුඛ බික් සඟුන් කෙරෙහි ෂඩඞ්ග සමන්වාගත දක්ෂිණා පිහිටුවයි.
භාග්යවතුන් වහන්සේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිව්ය චක්ෂුර්ඥානයෙන් සැරියුත් මුගලන් පාමොක් බික්සඟුන් කෙරෙහි දන් පිහිටුවන වේළුකණ්ටකී නන්දමාතා උවැසිය දැක වදාළසේක්මැයි. දැකවදාරා මහණුන් ඇමැතූසේක:
මහණෙනි, තෙල වේළුකණ්ට කී නන්දමාතා උපාසිකා සැරියුත් මුගලන් පාමොක් බික්සඟුන් කෙරෙහි ෂඩඞ්ග සමන්වාගත දක්ෂිණා (දනක්) දෙයි.
මහණෙනි, කී සෙයින් ෂඩඞ්ග සමන්වාගත දක්ෂිණා වේය යත්:
මහණෙනි, මෙ කරුණෙහි ලා දායකයාගේ අඞ්ග තුණෙක් වෙයි. පිළිගාවන්ගේ අඞ්ග තුණෙක් වෙයි.
දායකයාගේ කවර අඞ්ග තුණෙක යත්:
මහණෙනි, මෙ කරුණෙහි ලා දායකතෙම දානයෙන් පූර්වයෙහි මැ සොම්නස් ඇති වෙයි. දන්දෙනුයේ සිත් පහන් කෙරෙයි. දන් දී සතුටු සිතැති වෙයි. මෙ දායකයාගේ අඞ්ග තුණ ය.
ප්රතිග්රාහකයන්ගේ අඞ්ග තුණ කවරැ යත්:
මහණෙනි, මෙ කරුණෙහි ලා පිළිගාවෝ වීතරාග හෝ වෙත්, රාග විනයට පිළිපන්නාහු හෝ වෙත්. වීත ද්වේෂ හෝ වෙත්, ද්වේෂවිනයට පිළිපන්නාහු හෝ වෙත්. වීතමෝහ හෝ වෙත්, මෝහවිනයට පිළිපන්නාහු හෝ වෙත්. මේ ප්රතිග්රාහකයන්ගේ අඞ්ග තුණ යි.
මෙලෙස දායකයාගේ අඞ්ග තුණෙක. ප්රතිග්රාහකයින්ගේ අඞ්ග තුණෙක. මහණෙනි, මෙසේ ෂඩඞ්ගසමන්වාගත දක්ෂිණා වෙයි.
මහණෙනි, මෙසේ ෂඩඞ්ගසමන්වාගත දක්ෂිණාමය පුණ්යයාගේ “මෙතරම් පුණ්යප්රවාහයෙක, කුශලප්රවාහයෙක, සුව ගෙණ දෙන්නෙක, ස්වග්රසුඛදායකය, සුඛවිපාක ඇත්තෙක, ස්වර්ගයට හිතව වැටෙන්නෙක. ඉෂ්ට කාන්ත මනාප හිත සුඛ සඳහා වැටෙන්නෙකැයි ප්රමාණය ගන්නට සුකර නො වෙයි. වැලිත් අසඞ්ඛෙය්ය අප්රමේය මහා පුණ්යස්කන්ධයෙකැ යන සඞ්ඛ්යාවට ම යෙයි.
මහණෙනි, යම් පරිදි මහ සයුරෙහි, “මෙතෙක් දියනැලි යි හෝ මෙතෙක් දියනැලිසියෙක හෝ, මෙතෙක් දියනැලි දහසෙකැයි හෝ, මෙතෙක් දිය නැලිසියදහසෙකැයි හෝ ජල ප්රමාණය ගන්නට නො හැකි වේ ද, වැලිත් අසඞ්ඛෙය්ය අප්රමේය වූ මහදියකඳෙකැයි ම සඞ්ඛ්යාවට යේ.
මහණෙනි, එපරිදි ම මෙසේ ෂඩඞ්ගසමන්වාගත දක්ෂිණායෙහි මෙපමණ පුණ්යෝපප්රාප්තියෙක, මෙපමණ කුශලොපප්රාප්තියෙක, සුවගෙණ දෙන්නෙක, ස්වග්රසුඛ දායකය, සුඛ විපාක ඇතියෙක, ස්වර්ගයට හිතව වැටෙන්නේය, ඉෂ්ට කාන්ත මනාප හිත සුව පිණිස වැටෙන්නේ යයි පුණ්යයාගේ ප්රමාණය ගණුවට සුකර නෙ වේ. වැලිත් අසඞ්ඛෙය්ය අප්රමේය මහා පුණ්යස්කන්ධයෙක ම යන සඞ්ඛ්යාවට යෙයි.
14. දෙනුවට පළමු මැ සොම්නස් සහගියා වන්නේය. දෙමින් සිත් පහදන්නේ ය. දන් දී (ඉක්බිති) සතුටු සිතැති වන්නේ ය. තෙල දානයාගේ පරිපූර්ණතා යි.
15. වීතරාග වූ වීත ද්වේෂ වූ වීතමෝහ වූ අනාස්රව වූ ශීල සංයමයෙන් (කායිකවාචසිකසංවරයෙන්) සංයත වූ බ්රම්සැරිහු යඥ සඞ්ඛ්යාත දානයට සම්පන්න ක්ෂේත්ර යි.
16. තමා ම අත්පා දෙවැ සියතින් දීමෙන් (දායක සඞ්ඛ්යාත) තමාගෙනුදු (ප්රතිග්රාහක සඞ්ඛ්යාත) පරාගෙනුදු තෙල යඥය මහත්ඵල වෙයි.
17. මෙසේ (රුවන් තියා කෙරෙහි) සැදැහැති ධාරණ ප්රඥා ඇති පණ්ඩිත තෙම (ලාභමාත්සර්ය්යාදින්) මුත් සිතින් දන්වැට පවත්වා නිදුක් සුව ඇති ස්වර්ගලෝකයට එළැඹෙන්නේ යි.
6. 1. 4. 8.
[අත්තකාර සූත්රය]
[සැවැත්නිදාන යි]
38. එකල්හි අන්යතර බ්රාහ්මණයෙක් භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු ස්මරණාර්හ කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, “මම වනාහි ආත්මකාරයෙක් (තමන් කරණ ක්රියා) නැත. පරකාරයෙක් (අනුන් කරණ ක්රියා) නැත යන මෙබඳු වාද ඇතියෙම්, මෙබඳු දෘෂ්ටි ඇතියෙම් වෙමි”යි.
බ්රාහ්මණය, මෙබඳු වාද ඇතියකු මෙබඳු දෘෂ්ටි ඇතියකු මම නහමක් දකිම්වා, (අසුවල් තැන වෙසෙතැයි) නහමක් අසම් ව යි. කිසෙයින් නම් තෙමේ අභික්රමණ කරණුයේ තෙමේ ප්රතික්රමණ කරණුයේ “ආත්මකාරයෙක් නැත, පරකාරයෙක් නැතැ”යි කියන්නේ ද?
බ්රාහ්මණය, ‘ආරම්භධාතුයෙක් (ක්රියා කිරීමෙහි පළමු උපදනා වීර්ය්යය) ඇත’ යන එය කිම හඟිහිදැ?යි.
පින්වතුන් වහන්ස, එසේ ඇති යයි.
ආරම්භධාතු ඇතිවත්ම ප්රථමාරම්භවීර්ය්යවත් සත්ත්වයෝ පැණෙත් ද?
‘එසේ ය’ පින්වතුන් වහන්සැයි.
බ්රාහ්මණය, ‘ප්රථමාරම්භවීර්ය්යය ඇතිවත් ම ප්රථමාරම්භවීර්ය්යවත් (ප්රථමාරම්භවීර්ය්යයෙන් ක්රියා කරණ) සත්ත්වයෝ පැණෙති’ යන යමෙක් වේ නම්, මේ සත්ත්වයන්ගේ ආත්මකාර යි, මේ සත්ත්වයන්ගේ පරකාර යි.