[භික්ඛු සූත්රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, පස් කරුණෙකින් සමන්වාගත මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ ය. කවර පසෙකින් යත්:
ප්රාණවධ කරනුයේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. අබ්රම්සැරි වෙයි. මුසවා කියනුයේ වෙයි. මදප්රමාදයට කරුණු වූ රහමෙර පානය කරනුයේ වේ.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත මහණ ගෙණ වුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ වෙයි.
මහණෙනි, පස් කරුණෙකින් සමන්වාගත මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් දෙව්ලොව උපදනේ ය. කවර පසෙකින් යත්:
ප්රාණවධයෙන් වැළකුනේ වෙයි, අයිනාදන් ගැනීමෙන් වැළකුනේ වෙයි, අබ්රම්සරින් වැළකුනේ වෙයි, මුසාවාදයෙන් වැළකුනේ වෙයි, මදප්රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළකුනේ වේ.
මහණෙනි, මෙ පස් දහමින් සමන්වාගත මහණ ගෙණ වුත් තබන ලද්දකු සෙයින් දෙව්ලොව උපදනේ වේ ය යි.
[භික්ඛුනී සූත්රාදිය]
[සැවැත්නිදාන යි]
2-7. මහණෙනි, පස් කරුණෙකින් සමන්වාගත මෙහෙණ ... සික්මන් ... හෙරණ ... හෙරැණි ... උවසු ... උවැසි ගෙණවුත් තබන ලද්දක සෙයින් නිරයෙහි උපදින්නී වෙයි. කවර පසෙකින් යත්:
ප්රාණවධ කරන්නී වෙයි, අයිනාදන් ගන්නී වෙයි, කාමයෙහි මිසහසර ඇත්තී වෙයි, මුසවා කියන්නී වෙයි, මදයට හා පමාවට කරුණු වූ රහමෙර පානය කරන්නී වේ.
මහණෙනි, මෙ පස් කරුණින් සමන්වාගත උවැසි ගෙණවුත් තබන ලද්දක සෙයින් නිරයෙහි උපදින්නී වේ.
මහණෙනි, පස් කරුණෙකින් සමන්වාගත උවැසි ගෙණවුත් තබන ලද්දක සෙයින් ස්වර්ගයෙහි උපදින්නී වෙයි. කවර පසෙකින් යත්:
ප්රාණවධයෙන් වැළකුනී වෙයි, අයිනාදනින් වැළකුනී වෙයි, කාමයෙහි මිසහසරින් වැළකුනී වෙයි, මුසාවායෙන් වැළකුනී වෙයි, මදප්රමාදකාරණ වූ රහමෙරින් වැළකුනී වේ.
මහණෙනි, මෙ පස් දහමින් සමන්වාගත උවැසි ගෙණ වුත් තබන ලද්දක සෙයින් ස්වර්ගයෙහි උපදින්නී වේ යයි.
[ආජීවක සූත්රය]
[සැවැත්නිදාන යි]
8. මහණෙනි, පස් කරුණෙකින් සමන්වාගත ආජීවක (අජෙලුමහණ) ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ ය. කවර පසෙකින් යත්:
ප්රාණවධ කරනුයේ වෙයි, අයිනාදන් ගන්නේ වෙයි, අබ්රම්සැරි වෙයි, මුසාවා බණනුයේ වෙයි, මදප්රමාදයට කරුණු වූ රහමෙර පානය කරනුයේ වේ.
මහණෙනි, මෙ පස් කරුණෙන් සමන්වාගත අජෙලුමහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ යයි.