[සේනාසනපඤ්ඤාපකාදි සූත්ර]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත සේනාසන පඤ්ඤාපක මහණ සම්මත නො කටයුතු. කවර පසෙකින යත්:
ඡන්දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි, පනවන ලද නො පනවන ලද සෙනසුන් නො දනියි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත සෙනසුන් පනවන මහණ සම්මත නො කටයුතු.
මහණෙනි, පස් කරුණෙකින් සමන්වාගත සෙනසුන් පනවන මහණ සම්මත කළ යුතු. කවර පසෙකින් යත්:
ඡන්දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, භයෙන් අගතියට නො යෙයි, පනවන ලද නො පනවන ලද සෙනසුන් දනියි.
මහණෙනි, මෙ පස් කරුණෙන් සමන්වාගත සෙනසුන් පනවන මහණ සම්මත කටයුත්තේ යි.
7. මහණෙනි, පස් කරුණෙකින් සමන්වාගත සෙනසුන් ගන්වන මහණ සම්මත නො කටයුතු ... ගත් නො ගත් සෙනසුන් නො දනියි. ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] සෙනසුන් ගන්වන මහණ සම්මතකටයුතු ... ගත් නො ගත් සෙනසුන් දනියි ...
8. [මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] භාණ්ඩාගාරික මහණ සම්මත නො කටයුතු ... [ඡන්දයෙන් අගතියට යෙයි ...] ගෝපනය කළ නො කළ භාණ්ඩය නො දනියි ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] භාණ්ඩාගාරික මහණ සම්මත නො කටයුතු ... [ඡන්දයෙන් අගතියට නො යෙයි ...] ගෝපනය කළ නො කළ භාණ්ඩය දනී ...
9. [මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] සිවුරු පිළිගන්නා මහණ සම්මත නො කටයුතු ... [ඡන්දයෙන් අගතියට යෙයි ...] ගත් නො ගත් සිවුරු නො දනියි ...
[මහණෙනි, පස් කරුණෙකින් සමන්වාගත] සිවුරු පිළිගන්නා මහණ සම්මත කටයුතු ... ගත් නො ගත් සිවුරු දනියි.
10. [මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] සිවුරු බෙදන මහණ සම්මත නො කටයුතු ... බෙදූ නො බෙදූ සිවුරු නො දනී ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] සිවුරු බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ සිවුරු දනියි ...
11. [මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] හුළුකැන් බෙදන මහණ සම්මත නො කටයුතු … බෙදූ නො බෙදූ හුළුකැන් නො දනියි ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] හුළුකැන් බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ හුළුකැන් දනියි ...
12. [මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] ඵල බෙදන මහණ සම්මත නො කටයුතු … බෙදූ නො බෙදූ ඵල නො දනියි ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] ඵල බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ ඵල දනී ...
13. [මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] ඛාද්ය බෙදන මහණ සම්මත නො කටයුතු … බෙදූ නො බෙදූ ඛාද්ය නො දනියි ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] ඛාද්ය බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ ඛාද්ය දනී ...
14. [මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] මඳ පිරිකර බෙදන මහණ සම්මත නො කටයුතු … බෙදූ නො බෙදූ පිරිකර නො දනියි ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] මඳ පිරිකර බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ පිරිකර දනියි ...
15. [මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] වැසිසළු ගන්වන මහණ සම්මත නො කටයුතු ... ගත් නො ගත් වැසිසළු නො දනියි ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] වැසිසළු ගන්වන මහණ සම්මත කටයුතු ... ගත් නො ගත් වැසිසළු දනියි ...
16. [මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] පාත්රය ගන්වන මහණ සම්මත නො කටයුතු ... ගත් නො ගත් පාත්රය නො දනියි ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] පාත්රය ගන්වන මහණ සම්මත කටයුතු ... ගත් නො ගත් පාත්රය දනියි ...
17. [මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] ආරාමිකයන් මෙහෙයන මහණ සම්මත නො කටයුතු ... මෙහෙයූ නො මෙහෙයූ ආරාමිකයා නො දනියි ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] ආරාමිකයන් මෙහෙයන මහණ සම්මත කටයුතු ... මෙහෙයූ නො මෙහෙයූ ආරාමිකයා දනී ...
18. [මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] හෙරණුන් මෙහෙයන මහණ සම්මත නො කටයුතු ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණහු නොදනි ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] හෙරණුන් මෙහෙයන මහණ සම්මත කටයුතු ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණහු දනියි ...