[දුතිය භත්තුද්දෙසකාදි සූත්ර]
[සැවැත්නිදාන යි]
2-5. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත බත් උදෙසන මහණ සම්මත නො කටයුතු. සම්මත වූයේ නමුදු [බත් උදෙසනු සඳහා] නො යැවිය යුතු ... [ කවර පසෙකින් යත්: ඡන්දාගතියට යෙයි ...]
මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත බත් උදෙසන මහණ සම්මත කටයුතු, සම්මත වූයේ [බත් උදෙසනු සඳහා] යැවිය යුතු ... [කවර පසෙකින් යත්: ඡන්දයෙන් අගතියට නො යෙයි ...]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත බත් උදෙසන මහණ] බාලයෙකැ යි දතයුතු. [කවර පසෙකින් යත්: ඡන්දයෙන් අගතියට යෙයි ...]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත බත් උදෙසන මහණ] පණ්ඩිතයෙකැ යි දතයුතු. [කවර පසෙකින් යත්: ඡන්දයෙන් අගතියට නො යෙයි ...]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත භත්තුද්දෙසක] සාරා දමන ලද ගුණ ඇති නසන ලද ගුණ ඇති ආත්මය පරිහරණ කෙරෙයි. [කවර පසෙකින් යත්: … ඡන්දයෙන් අගතියට යෙයි ...]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත භත්තුද්දෙසක] නො සාරා දැමූ ගුණ ඇති නො නසන ලද ගුණ ඇති ආත්මය පරිහරණ කෙරෙයි. [කවර පසෙකින් යත්: ඡන්දයෙන් අගතියට නො යෙයි ...]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත භත්තුද්දෙසක] ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ ය ... [ඡන්දයෙන් අගතියට යයි ...]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත භත්තුද්දෙසක] ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි උපදනේ ය. කවර පසෙකින් යත්:]
ඡන්දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, භයෙන් අගතියට නො යෙයි, උදෙසන ලද නො උදෙසන ලද බව දනී.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත බත් උදෙසන මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි උපදනේ යි.
[සේනාසනපඤ්ඤාපකාදි සූත්ර]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත සේනාසන පඤ්ඤාපක මහණ සම්මත නො කටයුතු. කවර පසෙකින යත්:
ඡන්දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි, පනවන ලද නො පනවන ලද සෙනසුන් නො දනියි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත සෙනසුන් පනවන මහණ සම්මත නො කටයුතු.
මහණෙනි, පස් කරුණෙකින් සමන්වාගත සෙනසුන් පනවන මහණ සම්මත කළ යුතු. කවර පසෙකින් යත්:
ඡන්දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, භයෙන් අගතියට නො යෙයි, පනවන ලද නො පනවන ලද සෙනසුන් දනියි.
මහණෙනි, මෙ පස් කරුණෙන් සමන්වාගත සෙනසුන් පනවන මහණ සම්මත කටයුත්තේ යි.
7. මහණෙනි, පස් කරුණෙකින් සමන්වාගත සෙනසුන් ගන්වන මහණ සම්මත නො කටයුතු ... ගත් නො ගත් සෙනසුන් නො දනියි. ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] සෙනසුන් ගන්වන මහණ සම්මතකටයුතු ... ගත් නො ගත් සෙනසුන් දනියි ...
8. [මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] භාණ්ඩාගාරික මහණ සම්මත නො කටයුතු ... [ඡන්දයෙන් අගතියට යෙයි ...] ගෝපනය කළ නො කළ භාණ්ඩය නො දනියි ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] භාණ්ඩාගාරික මහණ සම්මත නො කටයුතු ... [ඡන්දයෙන් අගතියට නො යෙයි ...] ගෝපනය කළ නො කළ භාණ්ඩය දනී ...
9. [මහණෙනි, පස්කරුණෙකින් සමන්වාගත] සිවුරු පිළිගන්නා මහණ සම්මත නො කටයුතු ... [ඡන්දයෙන් අගතියට යෙයි ...] ගත් නො ගත් සිවුරු නො දනියි ...
[මහණෙනි, පස් කරුණෙකින් සමන්වාගත] සිවුරු පිළිගන්නා මහණ සම්මත කටයුතු ... ගත් නො ගත් සිවුරු දනියි.