5. 6. 1. 14-17.
[සෝතාපත්ති ඵලාදිසච්ඡිකිරියා සූත්ර]
[සැවැත්නිදාන යි]
14-17. මහණෙනි, මේ ධර්මපස ප්රහීණ නො කොට සෝවත් ඵලය සාක්ෂාත් කරන්නට … සෙදගැමිඵලය ... අනගැමිඵලය ... අර්හත් ඵලය සාක්ෂාත් කරන්නට නො නිසි වෙයි. කවර පසෙක යත්;
ආවාසමාත්සර්ය්යය, කුලමාත්සර්ය්යය, ලාභමාත්සර්ය්යයය, වර්ණමාත්සර්ය්යය, ධර්මමාත්සර්ය්ය යි.
මහණෙනි, මේ ධර්මපස ප්රහීණ නො කොට සෝවත්ඵලය සාක්ෂාත් කරන්නට ... සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්ෂාත් කරන්නට නො නිසි වෙයි.
මහණෙනි, මේ ධර්මපස ප්රහීණ කොට සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නට ... සෙදගැමි ඵලය ... අනගැමි ඵලය ... රහත් ඵලය සාක්ෂාත් කරන්නට නිසි වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්ය්යය, කුලමාත්සර්ය්යය, ලාභමාත්සර්ය්යය, වර්ණමාත්සර්ය්යය, ධර්මමාත්සර්ය්ය යි.
මහණෙනි, මේ ධර්මපස ප්රහීණ කොට ශ්රෝතාපත්තිඵලය ... සකෘදාගාමිඵලය ... අනාගාමිඵලය ... අර්හත්ඵලය සාක්ෂාත් කරන්නට භව්ය වෙයි.
5. 6. 1. 18-21.
[අපරසෝතාපතතිඵලාදි සච්ඡිකිරියා සූත්ර]
[සැවැත්නිදාන යි]
18-21. මහණෙනි, මේ ධර්මපස ප්රහීණ නො කොට සෝවත් ඵලය සාක්ෂාත් කරන්නට ... සෙදගැමි ඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්ෂාත් කරන්නට නිසි නො වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්ය්යය, කුලමාත්සර්ය්යය, ලාභමාත්සර්ය්යයය, වර්ණමාත්සර්ය්යය, අකෘතඥතා අකෘතවේදිතා යි.
මහණෙනි, මේ ධර්මපස ප්රහීණ නො කොට සෝවත් ඵලය … සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්ෂාත් කරන්නට නො නිසි වෙයි
මහණෙනි, මේ ධර්මපස ප්රහීණ කොට සෝවත්ඵලය සාක්ෂාත් කරන්නට ... සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්ෂාත් කරන්නට නිසි වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්ය්යය, කුලමාත්සර්ය්යය, ලාභමාත්සර්ය්යය, වර්ණමාත්සර්ය්යය, අකෘතඥතා අකෘතවේදිතා යි.
මහණෙනි, මේ ධර්මපස ප්රහීණ කොට සෝවත් ඵලය සාක්ෂාත් කරන්නට ... සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්ෂාත් කරන්නට නිසි වෙයි.
උපසම්පදාවර්ගය පළමුවැනි යි.