5. 6. 1. 18-21.
[අපරසෝතාපතතිඵලාදි සච්ඡිකිරියා සූත්‍ර]
[සැවැත්නිදාන යි]
18-21. මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ නො කොට සෝවත් ඵලය සාක්‍ෂාත් කරන්නට ... සෙදගැමි ඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්‍ෂාත් කරන්නට නිසි නො වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්‍ය්‍යය, කුලමාත්සර්‍ය්‍යය, ලාභමාත්සර්‍ය්‍යයය, වර්‍ණමාත්සර්‍ය්‍යය, අකෘතඥතා අකෘතවේදිතා යි.
මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ නො කොට සෝවත් ඵලය … සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්‍ෂාත් කරන්නට නො නිසි වෙයි
මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ කොට සෝවත්ඵලය සාක්‍ෂාත් කරන්නට ... සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්‍ෂාත් කරන්නට නිසි වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්‍ය්‍යය, කුලමාත්සර්‍ය්‍යය, ලාභමාත්සර්‍ය්‍යය, වර්‍ණමාත්සර්‍ය්‍යය, අකෘතඥතා අකෘතවේදිතා යි.
මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ කොට සෝවත් ඵලය සාක්‍ෂාත් කරන්නට ... සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්‍ෂාත් කරන්නට නිසි වෙයි.
උපසම්පදාවර්‍ගය පළමුවැනි යි.
වර්‍ගාතිරෙක සූත්‍ර
[භත්තුද්දෙසක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භක්තෝද්දේශක මහණ සම්මත නො කටයුත්තේ ය. කවර පසෙකින් යත්:
ඡන්‍දයෙන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. භයෙන් අගතියට යෙයි. උදෙසන ලද නො උදෙසන ලද බව නො දනී.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත භක්තෝද්දේශක මහණ සම්මත නො කටයුත්තේ ය.
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භක්තෝද්දේශක මහණ සම්මත කටයුත්තේ ය. කවර පසෙකින් යත්:
ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි. භයෙන් අගතියට නො යෙයි. උදෙසන ලද නො උදෙසන ලද බව දනියි.
මහණෙනි, මෙ කරුණු පසෙකින් සමන්‍වාගත භක්තෝද්දේශක මහණ සම්මත කටයුත්තේ යයි.
[දුතිය භත්තුද්දෙසකාදි සූත්‍ර]
[සැවැත්නිදාන යි]
2-5. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත බත් උදෙසන මහණ සම්මත නො කටයුතු. සම්මත වූයේ නමුදු [බත් උදෙසනු සඳහා] නො යැවිය යුතු ... [ කවර පසෙකින් යත්: ඡන්‍දාගතියට යෙයි ...]
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත බත් උදෙසන මහණ සම්මත කටයුතු, සම්මත වූයේ [බත් උදෙසනු සඳහා] යැවිය යුතු ... [කවර පසෙකින් යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි ...]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත බත් උදෙසන මහණ] බාලයෙකැ යි දතයුතු. [කවර පසෙකින් යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි ...]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත බත් උදෙසන මහණ] පණ්ඩිතයෙකැ යි දතයුතු. [කවර පසෙකින් යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි ...]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භත්තුද්දෙසක] සාරා දමන ලද ගුණ ඇති නසන ලද ගුණ ඇති ආත්මය පරිහරණ කෙරෙයි. [කවර පසෙකින් යත්: … ඡන්‍දයෙන් අගතියට යෙයි ...]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භත්තුද්දෙසක] නො සාරා දැමූ ගුණ ඇති නො නසන ලද ගුණ ඇති ආත්මය පරිහරණ කෙරෙයි. [කවර පසෙකින් යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි ...]