5. 5. 5. 4.
[මනෝදුච්චරිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
44. මහණෙනි, මනෝදුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි … [තෙමේත් තමහට උපවාද කෙරෙයි ...]
මහණෙනි, මනස්සුචරිතයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් තමහට උපවාද නො කෙරෙයි, නුවණැත්තෝ දැන පසසති. කල්‍යාණ කීර්තිශබ්දය උස්ව නැගෙයි. නො මුළාව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි.
මහණෙනි, මනස්සුචරිතයෙහි මේ අනුසස් පසයි.
5. 5. 5. 5.
[අපර දුච්චරිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
45. මහණෙනි, දුශ්චරිතයෙහි ආදීනව පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් තමහට උපවාද කෙරෙයි. නුවණැත්තෝ දැන ගරහති. ලාමක කීර්තිශබ්දය උස්ව නැඟෙයි. (දශකුශලකර්‍මපථ සඞ්ඛ්‍යාත) සද්ධර්‍මයෙන් විගතව සිටියි. (දශඅකුශලකර්‍මපථ සඞ්ඛ්‍යාත) අසද්ධර්‍මයෙහි පිහිටයි.
මහණෙනි, දුශ්චරිතයෙහි මේ ආදීනව පසයි.
මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් තමහට උපවාද නො කෙරෙයි. විඥයෝ දැන පසසති. කල්‍යාණ කීර්තිශබ්දය නැගේ. අසද්ධර්‍මයෙන් විගතව සිටියි. සද්ධර්‍මයෙහි පිහිටයි.
මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පස යි.
5. 5. 5. 6.
[අපරකායදුච්චරිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
46. මහණෙනි, කායදුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි ... [තෙමේත් තමහට උපවාද කෙරෙයි …]
මහණෙනි, කායසුචරිතයෙහි මේ ආනිසංස පසෙකි ... [තෙමේත් තමහට උපවාද නො කෙරෙයි ...]
5. 5. 5. 7.
[අපරවචීදුච්චරිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
47. මහණෙනි, වාග්දුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි .... [තෙමේත් තමහට උපවාද කෙරෙයි ...]
මහණෙනි, වාක්සුචරිතයෙහි මේ ආනිසංස පසෙකි ... [තෙමේත් තමහට උපවාද නොකෙරෙයි ...]
5. 5. 5. 8.
[අපරමනෝදුච්චරිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
48. මහණෙනි, මනෝදුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි ... [තෙමේත් තමහට උපවාද කෙරෙයි ...]
මහණෙනි, මනඃසුචරිතයෙහි මේ ආනිසංස පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් තමහට උපවාද නො කෙරෙයි, විඥයෝ දැන පසසත්, කලණ කිත් ගොස නැඟේ, අසද්ධර්‍මයෙන් නැඟෙයි, සද්ධර්‍මයෙහි පිහිටයි.
මහණෙනි, මනස්සුචරිතයෙහි මේ අනුසස් පසයි.