5. 5. 1. 10.
[මුට්ඨස්සති සූත්රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, මුසපත් සිහි ඇතිව, මනා (ප්රත්යවේක්ෂා) නුවණ නැතිව නින්දට වැටෙනුවහට මෙ දොස් පසෙකි. කවර පසෙක යත්:
දුකසේ නිදයි. දුකසේ පිබිදෙයි. පව්සිහින දක්නේ ය. දෙවියෝ නොරක්නාහ. අශූචි (ශුක්ර) මිදෙයි.
මහණෙනි, නට සිහි ඇතිව මනා නුවණ නැතිව නින්දට වැටෙනුවහට මේ දොස් පස වෙයි.
මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව මනා නුවණැතිව නින්දට වැටෙනුවහට මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
සුවසේ හොවියි. සුවසේ පිබිදෙයි. ලමු සිහින නොදක්නේය. දෙවියෝ රක්නාහ. අශූචි නො මිදෙයි.
මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව මනා නුවණ ඇතිව නින්දට වැටෙනුවහට මේ අනුසස් පසයි.
කිම්බිලවර්ගය පළමුවැනි යි.
එහි උද්දානය:
කිම්බිල සූත්රය, ධම්මසවණ සූත්රය, ආජානීය සූත්රය, බල සූත්රය, චේතෝඛිල සූත්රය, චේතෝවිනිබන්ධ සූත්රය, යාගු සූත්රය, දන්තකට්ඨ සූත්රය, ගීතස්සර සූත්රය, මුට්ඨස්සති සූත්රය දැයි දශයෙකි.
2. අක්කෝසක වර්ගය
5. 5. 2. 1.
[අක්කෝසක සූත්රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, යම් මහණෙක් සබ්රම්සරුන්ට ආක්රෝශ පරිභව කරන්නේ ආර්ය්යනට උපවාද කරන සුලු වේ නම්, ඔහු විසින් ආදීනව පසෙක් කැමැති විය යුතු ය. කවර පසෙක යත්:
සුන් ලොවුතුරු දහම් ඇතියේ පරිජි අවන්නේ හෝ වෙයි. අභ්යන්තර කිලිටි සහිත ඇවතකට හෝ අවදනේ ය. දැඩි රෝගෝපද්රවයෙක් හෝ පහස්නේ ය. සම්මූඪ ව කාලක්රියා කරන්නේ ය. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට එළඹෙන්නේ ය.
මහණෙනි, යම් මහණෙක් සබ්රම්සරුන්හට ආක්රෝශ පරිභව කරන්නේ ආර්ය්යෝපවාදී වේ නම්, ඔහු විසින් මේ ආදීනව පස කැමැති වියයුතු යයි.
5. 5. 2. 2.
[භණ්ඩනකාරක සූත්රය]
[සැවැත්නිදාන යි]
12. මහණෙනි, යම් මහණෙක් ඩබරකරන්නේ කලහ කරන්නේ විවාද කරන්නේ වාක්කලහ කරන්නේ සඞ්ඝයා කෙරෙහි අධිකරණ කරන්නේ නම්, ඔහු විසින් ආදීනව පසෙක් කැමති වියයුතු යි. කවර පසෙක යත්:
අනධිගත ගුණවිශේෂය නො ලබන්නේ ය. අධිගත ගුණවිශේෂය පිරිහෙයි. පාපක කීර්තිශබ්දය නැඟෙයි. සම්මූඪ වූයේ කලුරිය කරයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට එළඹෙයි.
මහණෙනි, යම් මහණෙක් ඩබර කරන්නේ කලහ කරන්නේ විවාද කරන්නේ වාක්කලහ කරන්නේ සඟුන් කෙරෙහි අධිකරණ කරන්නේ නම්, ඔහු විසින් ආදීනව පස කැමති වියයුතු යි.
5. 5. 2. 3.
[සීල සූත්රය]
[සැවැත්නිදාන යි]
13. මහණෙනි, දුශ්ශීලයාට ශීලවිපත්තියෙහි (=සිල්බිඳීමෙහි) මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙහි ශීලවිපන්න (=ශීලවිපත්තියට පත්) ගිහි දුශ්ශීලයා ප්රමාදය නිසා මහත් භොග හානියට, (පැවිදි දුශ්ශීලයා සප්තාර්ය්යධ්යානහානියට) පැමිණෙයි. මහණෙනි, දුශ්ශීලයාගේ ශීල විපත්තියෙහි මේ පළමුවන ආදීනවය යි.
තවද මහණෙනි, ශීලවිපන්න දුශ්ශීලයාගේ පවිටු කීර්ති ඝෝෂය නැඟේ. මහණෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ දෙවන ආදීනවය යි.