5. 3. 5. 10.
[දෙවැනි සමයවිමුත්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
50. මහණෙනි, මේ පඤ්චධර්‍ම කෙනෙක් සමයවිමුක්ත භික්‍ෂුහුගේ පරිහානිය සඳහා පවත්නාහ. කවර පසෙක යත්:
කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, ඉන්‍ද්‍රියයන්හි අගුත්තද්වාරතා ය, භෝජනයෙහි අමත්තඤ්ඤූතා යි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෝ සමයවිමුක්ත මහණහුගේ පරිහානිය සඳහා වැටෙත්.
මහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙන සමයවිමුක්ත මහණහුගේ අපරිහානිය සඳහා පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
නවකම්හි නො ඇල්ම ය, කථායෙහි නො ඇල්ම ය, නිද්‍රායෙහි නො ඇල්ම ය, ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතා ය (සංවරය), භෝජනයෙහි මාත්‍රඥතා යි.
මහණෙනි, මෙ ධර්‍මයෝ පස්දෙන සමයවිමුක්ත මහණහුගේ අපරිහානිය සඳහා වැටෙත් ය යි.
තිකණ්ඩකිවර්‍ගය පස්වැනි යි.
එහි උද්දානය:
අවජානාති සූත්‍රය, ආරම්භති සූත්‍රය, සාරන්‍දද සූත්‍රය, තිකණ්ඩකී සූත්‍රය, නිරය සූත්‍රය, මිත්ත සූත්‍රය, අසප්පුරිසදාන සූත්‍රය, සප්පුරිසදාන සූත්‍රය, පඨමසමයවිමුත්ත සූත්‍රය, දුතියසමයවිමුත්ත සූත්‍රය දැයි දශයෙකි.
තෙවන පණ්ණාසකය සමාප්ත යි.