5. 3. 2. 2.
[පච්ඡාසමණ සූත්රය]
[සැවැත්නිදාන යි]
12. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත පසුමහණ (උවටැන් සඳහා තමා කැටුව යන මහණ සේ) නො ගත යුත්තේය. කවර පසෙකින් යත්:
ඉතා දුරෙහි හෝ යෙයි, අත්යාසන්නයෙහි හෝ යෙයි, පාත්රපර්ය්යාපන්නය (පාත්රයෙන් දුන් දැය) නො ගන්නේ වෙයි. ආපත්ති සාමන්ත කොට (ඇවැත් වියහැකි) වචන බණනුවහු (මෙබඳු බස් නො කිය යුතුයයි) නො වළහන්නේ ය. ඔහු (උවදෑ තෙරුන්) බෙණෙත් ම අතරතුරැ කථා හෙලණුයේ වෙයි. ජඩ (බුද්ධි රහිත) වූයේ කෙළතොලු වූයේ දුස්ප්රාඥ වෙයි.
මහණෙනි, මේ ධර්ම පසින් සමන්වාගත පසුමහණ නො ගත යුත්තේ ය.
මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත පසුමහණ ගතයුතු වෙයි. කවර පසෙකින් යත්:
ඉතා දුරෙහි නොයෙයි, ඉතා ආසන්නයෙහි නොයෙයි. පාත්රපර්ය්යාපන්නය ගන්නේය. ආපත්ති සාමන්ත කොට බණන්නහු වළහන්නේ ය. ඔහු බණත් ම අතරතුර කථා නො හෙළන්නේය. ජඩ නො වූයේ කෙළතොලු නො වූයේ ප්රාඥ (නැණවත්) වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත පසුමහණ ගතයුතු වෙයි.
5. 3. 2. 3.
[සම්මාසමාධි සූත්රය]
[සැවැත්නිදාන යි]
13. මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මහණ සම්යක් සමාධියට එළඹ වාස කරන්නට අභව්ය (නුසුදුසු) වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයන් නො සහනේ වෙයි. ශබ්දයන් නො සහනේ වෙයි. ගන්ධයන් නො සහනේ වෙයි. රසයන් නො සහනේ වෙයි. ස්ප්රෂ්ටව්යයන් නො සහනේ වෙයි. (රූපාදි අරමුණු පසෙහි ඇලුනේ වෙයි.)
මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත මහණ සම්යක් සමාධියට එළඹ වෙසෙනුවට අභව්ය වෙයි.
මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මහණ සම්යක් සමාධියට එළඹ වාසකරණුවට භව්ය වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයන් සහනේ වෙයි. ශබ්දයන් සහනේ වෙයි. ගන්ධයන් සහනේ වෙයි. රසයන් සහනේ වෙයි. ස්ප්රෂ්ටව්යයන් සහනේ වෙයි. (රූපාදි අරමුණු පසෙහි නො ඇලුනේ වෙයි.)
මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත මහණ සම්යක්සමාධියට එළඹ වසන්නට භව්ය වෙ යි.
5. 3. 2. 4.
[අන්ධකවින්ද සූත්රය]
14. එක් කලෙක භාග්යවතුන් වහන්සේ මගධරට අන්ධකවින්දයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් කරා එළඹියහ. එළඹ භාග්යවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්හට භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
ආනන්දයෙනි, නවක වූ පැවිදිව නොබෝ කල් ඇති මෙ සස්නට අලුත පැමිණි යම් භික්ෂු කෙනෙක් වෙත් නම්, ආනන්දයෙනි, තොප විසින් එ මහණහු පස්දහමෙක සමාදන් කරවිය යුතු වෙති. යෙදවිය යුතු වෙති. පිහිටුවිය යුතු වෙති. කවර පසෙක යත්:
“එව ඇවැත්නි, තෙපි සිල්වත් වැ, ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘතව වසව, අණුමාත්ර වරදෙහිදු භය දක්නාහු, ආචාරගෝචරසම්පන්න වූවහු සමාදන් කොටගෙන සිකපදයෙහි මොනවට හික්මෙව” යි සීල සංවරයෙහි සමාදන් කරවියයුතු වෙති, යෙදවියයුතු වෙති, පිහිටුවියයුතු වෙති.
“එව ඇවැත්නි, තෙපි ඉන්ද්රියයෙහි පියු දොර ඇතිවැ වසවු, (ද්වාරයන්) ආරක්ෂා කරණ සිහි ඇතිවැ (ද්වාරයන්) රක්නා සිහි නුවණ ඇතිවැ මොනවට රක්නාලද සිත් ඇතිවැ ස්මෘති ආරක්ෂා සහිත සිතින් සමන්වාගත වූවහු වාස කරව” යි ඉන්ද්රියසංවරයෙහි සමාදන් කරවියයුතු වෙති, යෙදවියයුතු වෙති, පිහිටුවියයුතු වෙති.