5. 1. 4. 10.
[මහාසාල සූත්‍රය]
40. මහණෙනි, හිමවත් පර්‍වතරාජයා නිසා මහරුක්හු වෘද්ධි පසෙකින් වැඩෙත්. කවර පසෙකින යත්:
සාපත්පලුයෙන් වැඩෙත්. තැසෙන් වැඩෙත්. පතුයෙන් වැඩෙත්. බොරුදුයෙන් වැඩෙත්. හරයෙන් වැඩෙත්. මහණෙනි, හිමවත් රදපවිය නිසා මහරුක්හු මේ වෘද්ධි පසින් වැඩෙත්.
මහණෙනි, එ පරිදි සැදැහැති කුලපතිහු නිසා ඇතුළුදනෝ වෘද්ධි පසෙකින් වැඩෙත්. කවර පසෙකින යත්:
සැදෑයෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ශ්‍රැතයෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥායෙන් වැඩෙයි. මහණෙනි, සැදැහැති කුලපතිහු නිසා ඇතුළුදෙනා මෙ පඤ්ච වෘද්ධීන් වැඩෙති යි.
34. යම් පරිදි වෙනෙහි ශෛලපර්‍වතයෙක් වේ ද, එ ඇසුරු කොට එ වනසප්තිවෘක්‍ෂයෝ වැඩෙත් ද,
35. එ පරිදි මෙ ලොව්හි සිල්සපන් සැදැහැති කුලපතිහු නිසා පුත්‍රදාරයෝ ද බාන්‍ධවයෝ ද සහජීවීහු ද ඥාතිසමූහයෝ ද ඔහුගේ අනුජීවී කෙනෙක් වෙත් නම් ඔහු ද වැඩෙත්.
36. යම් බඳු විචක්‍ෂණයෝ වෙත් නම් ඔහු සිල්වත් ඔහුගේ ශීලය හා ත්‍යාගය හා සුචරිතයන් හා දක්නාහු අනුකරණ කරත්.
37. මෙ ලොව්හි සුගතිගාමීමාර්‍ගය වූ සුචරිතධර්‍මය කොට කම්සුව කැමැතියාහු දෙව්ලොව තුටු වන්නාහු (විපාකමෝදනායෙන්) ප්‍රමුදිත වෙත්.
සුමනාවර්‍ගය සතර වැනි යි.
එහි උද්දානය:
සුමනා සූත්‍රය, චුන්‍දී සූත්‍රය, උග්ගහ සූත්‍රය, සීහ සූත්‍රය, දානානිසංස සූත්‍රය, කාලදාන සූත්‍රය, භෝජන සූත්‍රය, සද්ධා සූත්‍රය, පුත්‍ර සූත්‍රය, මහාසාල සූත්‍රය, දැයි දශයෙකි.
5. මුණ්ඩරාජ වර්‍ගය
5. 1. 5. 1.
[භෝගආදිය සූත්‍රය]
41. එක් කලෙක භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ඇසුරු කොට ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එ කල්හි අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හිඳගත. බුදුහු එකත්පස් ව හුන් අනේපිඬු ගැහැවි හට තෙල වදාළ සේක:
ගැහැවිය, භෝගයන් පිළිබඳ වූ මේ ආදෙයයෝ (ගතයුතු ප්‍රයෝජනයෝ) පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
ගැහැවිය, මෙ ලොව ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් (කායිකචෛතසික වීර්‍ය්‍යයෙන්) ලත්, බාහුබලයෙන් රැස් කළ දහදිය නඟා උපයාලූ, දැහැමි වූ දැහැමින් ලැබූ භෝගයෙන් තමා සුවපත් කෙරෙයි. පිණවයි. සම්‍යක් සුඛ පරිහරණ කෙරෙයි. මාතෘපිතෲන් සුවපත් කෙරෙයි. පිණවයි. සම්‍යක් සුඛ පරිහරණ කෙරෙයි. පුත්‍රදාර, දාස, කර්‍මකරපුරුෂයන් සුවපත් කෙරෙයි. පිණවයි. සම්‍යක් සුඛ පරිහරණ කෙරෙයි. මෙ භෝගයන්ගේ පළමු ආදෙය වේ.
තවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් රැස් කළ, දහදිය නඟා උපයාලූ, දැහැමි වූ දැහැමින් ලත් භෝගයෙන් මිත්‍රාමාත්‍යයන් සුවපත් කෙරෙයි. පිණවයි. සම්‍යක් සුඛ පරිහරණ කෙරෙයි. මෙ භෝගයන්ගේ දෙවෙනි ආදෙය වේ.
තවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් රැස් කළ, දහදිය නඟා උපයන ලද, දැහැමි වූ දැහැමින් ලත් භෝගයෙන් ගින්නෙන් වේවයි, දියෙන් වේවයි, රජුන් ගෙන් වේවයි, සොරුන්ගෙන් වේවයි, අප්‍රිය දායාදයන්ගෙන් වේවයි යම් ඒ ආපදාවෝ වෙත් නම්, එබඳු ආපදාවන්හි භෝගයෙන් වසා (උවදුරු වළකා ගෙණ) වැටෙයි. ආත්මභාවය නිරුපද්‍ර ව කෙරෙයි. මෙ භෝගයන්ගේ තුන් වන ආදෙය වේ.
තවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලද, බාහුබලයෙන් රැස් කළ, දහදිය නඟා උපයාගත්, දැහැමි වූ දැහැමින් ලත් භෝගයෙන් ඥාතිබලි ය, අතිථිබලි ය, පූර්‍වප්‍රේතබලි ය, රාජබලි ය, දේවතාබලි ය යි බලි (සත්කාර) පසක් කරන්නේ වෙයි. මෙ භෝගයන්ගේ සිවු වන ආදෙය වේ.
තවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් රැස් කොට ගත්, දහදිය නඟා උපයා ගත්, දැහැමි වූ දැහැමින් ලත් භෝගයෙන් මද පමා දෙකින් විරත වූ ක්‍ෂාන්තියෙහි හා සුරතභාවයෙහි පිවිසගත් යම් එ ශ්‍රමණබ්‍රාහ්මණ කෙනෙක් එක් ම (තමන්ගේ ම) ආත්මභාවය දමනය කෙරෙත් නම්, එක් ම ආත්මභාවය සන්හිඳුවත් නම්, එක් ම ආත්මභාවය පිරිනිවත් නම්, එබඳු මහණ බමුණන් කෙරෙහි (මතු මතු භූමින්හි ඵලදාන වශයෙන්) ඌර්‍ඬවාග්‍ර ඇති, ස්වර්‍ගයට හිත වූ, සුඛ විපාක ඇති, ස්වග්‍රභාවයට හිත ව වැටෙන (අග්‍ර වූ රූපාදිය මොනවට ගෙණ දෙන) දක්‍ෂිණාව පිහිටුවයි. මෙ භෝගයන්ගේ පස් වන ආදෙය වේ.
ගැහැවිය, භෝගයන්ගේ මෙ ආදෙය පස යි.