5. 1. 1. 9.
[පඨමඅගාරව සූත්රය]
9. මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මහණ ගෞරව නැතියේ, ප්රතිශ්රය (බුද්ධාදීන් කෙරෙහි යටත්වැටුම්) නැතියේ, ච්යුත වෙයි. සද්ධර්මයෙහි නො පිහිටුනේ වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, ශ්රද්ධා නැති මහණ ගෞරව නැතියේ ප්රතිශ්රය (දෙටුවකු) නැතියේ, ච්යුත වෙයි. සද්ධර්මයෙහි නොපිහිටුනේ වෙයි. මහණෙනි, විළි නැති මහණ ... මහණෙනි, ඔතප් නැති මහණ ... මහණෙනි, කුසීත මහණ ... මහණෙනි, දුෂ්ප්රාඥ මහණ ගෞරව නැතියේ ප්රතිශ්රය නැතියේ ච්යුත වේ. සද්ධර්මයෙහි නොපිහිටුනේ වේ.
මහණෙනි, මෙ පඤ්චධර්මයෙන් සමන්වාගත මහණ ගෞරව නැතියේ, ප්රතිශ්රය නැතියේ, (ගුණෙන්) ච්යුත වෙයි. සද්ධර්මයෙහි නොපිහිටුනේ වෙ යි.
මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මහණ ගෞරව ඇතියේ, ප්රතිශ්රය ඇතියේ, ච්යුත නො වේ, සද්ධර්මයෙහි පිහිටුනේ වේ. කවර පසෙකින යත්:
මහණෙනි, සැදැහැති මහණ ගෞරව ඇතියේ, ප්රතිශ්රය ඇතියේ, ච්යුත නො වේ. සද්ධර්මයෙහි පිහිටුනේ වේ. මහණෙනි, හිරි ඇති මහණ ... මහණෙනි, ඔතප් ඇති මහණ ... මහණෙනි, ඇරැඹු වැර ඇති මහණ ... මහණෙනි, ප්රඥා ඇති මහණ ගෞරව ඇතියේ, ප්රතිශ්රය ඇතියේ, (ගුණෙන්) ච්යුත නො වෙයි. සද්ධර්මයෙහි පිහිටුනේ වෙයි.
missing trans
5. 1. 1. 10.
[දුතියඅගාරව සූත්රය]
10. මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මහණ ගෞරව නැතියේ, ප්රතිශ්රය නැතියේ, මෙ ධර්මවිනයෙහි වෘද්ධියට විරූඪියට (නිශ්චල භාවයට) වෛපුල්යයට (මහත්බවට) පැමිණෙනුවට අභව්ය (අභාජන) වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, ශ්රද්ධා නැති මහණ ගෞරව නැතියේ, ප්රතිශ්රය නැතියේ මෙ දහම්විනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්යයට පැමිණෙනුවට අභව්ය වෙයි. මහණෙනි, හිරි නැති මහණ ... මහණෙනි, ඔතප් නැති මහණ ... මහණෙනි, කුසීත මහණ ... මහණෙනි, දුෂ්ප්රාඥ මහණ ගෞරව නැතියේ, ප්රතිශ්රය නැතියේ, මේ ධර්මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්යයට පැමිණෙනුවට අභව්ය වෙයි.
missing trans
මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මහණ ගෞරව ඇතියේ ප්රතිශ්රය ඇතියේ, මෙ ධර්මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්යයට පැමිණෙනුවට භව්ය වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, ශ්රද්ධා ඇති මහණ ගෞරව ඇතියේ, ප්රතිශ්රය ඇතියේ, මෙ ධර්මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්යයට පැමිණෙනුවට භව්ය වෙයි. මහණෙනි, හිරි ඇති මහණ ... මහණෙනි, ඔතප් ඇති මහණ ... මහණෙනි, රුකුළු වැර ඇති මහණ ... මහණෙනි, ප්රඥා ඇති මහණ ගෞරව ඇතියේ, ප්රතිශ්රය ඇතියේ, මෙ ධර්ම විනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්යයට පැමිණෙනුවට භව්ය වේ.
මහණෙනි, මෙ පඤ්චධර්මයෙන් සමන්වාගත මහණ ගෞරව ඇතියේ, ප්රතිශ්රය ඇතියේ, මේ ධර්මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්යයට පැමිණෙනුවට භව්ය වේ.
සේඛබලවර්ගය ප්රථම යි.
එහි උද්දානය:
සඞ්ඛිත්තය, විත්ථතය, දුක්ඛය, ආභතය, සික්ඛාය, සමාපත්තිය, කාමය, චවනය, අගාරව සූත්ර දෙක දැයි දශයෙකි.