5. 1. 1. 10.
[දුතියඅගාරව සූත්‍රය]
10. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය නැතියේ, මෙ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට (නිශ්චල භාවයට) වෛපුල්‍යයට (මහත්බවට) පැමිණෙනුවට අභව්‍ය (අභාජන) වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, ශ්‍රද්ධා නැති මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය නැතියේ මෙ දහම්විනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට අභව්‍ය වෙයි. මහණෙනි, හිරි නැති මහණ ... මහණෙනි, ඔතප් නැති මහණ ... මහණෙනි, කුසීත මහණ ... මහණෙනි, දුෂ්ප්‍රාඥ මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය නැතියේ, මේ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට අභව්‍ය වෙයි.
missing trans
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෞරව ඇතියේ ප්‍රතිශ්‍රය ඇතියේ, මෙ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට භව්‍ය වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, ශ්‍රද්ධා ඇති මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, මෙ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට භව්‍ය වෙයි. මහණෙනි, හිරි ඇති මහණ ... මහණෙනි, ඔතප් ඇති මහණ ... මහණෙනි, රුකුළු වැර ඇති මහණ ... මහණෙනි, ප්‍රඥා ඇති මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, මෙ ධර්‍ම විනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට භව්‍ය වේ.
මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, මේ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට භව්‍ය වේ.
සේඛබලවර්‍ගය ප්‍රථම යි.
එහි උද්දානය:
සඞ්ඛිත්තය, විත්‍ථතය, දුක්‍ඛය, ආභතය, සික්‍ඛාය, සමාපත්තිය, කාමය, චවනය, අගාරව සූත්‍ර දෙක දැයි දශයෙකි.
2. බල වර්‍ගය
5. 1. 2. 1.
[තථාගතබල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, මම පෙර නො ඇසූ සියුසස් දහම්හි (සොළොස් කරණී විසින්) වෙසෙසින් දැන (කෘතකෘත්‍ය වන බැවින්) පර්‍ය්‍යවසානභාවසඞ්ඛ්‍යාත පරතෙර පැමිණියෙමි යි පිළිණ කරමි.
මහණෙනි, යම් බලයකින් සමන්‍වාගත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළිණ කරණ සේක් ද, පිරිස්හි සිංහනාද කරණ සේක්ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වන සේක් ද, තථාගතයන් වහන්සේගේ මේ තථාගතබලයෝ (ඥානබලයෝ) පස්දෙනෙකි.
කවර පස්දෙනෙක යත්: ශ්‍රද්ධාබලය, හිරිබලය, අපත්‍රපාබලය, වීර්‍ය්‍යබලය, ප්‍රඥාබල යි.
මහණෙනි, යම් බලයෙකින් සමන්‍වාගත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨස්ථානය පිළිණ කරණ සේක් ද, පිරිස්හි අභීතනාද කරණ සේක් ද, බ්‍රහ්මචක්‍රය පවත්වන සේක් ද, තථාගතයන්වහන්සේගේ එ තථාගතබලයෝ මොහු පස්දෙන වෙති.
5. 1. 2. 2.
[සේඛබලඅග්ග සූත්‍රය]
12. මහණෙනි, තෙල සෙඛබලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක, යත්: ශ්‍රද්ධාබලය, හිරිබලය, අපත්‍රපාබලය, වීර්‍ය්‍යබලය, ප්‍රඥාබලයි. මහණෙනි තුලුහු පඤ්චශෛක්‍ෂබලයෝ යි.
මහණෙනි, මේ පඤ්ච ශෛක්‍ෂබලයන් අතුරින් තෙල අග්‍රය තෙල (ගෝනැස් ගන්නා කූටය සෙයින්) සාඞ්ග්‍රාහිකය (සගන්) වේ. තෙල සන්‍ධි (මුළුලු) කරන්නේ වේ. හෙ කවරේ ය යත්: ප්‍රඥාබල යි.
මහණෙනි, යම් සේ කුළුගෙයි තෙල අග්‍රය වේ ද, තෙල සාඞ්ග්‍රාහිකය වේ ද, තෙල සඞ්ඝාතනිය වේ ද, එ කිමෙක යත්: කූටය (මුදුන-කැණිමඬල) යි.
මහණෙනි, එ පරිදි ම මෙ පස්වැදෑරුම් සේඛබලයන් අතුරින් තෙල අග්‍ර වෙයි, තෙල සාඞ්ග්‍රාහික වෙයි, තෙල මුළුලු කරන්නේ වෙයි. හෙ කවරේ ය යත්: ප්‍රඥාබල යි.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය. ශෛක්‍ෂබල වූ ශ්‍රද්ධා බලයෙන් සමන්‍වාගත වම්හ ... හිරිබලයෙන් ... අපත්‍රපාබලයෙන් ... වීර්‍ය්‍යබලයෙන් ... ශෛක්‍ෂබල වූ ප්‍රඥාබලයෙන් සමන්‍වාගත වම්හ යි මහණෙනි, මෙසේම තොප හික්මෙන්නේ ය.