4. 7. 5.
[පිසුණවාචා සූත්‍රය]
5. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් පිසුනුබස් ඇතියේ වෙයි. මෙරමාත් පිසුනුබස්හි සමාදන් කරවයි. පිසුනුබස්හි අනුදන්නේත් වෙයි. පිසුනුබස් පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් පිසුනුබසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පිසුනුබසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පිසුනුබසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. පිසුනුබසින් දුරුවීම පිළිබඳ ගුණ ද කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම්සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි වේ.]
4. 7. 6.
[ඵරුසාවාචා සූත්‍රය]
6. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් පරොස්බස් ඇතියේ වෙයි. මෙරමාත් පරොස්බස්හි සමාදන් කරවයි. පරොස්බස්හි අනුදන්නේත් වෙයි. පරොස්බස් පිළිබඳ ගුණ ද කියයි.. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් පරොස්බසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පරොස්බසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පරොස්බසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. පරොස්බසින් දුරුවීම පිළිබඳ ගුණ ද කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි වේ.]
4. 7. 7.
[සම්ඵප්පලාප සූත්‍රය]
7. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් සම්ඵප්‍රලාප ඇතියේ වෙයි. මෙරමාත් සම්ඵප්‍රලාපයෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපයෙහි අනුදන්නේත් වෙයි. සම්ඵප්‍රලාපය පිළිබඳ ගුණ ද කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් සම්ඵප්‍රලාපයෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් සම්ඵප්‍රලාපයෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපයෙන් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. සම්ඵප්‍රලාපයෙන් දුරුවීම පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි වේ.]
4. 7. 8.
[අභිජ්ඣාලු සූත්‍රය]
8. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් අභිධ්‍යා බහුල වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි. අභිධ්‍යාව පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් අභිධ්‍යා බහුල නොවූයේ වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අනභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි. අනභිධ්‍යාව පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි වේ.]