4. 7. 2.
[අදින්නාදාන සූත්රය]
2. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ. කවර සතර කරුණෙන යත්:
තෙමේත් අයිනාදන් ගන්නේ වෙයි, මෙරමාත් අයිනාදනෙහි සමාදන් කරවයි. අයිනාදනෙහි ද අනුදන්නේ වෙයි. අයිනාදන පිළිබඳ ගුණ කියන්නේ වෙයි. මහණෙනි, මේ සතර කරුණින් … [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එ පරිදි නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...]
තෙමේත් අයිනාදනින් දුරුවූයේ වෙයි, මෙරමාත් අයිනාදනින් දුරුවීමෙහි සමාදන් කරවයි. අයිනාදනින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. අයිනාදනින් දුරුවීම පිළිබඳ ගුණ කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එ පරිදි ස්වර්ගයෙහි වේ.]
4. 7. 3.
[කාමමිච්ඡාචාර සූත්රය]
3. [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...]
තෙමේත් කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරෙහි අනුදන්නේත් වෙයි. කාමයෙහි මිසහසර පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...]
තෙමේත් කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවීම පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
4. 7. 4.
[මුසාවාද සූත්රය]
4. [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...]
තෙමේත් මුසවා බණන්නේ වෙයි. මෙරමාත් මුසවායෙහි සමාදන් කරවයි. මුසවායෙහි අනුදන්නේත් වෙයි. මුසවා පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මෙ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...]
තෙමේත් මුසවායෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් මුසවායෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. මුසවායෙන් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. මුසවායෙන් දුරුවීම පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
4. 7. 5.
[පිසුණවාචා සූත්රය]
5. [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...]
තෙමේත් පිසුනුබස් ඇතියේ වෙයි. මෙරමාත් පිසුනුබස්හි සමාදන් කරවයි. පිසුනුබස්හි අනුදන්නේත් වෙයි. පිසුනුබස් පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...]
තෙමේත් පිසුනුබසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පිසුනුබසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පිසුනුබසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. පිසුනුබසින් දුරුවීම පිළිබඳ ගුණ ද කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම්සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]