4. 6. 10.
[සාවජ්ජ - අනවජ්ජ සූත්රය]
10. මහණෙනි, මේ සතර කරුණෙකින් සමන්වාගත වූ බාල වූ අව්යක්ත වූ අසත්පුරුෂ ගුණ විසින් සාළ ගුණ විසින් නට ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කටයුතු වූයේ බොහෝ පව් ද රැස් කෙරෙයි. කවර සතරෙකින් යත්:
සාවද්ය වූ කායකර්මයෙන් යුක්ත වූයේ වෙයි. සාවද්ය වූ වාක්කර්මයෙන් යුක්ත වූයේ වෙයි. සාවද්ය වූ මනඃකර්මයෙන් යුක්ත වූයේ වෙයි. සාවද්ය වූ දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූ බාල අව්යක්ත අසත්පුරුෂ ගුණ විසින් සාරා දැමූ ගුණ විසින් නට ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කටයුතු වූයේ බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.
මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූ පණ්ඩිත ව්යක්ත සත්පුරුෂ ගුණ විසින් සාරා නොදැමූ ගුණ විසින් නොනට ආත්මයක් පරිහරණය කෙරෙයි. නිරවද්ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නොකටයුත්තේ බොහෝ පින් ද රැස් කෙරෙයි. කවර සතර කරුණෙකින් යත්:
අනවද්ය වූ කායකර්මයෙන් යුක්ත වූයේ වේ. අනවද්ය වූ වාක්කර්මයෙන් යුක්ත වූයේ වේ. අනවද්ය වූ මනඃකර්මයෙන් යුක්ත වූයේ වෙයි. අනවද්ය වූ දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූ පණ්ඩිත වූ ව්යක්ත වූ සත්පුරුෂ ගුණ විසින් සාරා නො දැමූ ගුණ විසින් නොනටුවා වූ ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කටයුත්තේ බොහෝ කුසල් ද රැස් කෙරෙයි.
අභිඥාවර්ගය සවැනි යි.
7. කම්මපථ වර්ගය
4. 7. 1.
[පාණාතිපාත සූත්රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ. කවර සතර කරුණින් යත්:
තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවායෙහි සමාදන් කරවයි. පණිවායෙහි ද අනුදන්නේත් වෙයි. පණිවා පිළිබඳ ගුණ කියන්නේත් වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණ වුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ.
මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණ වුත් බහා තැබූයේ යම්සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ. කවර සතර කරුණින් යත්:
තෙමේත් පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි. පණිවායෙන් දුරු වීමෙහි අනුදන්නේත් වෙයි. පණිවායෙන් දුරු වීම පිළිබඳ ගුණ කියන්නේත් වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ ද, එසෙයින් ස්වර්ගයෙහි වේ.
4. 7. 2.
[අදින්නාදාන සූත්රය]
2. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ. කවර සතර කරුණෙන යත්:
තෙමේත් අයිනාදන් ගන්නේ වෙයි, මෙරමාත් අයිනාදනෙහි සමාදන් කරවයි. අයිනාදනෙහි ද අනුදන්නේ වෙයි. අයිනාදන පිළිබඳ ගුණ කියන්නේ වෙයි. මහණෙනි, මේ සතර කරුණින් … [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එ පරිදි නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...]
තෙමේත් අයිනාදනින් දුරුවූයේ වෙයි, මෙරමාත් අයිනාදනින් දුරුවීමෙහි සමාදන් කරවයි. අයිනාදනින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. අයිනාදනින් දුරුවීම පිළිබඳ ගුණ කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එ පරිදි ස්වර්ගයෙහි වේ.]