4. 5. 5. 4.
[සෙය්යා සූත්රය]
46. මහණෙනි, මේ ශය්යාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ප්රේතශය්යා ය, කාමභෝගීශය්යා, සිංහශය්යා ය, තථාගතශය්යා යි.
මහණෙනි, ප්රේතශය්යා කවර? මහණෙනි, මළාහු උඩුහුරුව හොවිත්. මහණෙනි, මේ ප්රේතශය්යා යි කියනු ලැබේ.
මහණෙනි, කාමභෝගීශය්යා නම් කවර? මහණෙනි, බෙහෙවින් කාමභොගීහු වම්පසින් හොවිත්. මහණෙනි, මේ කාමභෝගීශය්යා යි කියනු ලැබේ.
මහණෙනි, සිංහශය්යා නම් කවර? මහණෙනි, මෘගරාජන් වූ සිංහ පාපිට පය මඳක් ඇද තබා දෙකළවේ අතර නගුට බහා තබා දකුණු ඇළයෙන් ශය්යා කෙරෙයි. හේ පිබිද උඩුකය නගාගෙණ යටකය විමසා බලයි. මහණෙනි, ඉදින් මෘගරාජන් වූ සිංහ ශරීරාවයව විසිරීමක් හෝ විහිටීමක් හෝ කිසිත් ඉදින් දක්නේ නම් මහණෙනි, එයින් මෘගරාජන් වූ සිංහ නො සතුටු වෙයි. මහණෙනි, මෘගරාජන් වූ සිංහ ශරීරාවයව විසිරීමක් හෝ විහිටීමක් හෝ කිසිත් නොදක්නේ නම්, මහණෙනි, එයින් මෘගරාජන් වූ සිංහ සතුටු වෙහි. මහණෙනි, මෙ සිංහශය්යා යි කියනු ලැබේ.
මහණෙනි, තථාගතශය්යා නම් කවර? මහණෙනි, මෙලොව තථාගතයන් වහන්සේ කාමයෙන් වෙන්ව ම … ප්රථම ධ්යානයට ... ද්විතීය ධ්යානයට ... තෘතීය ධ්යානයට ... චතුර්ත්ථධ්යානයට එළඹ වෙසෙති. මහණෙනි, මේ තථාගතශය්යා යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ශය්යාවෝ යි.
4. 5. 5. 5.
[ථූපාරහ සූත්රය]
47. මහණෙනි, මේ ථූපාරහ පුද්ගලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
තථාගත අර්හත් සම්යක්සම්බුද්ධයන් වහන්සේ ථුපාරහයහ. ප්රත්යෙක සම්බුද්ධයන් වහන්සේ ථූපාරහයහ. තථාගතශ්රාවකයන් වහන්සේ ථූපාරහයහ. සක්විති රජ ථුපාරහ යි.
මහණෙනි, මේ සතර දෙනා ථුපාරහයයෝ (=සෑ බැඳ පුදන්නට නිස්සෝ) යි.
4. 5. 5. 6.
[පඤ්ඤාවුද්ධි සූත්රය]
48. මහණෙනි, මේ සතර දහම් කෙනෙක් ප්රඥාවෘද්ධිය පිණිස පවතිත්. කවර සතර දහම් කෙනෙක යත්:
සත්පුරුෂයන් සෙවුනාබව ය, සද්ධර්මශ්රවණ ය, නුවණින් මෙනෙහි කිරීම ය, ධර්මානුධර්මප්රතිපත් ය.
මහණෙනි, මේ සතර දහම්හු ප්රඥාවෘද්ධිය පිණිස පවතිත්.
4. 5. 5. 7.
[බහුකාර සූත්රය]
49. මහණෙනි, සතර දහම් කෙනෙක් මනුෂ්යවූවක්හට බොහෝ උපකාර වෙති. කවර සතර දහම් කෙනෙක යත්:
සත්පුරුෂයන් සෙවුනා බව ය. සද්ධර්මශ්රවණ ය, නුවණින් මෙනෙහි කිරීම ය, ධර්මානුධර්ම ප්රතිපත්ය යි.
මහණෙනි, මේ සතර දහම්හු මනුෂ්ය වූවක්හට බොහෝ උපකාර වෙති.
4. 5. 5. 8.
[අනරියවෝහාර සූත්රය]
50. මහණෙනි, මේ අනාර්ය්ය ව්යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
අදෘෂ්ටයෙහි දෘෂ්ටවාදිතා ය, අශ්රැතයෙහි ශ්රැතවාදිතා ය, අමුතයෙහි මුතවාදිතා ය. අවිඥාතයෙහි විඥාතවාදිතා යි.
මහණෙනි, මේ සතර අනාර්ය්ය ව්යවහාරයෝ යි.
4. 5. 5. 9.
[අරියවෝහාර සූත්රය]
51. මහණෙනි, මේ ආර්ය්යව්යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
අදෘෂ්ටයෙහි අදෘෂ්ටවාදිතා ය, අශ්රැතයෙහි අශ්රැතවාදිතා ය, අමුතයෙහි අමුතවාදිතා ය, අවිඥාතයෙහි අවිඥාතවාදිතා යි.
මහණෙනි, මේ සතර ආර්ය්යව්යවහාරයෝ යි.
4. 5. 5. 10.
[අනරියවෝහාර සූත්රය]
52. මහණෙනි, මේ අනාර්ය්යව්යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දෘෂ්ටයෙහි අදෘෂ්ටවාදිතා ය. ශ්රැතයෙහි අශ්රැතවාදිතා ය, මුතයෙහි අමුතවාදිතා ය, විඥාතයෙහි අවිඥාතවාදිතා ය.
මහණෙනි, මේ සතර අනාර්ය්ය ව්යවහාරයෝ යි.
4. 5. 5. 11.
[අරියවෝහාර සූත්රය]
53. මහණෙනි, මේ ආර්ය්යව්යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දෘෂ්ටයෙහි දෘෂ්ටවාදිතා ය, ශ්රැතයෙහි ශ්රැතවාදිතා ය, මුතයෙහි මුතවාදිතා ය, විඥාතයෙහි විඥාතවාදිතා ය.
මහණෙනි, මේ සතර ආර්ය්යව්යවහාරයෝ ය.
ආපත්ති වර්ගය පස්වැනි යි.
පස්වන පණ්ණාසක ය යි.