4. 5. 4. 6.
[සවන කර්ම සූත්රය]
37. මහණෙනි, මේ සතර කර්මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට වදාරණ ලදහ. කවර සතර කර්මයහ යත්:
මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණ කර්මයෙක් ඇත. ශුක්ලවිපාක ඇති ශුක්ලකර්මයෙක් ඇත. කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්මයෙක් ඇත. කර්මක්ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්මයෙක් ඇත.
මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ කායසංස්කාරය රැස් කෙරෙයි ... මහණෙනි, මේ කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්මය යි කියනු ලැබේ.
මහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් නිදොස් වූ කායසංස්කාරය රැස් කෙරෙයි ... මහණෙනි, මේ ශුක්ලවිපාක ඇති ශුක්ලකර්මය යි කියනු ලැබේ.
මහණෙනි, කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාරය රැස් කෙරෙයි ... මහණෙනි, මේ කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්මය යි කියනු ලැබේ.
මහණෙනි, කර්මක්ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්මය කවරේ ය? සම්යග් දෘෂ්ටිය .. සම්යක් සමාධි යි. මහණෙනි, කර්මක්ෂය පිණිස පවත්නා මේ අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශූකලකර්මය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර කර්මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට පවසන ලදහ.
4. 5. 4. 7.
[සත්වන කර්ම සූත්රය]
38. මහණෙනි, මේ සතර කර්මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට ප්රකාශ කරණ ලදහ. කවර සතර කර්මයහ යත්:
මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්මයෙක් ඇත. මහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්මයෙක් ඇත. මහණෙනි, කර්මක්ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්මයෙක් ඇත.
මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ කායසංස්කාර රැස් කෙරෙයි [වාක්සංස්කාර ... මනඃසංස්කාර ... [මහණෙනි, මේ කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්මය යි කියනු ලැබේ.
මහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් නිදොස් වූ කායසංස්කාර රැස් කෙරෙයි ... [වාක්සංස්කාර ... මනඃසංස්කාර ...] මහණෙනි, මේ ශුක්ල විපාක ඇති ශුක්ලකර්මය යි කියනු ලැබේ.
මහණෙනි, කෘෂ්ණ ශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාර රැස් කෙරෙයි [වාක්සංස්කාර ... මනඃසංස්කාර] මහණෙනි, මේ කෘෂ්ණශුක්ල විපාක ඇති කෘෂ්ණශුක්ලකර්මය යි කියනු ලැබේ.
මහණෙනි, කර්මක්ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්මය කවරේ ය? ස්මෘතිසම්බොධ්යඞ්ගය, ධර්මවිචයසම්බෝධ්යඞ්ගය, වීර්ය්යයසම්බෝධ්යඞ්ගය, ප්රීතිසම්බෝධ්යඞ්ගය, ප්රශ්රබ්ධිසම්බෝධ්යඞ්ගය, සමාධිසම්බෝධ්යඞ්ගය, උපේක්ෂාසම්බෝධ්යඞ්ග යි. මහණෙනි, මේ කර්මක්ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්මය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර කර්මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට ප්රකාශ කරණ ලදහ.
4. 5. 4. 8.
[සාවජ්ජ - අනවජ්ජ කර්ම සූත්රය]
39. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් නිරයෙහි වේ. කවර සතරෙකින යත්:
සාවද්යකායකර්මයෙන, සාවද්යවාක්කර්මයෙන, සාවද්යමඃකර්මයෙන, සාවද්ය දෘෂ්ටියෙනැ යි.