4. 5. 3. 6.
[පස්වන බාල - පණ්ඩිත සූත්‍රය]
26. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
මිථ්‍යා ආජීව ඇතියේ වෙයි. මිථ්‍යා ව්‍යායාම ඇතියේ වෙයි. මිථ්‍යාස්මෘති ඇතියේ වෙයි. මිථ්‍යාසමාධි ඇතියේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
සම්‍යග් ආජීව ඇතියේ වෙයි. සම්‍යග් ව්‍යායාම ඇතියේ වෙයි. සම්‍යක් ස්මෘති ඇතියේ වෙයි. සම්‍යක් සමාධි ඇතියේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]
4. 5. 3. 7.
[සවන බාල - පණ්ඩිත සූත්‍රය]
27. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
අදෘෂ්ට ආලම්බනයෙහි දෘෂ්ටවාදී වෙයි. අශ්‍රැත ආලම්බනයෙහි ශ්‍රැතවාදී වෙයි. අමුත ආලම්බනයෙහි මුතවාදී වෙයි. අවිඥාත ආලම්බනයෙහි විඥාතවාදී වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
[මහණෙනි, මේ සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
අදෘෂ්ට ආලම්බනයෙහි අදෘෂ්ටවාදී වෙයි. අශ්‍රැත ආලම්බනයෙහි අශ්‍රැතවාදී වෙයි. අමුත ආලම්බනයෙහි අමුතවාදී වෙයි. අවිඥාත ආලම්බනයෙහි අවිඥතවාදී වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]
4. 5. 3. 8.
[සත්වන බාල - පණ්ඩිත සූත්‍රය]
28. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
දෘෂ්ටාලම්බනයෙහි අදෘෂ්ටවාදී වෙයි. ශ්‍රැතාලම්බනයෙහි අශ්‍රැතවාදී වෙයි. මුතාලම්බනයෙහි අමුතවාදී වෙයි. විඥාතාලම්බනයෙහි අවිඥාතවාදී වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
දෘෂ්ටාලම්බනයෙහි දෘෂ්ටවාදී වෙයි. ශ්‍රැතාලම්බනයෙහි ශ්‍රැතවාදී වෙයි. මුතාලම්බනයෙහි මුතවාදී වෙයි. විඥාතාලම්බනයෙහි විඥාතවාදී වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]
4. 5. 3. 9.
[අටවැනි බාල - පණ්ඩිත සූත්‍රය]
29. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
ශ්‍රද්ධා නැත්තේ වෙයි. දුශ්ශීල වෙයි. පවට ලජ්ජා නැතියේ වෙයි. පවට බිය නැතියේ වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
ශ්‍රද්ධා ඇතියේ වෙයි. ශීල ඇතියේ වෙයි. පවට ලජ්ජා ඇතියේ වෙයි. පවට බිය ඇතියේ වෙයි … [මේ සතර කරුණෙන් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]
4. 5. 3. 10.
[නවවැනි බාල - පණ්ඩිත සූත්‍රය]
30. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
ශ්‍රද්ධා නැතියේ වෙයි. දුශ්ශීල වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
ශ්‍රද්ධා ඇතියේ වෙයි. සිල්වත් වෙයි. රුකළ වැර ඇතියේ වෙයි. ප්‍රඥාවත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වු පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ තෙමේ ගුණ විසින් සාරා නො ලන ලද, ගුණ විසින් නො නට ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කටයුතුත් වෙයි. බොහෝ කුසල් ද රැස් කෙරෙයි.
4. 5. 3. 11.
[කවි සූත්‍රය]
31. මහණෙනි, මේ කවීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
චින්තාකවිය, ශ්‍රැතකවිය, අර්‍ත්‍ථකවිය, ප්‍රතිභානකවි යි. මහණෙනි, මේ සතර කවීහු වෙති.
සුචරිතවර්‍ගය තෙවැනි යි.