4. 5. 3. 10.
[නවවැනි බාල - පණ්ඩිත සූත්රය]
30. [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
ශ්රද්ධා නැතියේ වෙයි. දුශ්ශීල වෙයි. කුසීත වෙයි. දුෂ්ප්රාඥ වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත ... සත්පුරුෂ තෙමේ ...]
ශ්රද්ධා ඇතියේ වෙයි. සිල්වත් වෙයි. රුකළ වැර ඇතියේ වෙයි. ප්රඥාවත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වු පණ්ඩිත වූ ව්යක්ත වූ සත්පුරුෂ තෙමේ ගුණ විසින් සාරා නො ලන ලද, ගුණ විසින් නො නට ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කටයුතුත් වෙයි. බොහෝ කුසල් ද රැස් කෙරෙයි.
4. 5. 3. 11.
[කවි සූත්රය]
31. මහණෙනි, මේ කවීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
චින්තාකවිය, ශ්රැතකවිය, අර්ත්ථකවිය, ප්රතිභානකවි යි. මහණෙනි, මේ සතර කවීහු වෙති.
සුචරිතවර්ගය තෙවැනි යි.
4. කර්ම වර්ගය
4. 5. 4. 1.
[ප්රථම කර්ම සූත්රය]
[සැවැත්නිදාන යි]
32. මහණෙනි, මේ සතර කර්මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්රකාශ කරණ ලද්දාහු ය. කවර සතර කර්මයහ යත්:
මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණ (අකුශල) කර්මයෙක් ඇත. මහණෙනි, ශුක්ල විපාක ඇති ශුක්ල (කුශල) කර්මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ වූ ද ශුක්ල වූ ද විපාක ඇති (මිශ්රක වන) කෘෂ්ණ-ශුක්ලකර්මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ ද නො වූ ශුක්ල ද නො වූ විපාක ඇති කර්මක්ෂය පිණිස පවත්නා අකෘෂ්ණ-අශුක්ල (චතුර්මාර්ගඥාන) කර්මයෙක් ඇත.
මහණෙනි, මේ සතර කර්මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්රකාශ කරණ ලදහ.
4. 5. 4. 2.
[දෙවන කර්ම සූත්රය]
33. මහණෙනි, මේ කර්මයෝ සතර කෙනෙක් මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට පවසන ලද්දාහු ය. කවර සතර කර්මයහ යත්:
මහණෙනි, අනිෂ්ටවිපාක ඇති අකුශලකර්මයෙක් ඇත. මහණෙනි, ඉෂ්ටවිපාක ඇති කුශලකර්මයෙක් ඇත. මහණෙනි, අනිෂ්ට වූ ද ඉෂ්ට වූ ද විපාක ඇති කෘෂ්ණ-ශුක්ලකර්මයෙක් ඇත. මහණෙනි, අකෘෂ්ණ-අශුක්ල විපාක ඇති කර්මක්ෂය පිණිස පවත්නා අකෘෂ්ණ-අශුක්ලකර්මයෙක් ඇත.
මහණෙනි, අනිෂ්ට විපාක ඇති අකුශලකර්මය කවරේ ය? මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් සදොස් වූ (කායද්වාරිකචේතනා සඞ්ඛ්යාත) කායසංස්කාරය රැස් කෙරෙයි. සදොස් (වාග්ද්වාරිකචෙතනා සඞ්ඛ්යාත) වාක්සංස්කාරය රැස් කෙරෙයි. සදොස් වූ (මනෝද්වාරිකචේතනා සඞ්ඛ්යාත) මනඃසංස්කාරය රැස් කෙරෙයි. හේ දොස් සහිත කායසංස්කාරය රැස් කොට දොස් සහිත වාක්සංස්කාරය රැස් කොට දොස් සහිත මනඃසංස්කාරය රැස් කොට දුක් සහිත ලෝකයට උත්පත්ති වශයෙන් පැමිණෙයි. දුක් සහිත ලොව්හි උපන් ඔහු දුක් සහිත විපාකස්පර්ශයෝ පහස්නාහ. දුක් සහිත ස්පර්ශයන් විසින් පහස්නා ලද හේ ඒකාන්තයෙන් දුක් වූ ආබාධ සහිත විපාකවේදනාව විඳියි. නිරිසතුන් සෙයිනි. මහණෙනි, මේ අනිෂ්ටවිපාක ඇති අකුශලකර්මය යි කියනු ලැබේ.
මහණෙනි, ඉෂ්ටවිපාක ඇති කුශලකර්මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් නිදොස් වූ කායසංස්කාරය රැස් කෙරෙයි. නිදොස් වූ වාක්සංස්කාරය රැස් කෙරෙයි. නිදොස් වූ මනඃසංස්කාරය රැස් කෙරෙයි. හේ නිදොස් වූ කායසංස්කාරය රැස් කොට නිදොස් වූ වාක්සංස්කාරය රැස් කොට නිදොස් වූ මනඃසංස්කාරය රැස් කොට නිදුක් ලොවට එළඹෙයි. නිදුක් ලොවට එළඹි ඔහු දුක් රහිත විපාක ස්පර්ශයෝ පහස්නාහ. නිදුක් ස්පර්ශයන් විසින් පහස්නා ලද හේ ඒකාන්තසුඛ වූ නිරාබාධවේදනා විඳී. සුභකිණ්හ දෙවියන් සෙයිනි. මහණෙනි, මේ ඉෂ්ටවිපාක ඇති කුශලකර්මය යි කියනු ලැබේ.