4. 5. 1. 5.
[පස්වන සප්පුරිස සූත්රය]
5. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරයා හා සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරයා හා දෙසමි. ඒ අසව …
මහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිසදිටු ඇතියේ වෙයි. මිථ්යාසඞ්කල්ප ඇතියේ වෙයි. මිථ්යාවාක් ඇතියේ වෙයි. මිථ්යාකර්මාන්ත ඇතියේ වෙයි. මිථ්යා ආජීව ඇතියේ වෙයි. මිථ්යාව්යායාම ඇතියේ වෙයි. මිථ්යාස්මෘති ඇතියේ වෙයි. මිථ්යාසමාධි ඇතියේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිථ්යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්යාසඞ්කල්ප ඇතියේ වෙයි. මෙරමාත් මිථ්යාසඞ්කල්පයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්යාවාක් ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්යාවචනයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්යාකර්මාන්ත ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්යාකර්මාන්තයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්යාආජීව ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්යා ආජීවයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්යාව්යායාම ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්යාව්යායාමයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්යාස්මෘති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්යාස්මෘතියෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්යාසමාධි ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්යාසමාධියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සම්යග්දෘෂ්ටික වෙයි. සම්යක්සඞ්කල්ප ඇතියේ වෙයි. සම්යග් වචන ඇතියේ වෙයි. සම්යක්කර්මාන්ත ඇතියේ වෙයි. සම්යග් ආජීව ඇතියේ වෙයි. සම්යග්ව්යායාම ඇතියේ වෙයි. සම්යක්ස්මෘති ඇතියේ වෙයි. සම්යක්සමාධි ඇතියේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සම්යග්දෘෂ්ටික වේ. මෙරමාත් සම්යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. තෙමේත් සම්යක්සඞ්කල්ප ඇතියේ වෙයි. මෙරමාත් සම්යක්සඞ්කල්පයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්යග් වචන ඇතියේ වෙයි. මෙරමාත් සම්යග් වචනයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්යක් කර්මාන්ත ඇතියේ වෙයි. මෙරමාත් සම්යක්කර්මාන්තයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්යග් ආජීව ඇතියේ වෙයි. මෙරමාත් සම්යග් ආජීවයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්යග්ව්යායාම ඇතියේ වෙයි. මෙරමාත් සම්යග්ව්යායාමයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්යක් ස්මෘති ඇත්තේ වෙයි. මෙරමාත් සම්යක් ස්මෘතියෙහි සමාදන් කරවන්නේ වෙයි. තෙමේත් සම්යක් සමාධි ඇත්තේ වෙයි. මෙරමාත් සම්යක් සමාධියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.
4. 5. 1. 6.
[සවන සප්පුරිස සූත්රය]
6. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරයා හා සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරයා හා දෙසමි. ඒ අසව…
මහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිථ්යාදෘෂ්ටික වෙයි … මිථ්යාඥාන ඇත්තේ වෙයි. මිථ්යාවිමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිසදිටු වෙයි. මෙරමාත් මිසදිටුයෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්යාඥාන ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්යාඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්යාවිමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්යාවිමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සම්යග් දෘෂ්ටික වෙයි ... සම්යග්ඥාන ඇත්තේ වෙයි. සම්යග් විමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සම්යග් දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්යග් දෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්යග් ඥාන ඇත්තේ වෙයි. මෙරමාත් සම්යග්ඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්යග් විමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් සම්යග් විමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.