4. 4. 2. 7.
[මොග්ගල්ලානපටිපදා සූත්රය]
17. එසඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් හා සතුටු වූහ. සතුටට හේතු වූ ස්මරණීය කථා කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට තෙල කීහ:
ඇවැත් මුගලනෙනි, මේ ප්රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා ය, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා ය, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා ය, සුඛාපටිපදා ඛිප්පාභිඤිඤා යි. ඇවැත්නි, මේ සතර ප්රතිපදාවෝ යි.
ඇවැත්නි, මේ සතර ප්රතිපදාවන් අතුරෙන් කවර ප්රතිපදාවකට පැමිණ තොපගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්රවයන් කෙරෙන් මිදිනි ද?
ඇවැත් ශාරීපුත්රයෙනි, මේ ප්රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා ය, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා ය, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා ය, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා යි. ඇවැත්නි, මේ සතර ප්රතිපදාවෝ යි.
ඇවැත්නි, මේ සතර ප්රතිපදාවන් අතුරෙන් නො සරස් ව ප්රතිවේධ ගන්නා යම් මේ දුක් වූ ප්රතිපදාවක් වේ ද, ක්ෂිප්රාභිඥ මේ ප්රතිපදාවට පැමිණ මාගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්රවයන් කෙරෙන් මිදින.
4. 4. 2. 8.
[සාරිපුත්තපටිපදා සූත්රය]
18. එසඳ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සතුටු වූහ. සම්මෝදනයට හේතු වූ සාරාණීය වූ කථාව නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
ඇවැත් ශාරීපුත්රයෙනි, මේ ප්රතිපදාවෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
දුක්ඛා පටිපදා දන්ධා භිඤ්ඤාය, දුක්ඛා පටිපදා ඛිප්පා භිඤ්ඤාය, සුඛා පටිපදා දන්ධා භිඤ්ඤා ය, සුඛා පටිපදා ඛිප්පා භිඤ්ඤා යි. ඇවැත් ශාරීපුත්රයෙනි, මේ සතර ප්රතිපදාවෝ යි.
ඇවැත්නි, මේ සතර ප්රතිපදාවන් අතුරෙන් කවර ප්රතිපදාවකට පැමිණ තොපගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්රවයන් කෙරෙන් මිදිනි ද?
ඇවැත් මෞද්ගල්යායනයෙනි, මේ ප්රතිපදාවෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
දුක්ඛා පටිපදා දන්ධා භිඤ්ඤාය, දුක්ඛා පටිපදා ඛිප්පා භිඤ්ඤාය, සුඛා පටිපදා දන්ධා භිඤ්ඤාය, සුඛා පටිපදා ඛිප්පා භිඤ්ඤා යි. ඇවැත්නි, මේ සතර ප්රතිපදාවෝ යි.
ඇවැත්නි, මේ සතර ප්රතිපදාවන් අතුරෙන් යම් ඒ ප්රතිපදාවක් සුඛ වේ ද, ක්ෂිප්රාභිඥ වේ ද, මේ ප්රතිපදාවට පැමිණ මාගේ සිත උපාදාන, විසින් නො ගෙණ ආස්රවයන් කෙරෙන් මිදින.
4. 4. 2. 9.
[කිලේස පරිනිබ්බාන සූත්රය]
19. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයේ විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මෙලොව්හි ම සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කායභේදයෙන් මතුයෙහි සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි. මෙලොව ඇතැම් පුද්ගලයෙක් මෙලොව්හි ම අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කායභේදයෙන් මතුයෙහි අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.