4. 3. 4. 9.
[ධම්මකථික සූත්රය]
39. මහණෙනි. මේ ධර්මකථිකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් ධර්මකථිකයෙක් අල්ප කොට ද අර්ත්ථයෙන් අසංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්ත්ථනිඃශ්රිත වූ හෝ අනිඃශ්රිත වූ හෝ බසට අදක්ෂ වේ. මහණෙනි, මෙබඳු ධර්මකථික මෙබඳු අදක්ෂ පිරිසෙහි “ධර්මකථිකයෙක් ම ය” යි ගණයට යේ.
මහණෙනි, මෙලොව ඇතැම් ධර්මකථිකයෙක් අල්ප කොට ද අර්ත්ථ සංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්ත්ථනිඃශ්රිත වූ හෝ අනිඃශ්රිත වූ බසට දක්ෂ වේ. මහණෙනි, මෙබඳු ධර්මකථික මෙබඳු දක්ෂපිරිසෙහි “ධර්මකථිකයෙක් ම ය” යි ගණයට යේ.
මහණෙනි, මෙලොව ඇතැම් ධර්මකථිකයෙක් බොහෝ කොට ද අර්ත්ථයෙන් අසංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්ත්ථනිඃශ්රිත වූ හෝ අනිඃශ්රිත වූ බසට දක්ෂ නො වේ. මහණෙනි, මෙබඳු ධර්මකථික මෙබඳු අදක්ෂ පිරිසෙහි ‘ධර්මකථිකයෙක් ම ය’යි ගණයට යේ.
මහණෙනි, මෙලොව ඇතැම් ධර්මකථිකයෙක් බොහෝ කොට ද අර්ත්ථ සංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්ත්ථනිඃශ්රිත වූ හෝ අනිඃශ්රිත වූ බසට දක්ෂ වේ. මහණෙනි, මෙබඳු ධර්මකථික මෙබඳු දක්ෂ පිරිසෙහි “ධර්මකථිකයෙක් ම ය” යි ගණයට යේ.
මහණෙනි, මේ සතර ධර්මකථිකයෝ යි.
4. 3. 4. 10.
[වාදී සූත්රය]
40. මහණෙනි, මේ වාදීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්?
මහණෙනි, අර්ත්ථ විසින් අවසන් කොට ගැණුමට යන ව්යඤ්ජන විසින් නොයන වාදී කෙනෙක් ඇත. මහණෙනි, ව්යඤ්ජන විසින් පරික්ෂයට යන අර්ත්ථ විසින් නොයන වාදී කෙනෙක් ඇත. මහණෙනි, අර්ත්ථ විසිනුදු ව්යඤ්ජන විසිනුදු පරික්ෂයට යන වාදී කෙනෙක් ඇත. මහණෙනි, අර්ත්ථ විසිනුදු ව්යඤ්ජන විසිනුදු පරික්ෂයට නොයන වාදී කෙනෙක් ඇත.
මහණෙනි, මේ වාදීහු සතර දෙන යැ. මහණෙනි, සිවුපිළිසැඹියායෙන් සමන්වාගත මහණ අර්ත්ථ විසිනුත් ව්යඤ්ජන විසිනුත් පරික්ෂයට යේ ය යන තෙල වන්නට අකාරණ ය, අනවකාශ ය. (නො යන්නේ ම ය.)
පුද්ගලවර්ගය සිවුවැනි යි.
5. ආභා වර්ගය
4. 3. 5. 1.
[ආභා සූත්රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, මේ ආභාවෝ (විහිදෙන රශ්මීහු) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
චන්ද්රාභා ය, සූර්ය්යාභා ය, අග්න්යාභා ය, ප්රඥාභා යි.
මහණෙනි, මේ ආභාවෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ආභාවන් කෙරෙහි ප්රඥාභායෙක් ඇද්ද, තෙල අග්ර යි.
4. 3. 5. 2.
[පභා සූත්රය]
42. මහණෙනි, මේ ප්රභාවෝ (දීප්ත රශ්මිහු) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
චන්ද්රප්රභා ය, සූර්ය්යප්රභා ය, අග්නිප්රභා ය, ප්රඥාප්රභා යි.
මහණෙනි, මේ ප්රභාවෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ප්රභාවන් කෙරෙහි ප්රඥාප්රභායෙක් ඇද්ද, තෙල අග්ර යි.