4. 3. 3. 6.
[චතුත්ථපුග්ගල සූත්රය]
26. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් මෛත්රී සහගත සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවන දිග ද එසෙයින් තෙවන දිග ද එසෙයින් සිවුවන දිග ද මෙසේ උඩ යට සරස හැම තැන සර්වසත්ත්වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලොව විපුල වූ මහද්ගත වූ අප්රමාණ වූ අවෛර වූ ව්යාබාධ රහිත වූ මෙත් සහගිය සිතින් පැහැස වෙසෙයි. හේ යම් ම එහි රූපයෙක්, වේදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක් වේ ද, ඒ ධර්මයන් අනිත්ය විසින්, රෝග විසින්, ගඬ විසින්, අඝ විසින්, ආබාධ විසින්, පරායත්ත විසින්, විනාශ විසින්, ශූන්ය විසින්, අනාත්ම විසින්, නුවණින් දක්නේ ය. හේ කාබුන් මරණින් මතු සුදවැසි දෙවියන්ගේ සහවාසයට පැමිණෙයි. මහණෙනි, මේ උප්පත්තිය පුහුදුනන් හා අසාධාරණ යි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කරුණා සහගිය සිතින් ... මුදිතා සහගිය සිතින් ... උපේක්ෂා සහගිය සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවෙනි දිග ද එසෙයින් තෙවන දිග ද එසෙයින් සිවුවන දිග ද මෙසේ උඩ යට සරස සැම තැන සර්වසත්ත්වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලෝ විපුල වූ, මහද්ගත වූ, අප්රමාණ වූ, අවෛර වූ, ව්යාබාධ රහිත වූ, උපේක්ෂා සහගත සිතින් පැහැස වෙසේ. හේ එහි යම් ම රූපයෙක්, වේදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක් වේ ද ඒ ධර්මයන් අනිත්ය විසින්, දුඃඛ විසින්, රෝග විසින්, ගණ්ඩ විසින්, ශල්ය විසින්, අඝ විසින්, පරායත්ත විසින්, විනාශ විසින්, ශූන්ය විසින්, අනාත්ම විසින් නුවණින් දක්නේ ය. හේ කාබුන් මරණින් මතු සුදවැසි දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, මේ උපපත්තිය පුහුදුනන් හා අසාධාරණ යි.
මහණෙනි, මේ සතර පුඟුලෝ ලොව්හි විද්යමානයහ.
4. 3. 3. 7.
[තථාගත අච්ඡරිය සූත්රය]
27. මහණෙනි, අර්හත් සම්යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් සතර ආශ්චර්ය්ය අද්භූත ධර්ම කෙනෙක් පහළ වෙත්. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, යම් කලෙක බෝසත් තුසීදෙව්ලොවින් සැව සිහි නුවණින් යෙදී මවුකුස පිළිසිඳ ගත්තේ වේ ද, එසඳ පඤ්චකාමාවචර දෙවියන් සහිත, සවන කාමාවචර දෙවියන් සහිත බ්රහ්මයන් සහිත ලෝකයෙහි, ශ්රමණ බ්රාහ්මණයන් සහිත සෙසු දෙවි මිනිසුන් සහිත සත්ත්වාඛ්යප්රජායෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල වූ අවහාසයෙක් පහළ වෙයි. යම් නිරයෙක මෙබඳු මහත් ඍද්ධි ඇති, මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනාගේ රශ්මීහු නො වැද ගණිත් ද, වළ දොර ඇති, අසංවෘත වූ, අඳුරු වූ, ගණඳුරු ඇති (චක්ෂුර්විඥාන වළහන) යම් ඒ ලෝකාන්තරිකයෝ ඇද්ද, එහිදු දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වේ. එහි යම් සත්ත්ව කෙනෙක් උපන්හු ද, ඔහුත් ඒ අවහාසයෙන් “‘භවත්නි, අන්ය වූත් සත්ත්වයෝ මෙහි පහළවූවාහු ඇති”’ යි උනුන් හඳුනා ගණිත්.
මහණෙනි, අර්හත් සම්යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ පළමුවැනි ආශ්චර්ය්ය අද්භූත ධර්ම ය පහළ වෙයි.
තවද මහණෙනි, යම් කලෙක බෝසත් සිහි නුවණින් යුක්ත ව මවු කුසින් බිහි වේ ද, එසඳ පඤ්චකාමාවචර දෙවියන් සහිත, සවන කාමාවචර දෙවියන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, ශ්රමණ බ්රාහ්මණයන් සහිත සෙසු දෙවිමිනිසුන් සහිත සත්ත්වාඛ්යප්රජායෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. යම් තැනෙක මෙබඳු මහත් ඍද්ධි ඇති, මෙබඳු මහත් අනුභාව ඇති, මේ සඳහිරු දෙදෙනාගේ කාන්තීහු නො වැද ගණිත් ද, එබඳු වූ වළ දොර ඇති, අසංවෘත වූ, අඳුරු වූ, ගණඳුරින් ඇස් මුවහ කළ යම් ඒ ලෝකාන්තරිකයෝ ඇද්ද, එහිදු දෙවියන්ගේ දේවානුභාව ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වේ. එහි යම් සත්හු උපන්හු ද ඔහුදු ඒ අවහාසයෙන් “භවත්නි, අන්යවූත් සත්ත්වයෝ මෙහි උපන්නාහු ඇති”’ යි උනුන් හඳුනා ගණිත්.