4. 3. 3. 3.
[පුග්ගල සූත්රය]
23. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කාමයෙන් වෙන් ව අකුසලදහමින් වෙන් ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන් ප්රීති සුඛය ඇති ප්රථමධ්යානට පැමිණ වෙසෙයි. හේ ඒ ධ්යානය සුඛාස්වාදයෙන් ආස්වාද කෙරෙයි. ඒ ධ්යානය පතයි. ඒ ධ්යානයෙන් ම තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ එහි අධිමුක්ත වූයේ ඒ දැහැනින් බෙහෙවින් වසන්නේ එයින් නො පිරිහුනේ කලුරිය කරමින් බ්රහ්මකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, බ්රහ්මකායික දෙවියන්ගේ ආයුඃප්රමාණය කල්පයෙකි. එහි පුහුදුන් තෙමේ ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්රමාණය යම් පමණ වේ ද යම් පමණ වේ ද ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන්යෝනට ද යෙයි. ප්රේතවිෂ්යට ද යෙයි. භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක වනාහි එහි ආයු තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා ඒ රූපභාවයෙහි ම පිරිනිවන් පානේ ය. මහණෙනි, ගතිය හා උපපත්තිය හා ඇති කල්හි අශ්රැතවත් පෘථග්ජනයා හා ශ්රැතවත් ආර්ය්යශ්රාවකයාගේ මේ විශේෂ යි. මේ අධිකප්රයෝගයි. මේ වෙනස යි.
තවද මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් විතර්ක විචාර සංහිඳුවාලීමෙන් තමා තුළ පැහැදීම් කරණ, සිත පිළිබඳ එකඟ බව ඇති විතර්ක විචාර නැති, සමාධියෙන් උපන් ප්රීතිසුඛ ඇති, ද්විතීයධ්යානය උපයා වෙසෙයි. හේ ඒ දැහැන සුඛාස්වාදයෙන් ආස්වාද කෙරෙයි. ඒ දැහැන පතයි. ඒ දැහැනින් තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ ඒ දැහැනෙහි අධිමුක්ත වූයේ ඒ දැහැනින් බහුල විහරණ ඇතියේ, නො පිරිහුනේ කලුරිය කරමින් ආභාස්වර දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, ආභාස්වර දෙවියන්ගේ ආයුඃප්රමාණය දෙ කපෙකි. එහි පෘථග්ජන ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යොනට ද යෙයි. ප්රේතවිෂයට ද යෙයි. භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක වනාහි එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්රමාණය යම් පමණ වේ ද, එ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවෙයි. මහණෙනි, ගතිය හා උපපත්තිය හා ඇතිකල්හි අශ්රැතවත් පෘථග්ජනයා හා ශ්රැතවත් ආර්ය්යශ්රාවකයාගේ මේ විශේෂයි. මේ අධිකප්රයෝග යි. මේ වෙනසයි.
තව ද මහණෙනි, මෙ මෙලොව ඇතැම් පුද්ගලයෙක් ප්රීති විරාගයෙන් උපේක්ෂක වූයේ ස්මෘතිමත් වූයේ නුවණින් දන්නේ වාස කෙරෙයි. සුඛය ද නාමකයින් විඳ ගණී. යම් දැහැන් ලදුවකු උපේක්ෂක ය, ස්මෘතිමත් ය, සුඛවිහාරී ය යි ආර්ය්යයෝ කියත් ද, ඒ තුන්වන දැහැනට එළඹ වෙසෙයි. හේ ඒ දැහැන සුඛාස්වාදයෙන් ආස්වාද කෙරෙයි. ඒ දැහැන පතයි. එයින් තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ ඒ දැහැනෙහි අධිමුක්ත වූයේ ඒ දැහැනින් බහුල විහරණ ඇත්තේ නො පිරිහුනේ කලුරිය කරමින් ශුභකෘත්සන දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, ශුභකෘත්සන දෙවියන්ගේ ආයුඃප්රමාණය සතර කල්පයෙකි. එහි පෘථග්ජන ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන්යෝනට ද යෙයි. ප්රේතවිෂයට ද යෙයි. භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක වනාහි එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවෙයි. මහණෙනි, ගතිය හා උපපත්තිය හා ඇති කල්හි අශ්රැතවත් පෘථග්ජනයා හා ශ්රැතවත් ආර්ය්යශ්රාවකයාගේ මේ විශේෂයි. මේ අධිකප්රයෝගයි, මේ වෙනසයි.
තව ද මහණෙනි, මේ ලොව ඇතැම් පුද්ගලයෙක් සුඛයාගේ ද ප්රහාණියෙන් දුඃඛයාගේ ද ප්රහාණියෙන් කැලම සොම්නස් දොම්නසුන් අස්තඞ්ගම ව යාමෙන් දුක් නැති, සුව නැති, උපේක්ෂාස්මෘති පාරිශුද්ධි ඇති චතුර්ත්ථධ්යානයට එළඹ වෙසෙයි. හේ ඒ ධ්යානය සුඛාස්වාද විසින් ආස්වාද කෙරෙයි. ඒ දැහැන පතයි. ඒ දැහැනින් තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ ඒ දැහැනෙහි අධිමුක්ත වූයේ ඒ දැහැනෙන් බහුල විහරණ ඇත්තේ නොපිරිහුනේ කලුරිය කරමින් වෘහත්ඵල දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, වෘහත්ඵල දෙවියන්ගේ ආයුඃප්රමාණය පන්සිය කපෙකි. එහි පෘථග්ජන ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා නිරයට ද යෙයි, තිරිසන්යෝනට ද යෙයි. ප්රේතවිෂයට ද යෙයි. භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක වනාහි එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්රමාණය යම් පමණ වේ ද ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවෙයි.