4. 3. 1. 8.
[බලීවද්ද සූත්රය]
8. මහණෙනි, මේ බලීවර්දයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
සිය ගෙරිනට සැඬ වූයේ අන් ගෙරිනට සැඬ නොවූයේය, අන් ගෙරිනට සැඬ වූයේ සිය ගෙරිනට සැඬ නොවූයේය, සිය ගෙරිනට සැඬ වූයේත් අන් ගෙරිනට ද සැඬ වූයේ ය, සිය ගෙරිනට සැඬ නොවූයේ ම අන් ගෙරිනට ද සැඬ නොවූයේය. මහණෙනි, මේ සතර බලීවර්දයෝයි.
මහණෙනි, එපරිදි ම බලීවර්දොපම වූ මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානය හ.
කවර සතර දෙනෙක යත්: සගව චණ්ඩ වූයේ පරගවචණ්ඩ නොවූයේය. පරගවචණ්ඩවූයේ සගවචණ්ඩ නොවූයේ ය. සගවචණ්ඩ වූයේ පරගවචණ්ඩ ද වූයේය. සගවචණ්ඩ නොවූයේ ම පරගවචණ්ඩ ද නොවූයේ යි.
මහණෙනි, කෙසේ පුද්ගල සගවචණ්ඩ වූයේ පරගවචණ්ඩ නොවූයේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් සිය පිරිස ඝටා උද්වෙග (බියපත්) කරන්නේ වෙයි. පරපිරිස නොගටන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සගවචණ්ඩ වූයේ පරගවචණ්ඩ නොවූයේය. මහණෙනි, යම් පරිදි ඒ ගොන් සගවචණ්ඩ ව පරගවචණ්ඩ නොවූයේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල පරගවචණ්ඩ වූයේ සගවචණ්ඩ නොවූයේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් පරපර්ෂද් ඝටා උද්වෙග කරන්නේ වෙයි. සිය පිරිස නොගටන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල පරගවචණ්ඩ වූයේ සගවචණ්ඩ නොවූයේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ගොන් පරගවචණ්ඩ ව සගවචණ්ඩ නොවූයේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල සගවචණ්ඩ වූයේත් පරවචණ්ඩ වූයේත් වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් සිය පිරිස ඝටා උද්වෙග කරන්නේ වෙයි. පරපර්ෂද් ඝටන්නේත් වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සගවචණ්ඩ වූයේත් පරගවචණ්ඩ වූයේත් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ගොන් සගවචණ්ඩ වූයේත් පරගවචණ්ඩ වූයේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල සගවචණ්ඩ නොවූයේ ම පරවචණ්ඩ නොවූයේත් වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් ස්වකීය පර්ෂද් ඝටා උද්වෙග කරන්නේත් නොවෙයි. පරපර්ෂද් ඝටන්නේත් නොවෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සගවචණ්ඩ නොවූයේත් පරගවචණ්ඩ නොවූයේ ද වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ගොන් සගවචණ්ඩ නොවූ යේ ම පරගවචණ්ඩ නොවූයේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, බලීවර්දොපම මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්යමානයහ.