4. 3. 1. 5.
[අම්බ සූත්‍රය]
5. මහණෙනි, මෙ අඹපල සතරෙකි. කවර සතරෙක යත්:
අමුවූයේ පැසුනුවන් එකෙක. පැසුනේ අමුවන් එකෙක. අමුවූයේ අමුවන් එකෙක. පැසුනේ පැසුනුවන් එකෙක. මහණෙනි, මේ සතර අඹපලයි.
මහණෙනි, එපරිදි ම ලොව්හි මේ අඹ බඳු පුඟුලෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
අමුවූයේ පැසුනුවන් එකෙක. පැසුනේ අමුවන් එකෙක. අමුවූයේ අමුවන් එකෙක. පැසුනේ පැසුනුවන් එකෙක.
මහණෙනි, කෙසේ පුද්ගල අමුවූයේ පැසුනුවන් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරියෑම, පසුඊම, ඉදිරි බැලීම, අවට බැලීම, අත්පා හැකිළීම, අත්පා දිගුකිරීම, සඟළපාසිවුරු දැරීම යන මේ ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි නො දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල අමුවූයේ පැසුනුවන් වෙයි. මහණෙනි, යම් සේ ඒ අඹය අමු වූයේ පැසුනුවන් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල පැසුනේ අමුවන් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුඟුලක්හුගේ ගමන, ආගමන, ආලෝකන, විලෝකන, ආකුඤ්චන, ප්‍රසාරණ, සඞ්ඝාටිපාත්‍රචීවරධාරණ යන මේ ප්‍රාසාදික නො වේ. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි තත් වූ පරිදි දනී. මෙසේ පුද්ගල පැසුනේ අමුවන් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ අඹපල පැසුනේ අමුවන් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල අමුවූයේ අමුවන් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුඟුලක්හුගේ අභික්‍රමණ, ප්‍රකික්‍රමණ, ආලෝකන, විලෝකන, ආකුඤ්චන, ප්‍රසාරණ, සඞ්ඝාටිපාත්‍රචීවරධාරණ යන මේ ප්‍රාසාදික නොවේ. හේ මේ “දුකැ”යි තත් වූ පරිදි නොදනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල අමුවූයේ අමුවන් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ අඹපල අමුවූයේ අමුවන් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල පැසුනේ පැසුනුවන් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරියෑම, වටාලා ඊම, ආලෝකන, විලෝකන, හැකිළීම්, දිගු හැරීම්, සඟළ පා සිවුරු දැරීම් ප්‍රසාද එළවන්නේ වෙයි. හේ මේ “දුකැ”යි තත් වූ පරිදි දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල පැසුනේ පැසුනුවන් වේ. මහණෙනි, යම්සේ ඒ අඹය පැසුනේ පැසුනුවන් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, අඹ බඳු මේ සතර වැදෑරුම් පුඟුලෝ ලොව්හි විද්‍යමානයහ.
4.3.1.6.
4.3.1.7.
[මූසිකා සූත්‍රය]
7. මහණෙනි, මේ මූෂිකාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
බිල කරන්නී වාස නො කරන්නී ය, වාස කරන්නී බිල නො කරන්නී ය. බිල නො කරන්නී ම වාස නො කරන්නී ය. බිල කරන්නීත් වාස ද කරන්නී ය. මහණෙනි, මේ සතර මූෂිකාවෝ ය.
මහණෙනි, එපරිදි ම මේ මූෂිකෝපම පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර දෙනෙක් ද යත්:
බිල කරන්නේ වාස නො කරන්නේ ය. වාස කරන්නේ බිල නො කරන්නේ ය. බිල නො කරන්නේ ම වාස ද නො කරන්නේ ය. බිල කරන්නේත් වාස ද කරන්නේ යි.
මහණෙනි, කෙසේ පුද්ගල බිල කරන්නේ වාස නො කරන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් හදාරයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි නො දනී ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල බිල කරන්නේ වාස නො කරන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ මුෂිකාව බිල කරන්නී වාස නොකරන්නී වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.