4. 1. 2. 7.
[අගති සූත්රය]
17. මහණෙනි, මේ අගතියට යන කරුණු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ඡන්දෙයන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. බියෙන් අගතියට යෙයි.
මහණෙනි, මේ අගතිගමන කරුණු සතර දෙනය.
41. ඡන්දෙයනුදු ද්වේෂයෙනුදු භයෙනුදු මෝහයෙනුදු යමෙක් දහම පැන යේ ද ඔහුගේ යශස් පිරිහෙයි. කළුවර පස සඳු මෙනි.
4. 1. 2. 8.
[නාගති සූත්රය]
18. මහණෙනි, මේ සතර අගතිගමන නොවන කරුණු ය. කවර සතර කරුණුය යත්:
ඡන්දයෙන් අගතියට නො යෙයි. ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි. භයෙන් අගතියට නො යෙයි.
මහණෙනි, මේ අගතිගමන නොවන සතර කරුණු යි.
42. ඡන්දයෙනුදු ද්වේෂයෙනුදු භයෙනුදු මෝහයෙනුදු යමෙක් දහම පැන නො යේ ද, ඔහුගේ යශස් පිරේ. පුරපස සඳු මෙනි.
4. 1. 2. 9.
[අගතිනාගති සූත්රය]
19. මහණෙනි, මේ සතර අගතිගමන කරුණු ය. කවර සතර කරුණුය යත්:
ඡන්දයෙන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. භයෙන් අගතියට යෙයි.
මහණෙනි මේ අගතිගමන වන සතර කරුණු යි.
මහණෙනි, මේ සතර අගතිගමන නොවන කරුණු ය. කවර සතර කරුණුය යත්:
ඡන්දයෙන් අගතියට නො යෙයි. ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි. භයෙන් අගතියට නො යෙයි.
මහණෙනි, මේ අගතිගමන නොවන සතර කරුණු යි.
43. ඡන්දයෙනුදු ද්වේෂයෙනුදු භයෙනුදු මෝහයෙනුදු යමෙක් දහම පැන යේ ද ඔහුගේ යශස් පිරිහෙයි. කළුවරපස සඳු මෙනි.
44. ඡන්දයෙනුදු ද්වේෂයෙනුදු භයෙනුදු මෝහයෙනුදු යමෙක් දහම පැන නො යේ ද ඔහුගේ යශස් පිරේ. පුරපස සඳු මෙනි.
4. 1. 2. 10.
[භත්තුද්දෙසක සූත්රය]
20. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත ‘භත්තුද්දෙසක’ මහණ යම් සේ ගෙනවුත් බහා තැබුයේ වේ ද එපරිද්දෙන් නිරයෙහි සිටුනේ ය. කවර සතර කරුණෙන යත්:
ඡන්දයෙන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. බියෙන් අගතියට යෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත භත්තුද්දෙසක මහණ යම් සේ ගෙනවුත් බහා තැබුයේ වේ ද එපරිද්දෙන් නිරයෙහි සිටුනේ ය.