2. චර වර්ගය
4. 1. 2. 1.
[චරන්ත සූත්රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, ඇවිදුනා මහණහට ද කාමවිතර්කයෙක් හෝ ව්යාපාදවිතර්කයෙක් හෝ විහිංසාවිතර්කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්කය ද ඉවසයි. නො හරියි, නො නෙරයි. විගතාන්ත නො කෙරෙයි. අභාවයට නොද පමුණුවයි. මහණෙනි, වීර්ය්යරහිත වූ උපවාද භය රහිත වූ හැමදා නරතුරු කුසීත වූ මෙබඳු ඇවිදුනා මහණ ද, “හීනවීර්ය්ය ඇත්තේ” යයි කියනු ලැබේ.
මහණෙනි, සිටුනා වූ ද මහණහට ද කාමවිතර්කයෙක් හෝ ව්යාපාදවිතර්කයෙක් හෝ විහිංසාවිතර්කයෙක් හෝ උපදනේ ය. මහණ ඒ විතර්කය ද ඉවසයි. නො හරියි, නො නෙරයි. විගතාන්ත නො කෙරෙයි. අභාවයට නොද පමුණුවයි. මහණෙනි, වීර්ය්ය රහිත වූ උපවාද භය රහිත වූ හැමදා නරතුරු කුසීත වූ මෙබඳු සිටුනා මහණ ද, “හීනවීර්ය්ය ඇත්තේ” යි කියනු ලැබේ.
මහණෙනි, හිඳුනා වූ ද මහණහට ද කාමවිතර්කයෙක් හෝ ව්යාපාදවිතර්කයෙක් හෝ විහිංසාවිතර්කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්කය ද ඉවසයි. නො හරියි, නො නෙරයි. විගතාන්ත නො කෙරෙයි. අභාවයට නොද පමුණුවයි. මහණෙනි, වීර්ය්යරහිත වූ උපවාද භය රහිත වූ හැමදා නරතුරු කුසීත වූ මෙබඳු හිඳුනා මහණ ද, “හීනවීර්ය්ය ඇත්තේ” යි කියනු ලැබේ.
මහණෙනි, නිදිවරණ හෝනා වූ ද මහණහට ද කාමවිතර්කයෙක් හෝ ව්යාපාදවිතර්කයෙක් හෝ විහිංසාවිතර්කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්කය ද ඉවසයි. නො හරියි, නො නෙරයි. විගතාන්ත නො කෙරෙයි. අභාවයට නොද පමුණුවයි. මහණෙනි, වීර්ය්ය රහිත වූ උපවාද භය රහිත වූ හැමදා නරතුරු කුසීත වූ මෙබඳු නිදිවරණ හෝනා වූ ද මහණ “හීනවීර්ය්ය ඇත්තේ” යි කියනු ලැබේ.
මහණෙනි, ඇවිදුනාවූ ද මහණහට කාමවිතර්කයෙක් හෝ ව්යාපාදවිතර්කයෙක් හෝ විහිංසාවිතර්කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්කය ද නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, වීර්ය්ය ඇති උපවාද භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්ය්ය ඇති මෙබඳු ඇවිදුනා වූ ද මහණ “සමථ විදර්ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ” යි කියනු ලැබේ.
මහණෙනි, සිටුනා වූ ද මහණහට ද කාමවිතර්කයෙක් හෝ ව්යාපාදවිතර්කයෙක් හෝ විහිංසාවිතර්කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්කය ද නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, වීර්ය්ය ඇති උපවාද භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්ය්ය ඇති මෙබඳු සිටුනා වූ ද මහණ “සමථ විදර්ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ” යි කියනු ලැබේ.
මහණෙනි, හුන්නා වූ ද මහණහට ද කාමවිතර්කයෙක් හෝ ව්යාපාදවිතර්කයෙක් හෝ විහිංසාවිතර්කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්කය ද නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, වීර්ය්ය ඇති උපවාද භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්ය්ය ඇති මෙබඳු වූ ද මහණ “සමථ විදර්ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ” යි කියනු ලැබේ.
මහණෙනි, නිදිවරණ හෝනා වූත් මහණහට කාමවිතර්කයෙක් හෝ ව්යාපාදවිතර්කයෙක් හෝ විහිංසා විතර්කයෙක් හෝ උපදනේය. මහණ තෙමේ ඒ විතර්කය ද සිත්හි නගා නො වසවයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, වීර්ය්ය ඇති උපවාදයට භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්ය්ය ඇති මෙබඳු වූ හෝනාවූත් නිදිවරණ මහණ “සමථ විදර්ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ” යි කියනු ලැබේ.
28. යම් මහණෙක් ඇවිදුනේ හෝ වැලිත් සිටුනේ හෝ හුන්නේ හෝ නොහොත් හෝනේ හෝ ක්ලේශනිඃශ්රිත ලාමක විතර්ක විතර්කනය කෙරේ ද,
29. උන්මාර්ගයට වැදුනු මෝහජනක අරමුණෙහි මුසපත් එබඳු ඒ මහණ උතුම් අර්හත්වඥානය පහස්නට අභව්යය.
30. යම් මහණෙක් ඇවිදුනේ හෝ සිටුනේ හෝ නොහොත් හුන්නේ හෝ හෝනේ හෝ විතර්කව්යුපශමයෙහි ඇලුනේ කාමාදි විතර්ක ශමනය කොට වෙසේ ද, එබඳු ඒ මහණ උතුම් අර්හත්වඥානය පහස්නට භව්ය ය.
4. 1. 2. 2.
[ශීල සූත්රය]
12. මහණෙනි, පරිපූර්ණ සිල් ඇති ව පිරිපුන් පාමොක් ඇති ව වසව. ප්රාතිමෝක්ෂසංවර ශීලයෙන් යුක්ත ව ආචාර ගෝචර දෙකින් යුක්ත ව වසව. අණුප්රමාණ වූ ද දෝෂයෙහි බිය විසින් දක්නා සුලු ව සික පෙදෙහි සමාදාන කොට ගෙණ හික්මෙව. මහණෙනි, පරිපූර්ණ සිල් ඇති ව පිරිපුන් පාමොක් ඇති ව ප්රාතිමෝක්ෂසංවර ශීලයෙන් යුක්තව ආචාර ගෝචර දෙකින් යුක්ත ව අණුප්රමාණ වරදෙහි බිය දක්නා සුලු ව සික පෙදෙහි සමාදාන කොට ගෙණ හික්මීම් කරමින් වසන තොප විසින් මතුයෙහි කරණී කිමය යත්:
මහණෙනි, ඇවිදුනා වූ ද මහණහට අභිධ්යා ව්යාපාද විගත වේ ද, ථීන මිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා ප්රහීණ වේ ද, රුකුළු වැර අසංලීන වේ ද, ස්මෘතිය එළඹ සිටියා මුෂිත නො වූවා වේ ද, කය සංහිඳුනේ දරථ නැත්තේ වේ ද, සිත මොනොවට පිහිටුවන ලද්දේ එකඟ වූයේ වේ ද, මහණෙනි, කෙලෙස් තවන වැර ඇති, උපවාද භය ඇති, හැමදා නරතුරු පටන්ගත් වීර්ය්ය ඇති මෙබඳු වූ ඇවිදුනා වූත් ඒ මහණ “සමථ විදර්ශනා දෙක්හි මෙහෙයූ සිතැත්තේ” යි කියනු ලැබේ.
මහණෙනි, සිටුනා වූ ද මහණහට අභිධ්යා ව්යාපාද විගත වේ ද, ථීන මිද්ධ උද්ධච්චකුක්කුච්ච විචිකිච්ඡා ප්රහීණ වේ ද, ආරබ්ධවීර්ය්යය අසංලීන වේ ද, ස්මෘතිය එළඹ සිටියා මුෂිත නොවූවා වේ ද, කය සංහිඳුනේ දරථ නැත්තේ වේ ද, සිත මොනොවට පිහිටුවන ලද්දේ එකඟ වූයේ වේ ද, මහණෙනි, කෙලෙස් තවන වැර ඇති උපවාද භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්ය්ය ඇති මෙබඳු වූ සිටුනා වූත් ඒ මහණ “සමථ විදර්ශනා දෙක්හි මෙහෙයූ සිතැත්තේ” යි කියනු ලැබේ.