4. 1. 1. 6.
[අප්පස්සුත සූත්රය]
6. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
ශ්රැතයෙන් උපපන්න නොවූ (සිද්ධිප්රාප්ත නොවූ) අල්පශ්රැත ය. ශ්රැතයෙන් උපපන්න වූ අල්පශ්රැත ය. ශ්රැතයෙන් අනුපපන්න වූ බහුශ්රුත ය. ශ්රැතයෙන් උපපන්න වූ බහුශ්රුත යි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්රැතයෙන් අනුපපන්න අල්පශ්රැතයෙක් වේ ද? මහණෙනි, මෙසස්නෙහි කිසි යම් පුඟුලකු විසින් සුත්ත ගෙය්ය වෙය්යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟසසුන් මඳක් අසන ලද්දේ වෙයි. හෙතෙම අල්ප වූ ඒ ශ්රැතයාගේ අර්ත්ථය නො දැන පෙළ දහම නො දැන ධර්මානුධර්ම සඞ්ඛ්යාත පූර්වභාගප්රතිපදාවට නො පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රැතයෙන් අනුපපන්න අල්පශ්රැතයෙක් වෙයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්රැතයෙන් උපපන්න අල්පශ්රැතයෙක් වේ ද? මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලකු විසින් සුත්ත ගෙය්ය වෙය්යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟ සසුන් ලේශමාත්රයක් අසන ලද්දේ වෙයි. හෙතෙම අල්ප වූ ඒ ශ්රැතයාගේ අටුවා දැන පෙළ දැන ධර්මානුධර්මයට පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රැතයෙන් උපපන්න අල්පශ්රැතයෙක් වෙයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්රැතයෙන් අනුපපන්න බහුශ්රැතයෙක් වේ ද? මහණෙනි, මෙ සස්නෙහි කිසියම් පුඟුලකු විසින් සුත්ත ගෙය්ය වෙය්යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟ සසුන් බොහෝ අසන ලද්දේ වෙයි. හෙතෙම බොහෝ වූ ඒ ශ්රැතයාගේ අටුවා නො දැන පෙළ නො දැන ධර්මානුධර්මයට නො පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රැතයෙන් අනුපපන්න බහුශ්රැතයෙක් වෙයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්රැතයෙන් උපපන්න බහුශ්රැතයෙක් වේ ද? මහණෙනි, මෙසස්නෙහි කිසියම් පුද්ගලයකු විසින් සුත්ත ගෙය්ය වෙය්යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟ සසුන් බොහෝ අසන ලද්දේ වෙයි. හෙතෙම බොහෝ වූ ඒ ශ්රැතයාගේ අටුවා දැන පෙළ දහම දැන ධර්මානුධර්මයට පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රැතයෙන් උපපන්න බහුශ්රැතයෙක් වේ.
මහණෙනි, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්යමානයහ.
15. ඉදින් අල්පශ්රැතත් වේ ද, ශීලයෙහි පරිපූරකාරීත් නො වේ ද, ඔහු ශීලයෙනුදු ශ්රැතයෙනුදු මෙසේ උභයභාගයෙන් ගරහත්.
16. ඉදින් අල්පශ්රැතත් වේ ද, ශීලයෙහි පරිපූරකාරීත් වේ ද, ඔහු ශීලභාගයෙන් පසසත්. ඔහුට ශ්රැතය නො සැපයේ.
17. ඉදින් බහුශ්රැතත් වේ ද, ශීලයෙහි පරිපූරකාරීත් නොවේ ද, ඔහු ශීලභාගයෙන් ගරහත්. ඔහුට ශ්රැතය ශ්රැතකෘත්යය සපයා.
18. ඉදින් බහුශ්රැතත් වේ ද, ශීලයෙහි පරිපූරකාරීත් වේ ද, ඔහු ශීලභාගයෙනුදු ශ්රැතභාගයෙනුදු මෙසේ උභයභාගයෙන් පසසත්.
19. බහුශ්රුත වූ ශ්රැතධර්මයනට ආධාර වූ සුප්රාඥ වූ ජාම්බුනද ස්වර්ණනිෂ්කයක් බඳු වූ ඒ බුද්ධශ්රාවකයා නිගන්නට කවරෙක් නම් අර්හ වේ ද? දෙවියෝ ද පවා ඔහු පසසත්. බ්රහ්මයා විසිනුදු පසස්නා ලද්දේය.
4. 1. 1. 7.
[සොහෙන්ති සූත්රය]
7. මහණෙනි, ව්යක්ත, විනීත, විශාරද, බහුශ්රුත, ධර්මධර, ධර්මානුධර්මප්රතිපන්න සතර පුද්ගල කෙනෙක් සඞ්ඝයා හොබවත්. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, ව්යක්ත, විනීත, විශාරද, බහුශ්රුත, ධර්මධර, ධර්මානුධර්මප්රතිපන්න මහණ සඟුන් හොබවයි.
මහණෙනි, ව්යක්ත, විනීත, විශාරද, බහුශ්රුත, ධර්මධර, ධර්මානුධර්මප්රතිපන්න මෙහෙණ සඟුන් හොබවයි.
මහණෙනි, ව්යක්ත, විනීත, විශාරද, බහුශ්රුත, ධර්මධර, ධර්මානුධර්මප්රතිපන්න උපාසක සඟුන් හොබවයි.
මහණෙනි, ව්යක්ත, විනීත, විශාරද, බහුශ්රුත, ධර්මධර, ධර්මානුධර්මප්රතිපන්න උපාසිකා තොමෝ සඟුන් හොබවයි.
මහණෙනි, ව්යක්ත, විනීත, විශාරද, බහුශ්රුත, ධර්මධර, ධර්මානුධර්මප්රතිපන්න මේ සතර දෙන සඟුන් හොබවත්.