4. 1. 1. 3.
[පඨමඛත සූත්‍රය]
3. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණ විසින් සාළ (එහෙයින් ම) නට, ආත්මය (ස්වසන්තානය) පස්වටයි. නුවණැත්තනට දොස් සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ අකුසල්ද රැස් කෙරෙයි. කවර කරුණෙන යත්:
නොදැන (විමසීම් විසින්) නො බැස ගෙණ නුගුණ කියයුත්තහුගේ ගුණ කියයි.
නොදැන නො බැස ගෙණ ගුණ වැණිය යුත්තහුගේ අගුණ කියයි.
නොදැන නො බැස ගෙණ නොපහදනහට නිසි කරුණෙහි පැහැදීම උපදවයි.
නොදැන නො බැස ගෙණ පහදනහට නිසි කරුණෙහි අප්‍රසාදය උපදවයි.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණ විසින් සෑරු එහෙයින් ම නටුවා වූ ආත්මය පිළිදගනේය. නුවණැතියනට වරද සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වේ. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙයි.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත, ව්‍යක්ත, සත්පුරුෂ, පණ්ඩිත තෙමේ ගුණ විසින් සාරා නො ලන ලද (එහෙයින් ම) නො නටුවා වූ ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දෝෂ රහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වෙයි. බොහෝ කුසල් ද රැස් කෙරෙයි. කවර සතර කරුණෙන යත්:
දැන ගෙණ විමසීම් විසින් බැස ගෙණ නුගුණ කිය යුත්තහුගේ නුගුණ කියයි.
දැන ගෙණ බැස ගෙණ ගුණ කියනට නිස්සහුගේ ගුණ කියයි.
දැන ගෙණ බැස ගෙණ නො පහදනහට නිසි කරුණෙහි නො පැහැදීම උපදවයි.
දැන ගෙණ බැස ගෙණ පහදනහට නිසි කරුණෙහි ප්‍රසාදය උපදවයි.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත, ව්‍යක්ත, සත්පුරුෂ, පණ්ඩිත තෙමේ ගුණ විසින් නො සැරු එහෙයින් ම නො නට ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂ රහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වේ. බොහෝ කුසල් ප්‍රසව කෙරෙයි.
4. යමෙක් නින්‍දාර්‍හයා පසසා ද, යමෙක් ප්‍රශංසාර්‍හ වේ නම් ඔහු හෝ නිගණී ද, හෙ තෙමේ මුවින් පව් රැස් කෙරෙයි. ඒ පවින් සුඛයක් නො ලබන්නේය.
5. දූකෙළියෙහි ලා සියලු ස්වකීය ධනය හා තමා ද හා සමග යම් ධනපරාජයෙක් වේ ද, මේ පරාජය ස්වල්පමාත්‍ර ය. යමෙක් සම්‍යග්ගත පුද්ගලයන් කෙරෙහි සිත අප්‍රීතික කරන්නේ නම් මෙය ම මහත්තර පරාජය වේ.
6. යම් හෙයකින් ලාමක වූ වචනය හා සිත ද පිහිටුවා ආර්‍ය්‍යයන් ගරහනුයේ නිරයට වැදේ ද, (එහි ආයු:ප්‍රමාණය) නිරර්බුද එක්ලක්‍ෂ සතිසෙකි. අර්බුද පසෙකි.
4. 1. 1. 4.
[දුතියඛත සූත්‍රය]
4. මහණෙනි, සතර දෙනෙකු කෙරෙහි වරදවා පිළිපන් අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ ගුණ විසින් සැරු (එහෙයින් ම) නටුවා වූ ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ පව් ද ප්‍රසව කෙරෙයි. කවර සතර දෙනකු කෙරෙහිය යත්:
මහණෙනි, මෑණියන් කෙරෙහි වරදවා පිළිපදනා අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ ගුණ විසින් සැරු නටුවා වූ ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ පව් ද රැස් කෙරෙයි.
මහණෙනි, පියාණන් කෙරෙහි වරදවා පිළිපන් ... මහණෙනි, තථාගතයන් වහන්සේ කෙරෙහි වරදවා පිළිපන් ... මහණෙනි, තථාගතශ්‍රාවකයා කෙරෙහි වරදවා පිළිපන් අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ (ගුණ විසින්) සාරා ලන ලද (එහෙයින් ම) නටුවා වූ ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ පව් ද ප්‍රසව කෙරෙයි.
මහණෙනි, මේ සතර දෙනා කෙරෙහි වරදවා පිළිපන් අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ සෑරු නටුවා වූ ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙයි.