4. 1. 1. 2.
[පපතිත සූත්රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, සතර කරුණෙකින් අසමන්වාගත පුද්ගල මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ. කවර සතර කරුණෙන යත්:
මහණෙනි, නිර්දෝෂ ශීලයෙන් සමන්වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, නිර්දෝෂ සමාධියෙන් සමන්වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, නිර්දෝෂ ප්රඥායෙන් සමන්වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, නිර්දෝෂ විමුක්තියෙන් සමන්වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූ පුද්ගල මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ. කවර සතර කරුණෙන යත්:
මහණෙනි, නිර්දෝෂ ශීලයෙන් සමන්වාගත වූයේ මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, නිර්දෝෂ සමාධියෙන් සමන්වාගත වූයේ මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, නිර්දෝෂ ප්රඥායෙන් සමන්වාගත වූයේ මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, නිර්දෝෂ විමුක්තියෙන් සමන්වාගත වූයේ මෙසස්නෙන් නොගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්වාගත වූයේ මෙසස්නෙන් නොගිළිහිනැ යි කියනු ලැබේ.
3. (යම් කෙනෙක්) ච්යුත වූහු ද, (ඔහු ච්යුත වන බැවින් හෙත්. යම් කෙනෙක්) පතිත වූහු ද, (ඔහු පතිත වන බැවින්) ච්යුත වෙත්. රාගයෙන් රත්වූවාහුද යලි ජාත්යාදියට වැටුනහ. සිවුමගින් කළයුතු කිස කොට නිමවන ලදි. ඇලියයුතු ගුණෙහි ඇලෙන ලදී. (මානුෂසුඛාදි) සුඛයෙන් (දිව්යසුඛාදි) සුඛය පිළිවෙළින් ලබන ලදී.
4. 1. 1. 3.
[පඨමඛත සූත්රය]
3. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූ අව්යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණ විසින් සාළ (එහෙයින් ම) නට, ආත්මය (ස්වසන්තානය) පස්වටයි. නුවණැත්තනට දොස් සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ අකුසල්ද රැස් කෙරෙයි. කවර කරුණෙන යත්:
නොදැන (විමසීම් විසින්) නො බැස ගෙණ නුගුණ කියයුත්තහුගේ ගුණ කියයි.
නොදැන නො බැස ගෙණ ගුණ වැණිය යුත්තහුගේ අගුණ කියයි.
නොදැන නො බැස ගෙණ නොපහදනහට නිසි කරුණෙහි පැහැදීම උපදවයි.
නොදැන නො බැස ගෙණ පහදනහට නිසි කරුණෙහි අප්රසාදය උපදවයි.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්වාගත වූ අව්යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණ විසින් සෑරු එහෙයින් ම නටුවා වූ ආත්මය පිළිදගනේය. නුවණැතියනට වරද සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වේ. බොහෝ අකුසල් ද ප්රසව කෙරෙයි.
මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත, ව්යක්ත, සත්පුරුෂ, පණ්ඩිත තෙමේ ගුණ විසින් සාරා නො ලන ලද (එහෙයින් ම) නො නටුවා වූ ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දෝෂ රහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වෙයි. බොහෝ කුසල් ද රැස් කෙරෙයි. කවර සතර කරුණෙන යත්:
දැන ගෙණ විමසීම් විසින් බැස ගෙණ නුගුණ කිය යුත්තහුගේ නුගුණ කියයි.
දැන ගෙණ බැස ගෙණ ගුණ කියනට නිස්සහුගේ ගුණ කියයි.
දැන ගෙණ බැස ගෙණ නො පහදනහට නිසි කරුණෙහි නො පැහැදීම උපදවයි.
දැන ගෙණ බැස ගෙණ පහදනහට නිසි කරුණෙහි ප්රසාදය උපදවයි.