3. 3. 5. 5.
48. මහණෙනි, කරුණු තුණෙකින් සමන්‍වාගත අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණවිසින් සාළ නටු ආත්මයක් පරිහරණය කරයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කෙරෙයි.
කවර තුන් දහමකින යත්:
අකුශලකායකර්‍මයෙන්, අකුශලවාක්කර්‍මයෙන්, අකුශලමනඃකර්‍මයෙන්.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණවිසින් සෑරූ, නටුවා වූ ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කෙරෙයි.
මහණෙනි, තුන් දහමෙකින් සමන්‍වාගත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිතයා ගුණවිසින් නොකැණි නොනට ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද නොකට යුතුද වෙයි. බොහෝ පින් ද රැස් කෙරෙයි.
කවර තුන් දහමෙකින යත්:
කුශලකායකර්‍මයෙන්, කුශලවාක්කර්‍මයෙන්, කුශලමනඃකර්‍මයෙන්.
මහණෙනි, මේ තුන් දහමින් ... බොහෝ පින් ද රැස් කෙරෙයි.
3. 3. 5. 6.
49. මහණෙනි, තුන් දහමෙකින් ...
සාවද්‍යකායකර්‍මයෙන්, සාවද්‍යවාක්කර්‍මයෙන්, සාවද්‍යමනඃකර්‍මයෙන් ...
මහණෙනි, තුන් දහමෙකින් ...
අනවද්‍යකායකර්‍මයෙන්, අනවද්‍යවාක්කර්‍මයෙන්, අනවද්‍යමනඃකර්‍මයෙන් ...
3. 3. 5. 7.
50. මහණෙනි, තුන් දහමෙකින් ...
විෂමකායකර්‍මයෙන්, විෂමවාක්කර්‍මයෙන්, විෂම මනඃකර්‍මයෙන් ...
මහණෙනි, තුන් දහමෙකින් ...
සම වූ කායකර්‍මයෙන්, සම වූ වාක්කර්‍මයෙන්, සම වූ මනඃකර්‍මයෙන් ...
3. 3. 5. 8.
51. මහණෙනි, තුන් දහමෙකින් ...
අපවිත්‍ර කායකර්‍මයෙන්, අපවිත්‍ර වාක්කර්‍මයෙන්, අපවිත්‍ර මනඃකර්‍මයෙන් ...
මහණෙනි, තුන් දහමෙකින් ...
පවිත්‍ර කායකර්‍මයෙන්, පවිත්‍ර වාක්කර්‍මයෙන්, පවිත්‍ර මනඃකර්‍මයෙන් ...
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිතයා ගුණවිසින් නොසෑරූ, නොනට ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්‍ය ද වෙයි, නුවණැතියන් විසින් උපවාද නොකට යුතු ද වේ, බොහෝ පින් ද රැස් කෙරෙයි.
3. 3. 5. 9.
52. මහණෙනි, මේ වන්‍දනාවෝ තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්:
කයින්, විසින්, සිතින්.
මහණෙනි, මේ තුන් වන්‍දනාවෝ යි.