3. 3. 5. 6.
49. මහණෙනි, තුන් දහමෙකින් ...
සාවද්‍යකායකර්‍මයෙන්, සාවද්‍යවාක්කර්‍මයෙන්, සාවද්‍යමනඃකර්‍මයෙන් ...
මහණෙනි, තුන් දහමෙකින් ...
අනවද්‍යකායකර්‍මයෙන්, අනවද්‍යවාක්කර්‍මයෙන්, අනවද්‍යමනඃකර්‍මයෙන් ...
3. 3. 5. 7.
50. මහණෙනි, තුන් දහමෙකින් ...
විෂමකායකර්‍මයෙන්, විෂමවාක්කර්‍මයෙන්, විෂම මනඃකර්‍මයෙන් ...
මහණෙනි, තුන් දහමෙකින් ...
සම වූ කායකර්‍මයෙන්, සම වූ වාක්කර්‍මයෙන්, සම වූ මනඃකර්‍මයෙන් ...
3. 3. 5. 8.
51. මහණෙනි, තුන් දහමෙකින් ...
අපවිත්‍ර කායකර්‍මයෙන්, අපවිත්‍ර වාක්කර්‍මයෙන්, අපවිත්‍ර මනඃකර්‍මයෙන් ...
මහණෙනි, තුන් දහමෙකින් ...
පවිත්‍ර කායකර්‍මයෙන්, පවිත්‍ර වාක්කර්‍මයෙන්, පවිත්‍ර මනඃකර්‍මයෙන් ...
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිතයා ගුණවිසින් නොසෑරූ, නොනට ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්‍ය ද වෙයි, නුවණැතියන් විසින් උපවාද නොකට යුතු ද වේ, බොහෝ පින් ද රැස් කෙරෙයි.
3. 3. 5. 9.
52. මහණෙනි, මේ වන්‍දනාවෝ තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්:
කයින්, විසින්, සිතින්.
මහණෙනි, මේ තුන් වන්‍දනාවෝ යි.
3. 3. 5. 10.
53. මහණෙනි, යම් කිසි සත්ත්‍ව කෙනෙක් පෙරවරු වේලෙහි කයින් සුචරිත පුරත් ද, වචනයෙන් සුචරිත පුරත් ද, සිතින් සුචරිත පුරත් ද, මහණෙනි, ඒ සත්ත්‍වයනට ශුභ පූර්‍වාහනයෙකි.
මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් මධ්‍යාන සමයෙහි කයින් සුචරිත පුරත් ද, වචනයෙන් සුචරිත පුරත් ද, සිතින් සුචරිත පුරත් ද, මහණෙනි, ඒ සත්ත්‍වයනට ශුභ මධ්‍යාහ්නයෙකි.
මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් සායාහන සමයෙහි කයින් සුචරිත පුරත් ද, වචනයෙන් සුචරිත පුරත් ද, සිතින් සුචරිත පුරත් ද, මහණෙනි, ඒ සත්ත්‍වයනට ශුභ සායාහනයෙකි.
10. බ්‍රම්සරුන් කෙරෙහි ඉෂ්ටදාන විසින් පිදීමෙක් වේ ද, ඒ ශුභ නක්‍ෂත්‍රයෙකි. ශුභ මඞ්ගලයෙකි. ශුභ අලුයමෙකි. ශුභ නැගී සිටුමෙකි. ශුභ ක්‍ෂණයෙකි. ශුභ මුහුර්‍තයෙකි.
11. එදින කළ කායකර්‍මය වෘද්ධික්‍රියායෙකි. වාක්කර්‍මය වෘද්ධික්‍රියායෙකි. මනඃකර්‍මය වෘද්ධික්‍රියායෙකි. ප්‍රණිධීහු වෘද්ධිදායකයෝ යි. වෘද්ධියුක්ත කායකර්‍මාදීන් කොට වෘද්ධි අර්‍ත්‍ථයන් ලබන්නේය.
12. ලබධාර්‍ත්‍ථ ඇති, සුඛිත වූ බුද්ධශාසනයෙහි විරූඪ වූ ඒ තෙපි සියලු ඥාතීන් හා සමග නීරෝග වව, සුඛිත වව.
පස්වන මඞ්ගල වර්‍ගය යි.
තෙවන ඛුද්දකපණ්ණාසකය සමාප්තයි.
[6. පටිපදා වර්‍ගය]
3. 6. 1.
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, මේ පටිපදාවෝ තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්:
ආගාඪප්‍රතිපත්තිය, පරිතප්තප්‍රතිපත්තිය, මධ්‍යමප්‍රතිපත්ති යි.
මහණෙනි, ආගාඪප්‍රතිපත්ති කවර?
මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙබඳු වාද ඇතියේ වෙයි, මෙබඳු දෘෂ්ටි ඇතියේ වෙයි: කාමයෙහි දෝෂයෙක් නැත කියායි. හේ කාමයෙහි පියයුතු බවට පැමිණෙයි. මහණෙනි, මේ ආගාඪප්‍රතිපත්තිය යි කියනු ලැබේ.