3. 3. 4. 9.
39. මහණෙනි, අශ්වයන් කෙරෙහි සදශ්වයන් තුන් දෙන ද (ජාතිමත් අසුන්) දෙසමි. සදශ්වසදෘශ පුරුෂයන් තුන් දෙන ද දෙසමි. ඒ අසව, ...
මහණෙනි, අශ්වසදශ්වයෝ තුන් දෙන කවරහ?
මහණෙනි, මෙලොව ඇතැම් අශ්වසදශ්වයෙක් ජවසම්පන්න වෙයි. වර්ණසම්පන්න නොවෙයි. ආරෝහපරිණාහ සම්පන්න නොවෙයි. මහණෙනි, මෙ ලොව ඇතැම් අශ්වසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් අශ්වසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහ සම්පන්නත් වෙයි. මහණෙනි, මොහු තුන් අශ්වසදශ්වයෝ යි.
මහණෙනි, සදශ්වසදෘශ තුන් පුරුෂයෝ කවරහ?
මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂසදශ්වයෙක් ජවසම්පන්න වෙයි. වර්ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි.
මහණෙනි, කෙසේ පුරුෂසදශ්ව තෙමේ ජවසම්පන්න වේ ද, වර්ණසම්පන්න නො වේ ද ආරෝහපරිණාහසම්පන්න නො වේ ද?
මහණෙනි, මෙ සස්නෙහි මහණ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇත්තේ ඒ බඹලොව ම පිරිනිවන් පානේ වෙයි. මේ ඔහුගේ ඥානජවය යි කියමි. අභිධර්මයෙහි ලා අභිවිනයෙහි ලා ප්රශ්න නගන ලදුයේ අවසාදනය කෙරෙයි. නො විසඳයි මේ ඔහුගේ වර්ණය නො වෙතියි කියමි. චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්රත්යයභෛෂජ්යපරිෂ්කාර නො ලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහසම්පත් නො වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්න වෙයි. වර්ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි.
මහණෙනි, කෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්නත් වේ ද, වර්ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්න නො වේ ද?
මහණෙනි, මෙ සස්නෙහි මහණ පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇතියේ ඒ බඹලොව ම පිරිනිවන් පානේ වෙයි. මේ ඔහුගේ ඥානජවය වෙති යි කියමි. අභිධර්මයෙහි ලා අභිවිනයෙහි ලා ප්රශ්න නගන ලදුයේ විසඳයි. නො ගළයි. මේ ඔහුගේ වර්ණසම්පත් වෙති යි කියමි. චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්රත්යයභෛෂජ්යපරිෂ්කාර නොලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහ සම්පත් නො වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්න වෙයි. වර්ණසම්පන්න වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි.
මහණෙනි, කෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්නත් වේ ද වර්ණසම්පන්නත් වේ ද ආරෝහපරිණාහසම්පන්නත් වේ ද?
මහණෙනි, මෙ සස්නෙහි මහණ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇතියේ ඒ බඹලොව ම පිරිනිවන් පානේ වෙයි. මේ ඔහුගේ ඥානජවය වෙති යි කියමි. අභිධර්මයෙහි ලා අභිවිනයෙහි ලා ප්රශ්න නගන ලදුයේ විසඳයි. නො ගළයි. මේ ඔහුගේ වර්ණසම්පත් වෙති යි කියමි. චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්රත්යයභෛෂජ්යපරිෂ්කාර ලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහසම්පත් වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්නත් වෙයි. වර්ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි.
මහණෙනි, මේ තුන් පුරුෂසදශ්වයෝ යි.