3. 3. 4. 6.
36. මහණෙනි, මේ සම්පත්හු තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්: ශ්‍රද්ධාසම්පදාය, ශීලසම්පදාය, ප්‍රඥාසම්පදා යි.
මහණෙනි, මේ තුන් සම්පත්හු යි.
3. 3. 4. 7.
37. මහණෙනි, මේ වෘද්ධීහු තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්: ශ්‍රද්ධාවෘද්ධිය, ශීලවෘද්ධිය, ප්‍රඥාවෘද්ධි යි.
මහණෙනි, මේ තුන් වෘද්ධීහු යි.
3. 3. 4. 8.
38. මහණෙනි, තුන් අස්ගුණ්ඩයන් (පොව්වන්) දෙසමි. තුන් පුරිස්ගුණ්ඩයනුදු (පොව්වනුදු) දෙසමි. ඒ අසව ...
මහණෙනි, තුන් අස්ගුණ්ඩයෝ කවරහ යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් අස්ගුණ්ඩයෙක් ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නො ද වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් අස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නොවෙයි. මහණෙනි, මෙලොව ඇතැම් අස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි. මහණෙනි, මේ තුන් අස්ගුණ්ඩයෝ යි.
මහණෙනි, තුන් පුරිස්ගුණ්ඩයෝ කවරහ යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො ද වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි.
මහණෙනි, කෙසේ නම් පුරිස්ගුණ්ඩයා ජවසම්පන්න වේ ද, වර්‍ණසම්පන්න නො වේ ද, ආරෝහපරිණාහසම්පන්න නො වේ ද?
මහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ” යි ඇතිසැටියෙන් දනී. “මේ දුක්ඛසමුදය” යි ඇතිසැටියෙන් දනී. “මේ දුක්ඛනිරෝධය” යි ඇති සැටියෙන් දනී. “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි ඇතිසැටියෙන් දනී. මේ ඔහුගේ ඥානජවය යි කියමි. අභිධර්‍මයෙහි අභිවිනයෙහි ප්‍රශ්න විචාරණ ලදුයේ අවසාදනය කෙරෙයි (පසුබසී.) නොවිසඳයි. මේ ඔහුගේ වර්‍ණය නොවෙති යි කියමි. චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර නොලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහ සම්පත් නො වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරිස්ගුණ්ඩයා ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො ද වෙයි.