3. 3. 4. 7.
37. මහණෙනි, මේ වෘද්ධීහු තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්: ශ්රද්ධාවෘද්ධිය, ශීලවෘද්ධිය, ප්රඥාවෘද්ධි යි.
මහණෙනි, මේ තුන් වෘද්ධීහු යි.
3. 3. 4. 8.
38. මහණෙනි, තුන් අස්ගුණ්ඩයන් (පොව්වන්) දෙසමි. තුන් පුරිස්ගුණ්ඩයනුදු (පොව්වනුදු) දෙසමි. ඒ අසව ...
මහණෙනි, තුන් අස්ගුණ්ඩයෝ කවරහ යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් අස්ගුණ්ඩයෙක් ජවසම්පන්න වෙයි. වර්ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නො ද වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් අස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නොවෙයි. මහණෙනි, මෙලොව ඇතැම් අස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි. මහණෙනි, මේ තුන් අස්ගුණ්ඩයෝ යි.
මහණෙනි, තුන් පුරිස්ගුණ්ඩයෝ කවරහ යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න වෙයි. වර්ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො ද වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි.
මහණෙනි, කෙසේ නම් පුරිස්ගුණ්ඩයා ජවසම්පන්න වේ ද, වර්ණසම්පන්න නො වේ ද, ආරෝහපරිණාහසම්පන්න නො වේ ද?
මහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ” යි ඇතිසැටියෙන් දනී. “මේ දුක්ඛසමුදය” යි ඇතිසැටියෙන් දනී. “මේ දුක්ඛනිරෝධය” යි ඇති සැටියෙන් දනී. “මේ දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාය” යි ඇතිසැටියෙන් දනී. මේ ඔහුගේ ඥානජවය යි කියමි. අභිධර්මයෙහි අභිවිනයෙහි ප්රශ්න විචාරණ ලදුයේ අවසාදනය කෙරෙයි (පසුබසී.) නොවිසඳයි. මේ ඔහුගේ වර්ණය නොවෙති යි කියමි. චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය භෛෂජ්ය පරිෂ්කාර නොලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහ සම්පත් නො වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරිස්ගුණ්ඩයා ජවසම්පන්න වෙයි. වර්ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො ද වෙයි.
මහණෙනි, කෙසේ පුරිස්ගුණ්ඩයා ජවසම්පන්නත් වේ ද, වර්ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්න නො වේ ද?
මහණෙනි, මෙ සස්නෙහි මහණ “මේ දුකැ” යි යථාභූතය දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාය” යි යථාභූතය දනී. මේ ඔහුගේ ඥානජවය වෙති යි කියමි. අභිධර්මයෙහි අභිවිනයෙහි ප්රශ්න විචාරණ ලදුයේ විසඳයි. අවසාදනය නො කෙරෙයි. මේ ඔහුගේ වර්ණය වෙති යි කියමි. චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය භෛෂජ්ය පරිෂ්කාර නොලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහ සම්පත් නො වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරිස් ගුණ්ඩයා ජවසම්පන්නත් වෙයි. වර්ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි.
මහණෙනි, කෙසේ පුරිස්ගුණ්ඩයා ජවසම්පන්නත් වේ ද, වර්ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්නත් වේ ද?
මහණෙනි, මෙ සස්නෙහි මහණ “මේ දුකැ” යි යථාභූතය දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාය” යි යථාභූතය දනී. මේ ඔහුගේ ඥානජවය වෙතියි කියමි. අභිධර්මයෙහි අභිවිනයෙහි ප්රශ්න විචාරණ ලදුයේ විසඳයි. අවසාදනය නො කෙරෙයි. මේ ඔහුගේ වර්ණය වෙතියි කියමි. චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්රත්යයභෛෂජ්යපරිෂ්කාර ලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහසම්පත් වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරිස්ගුණ්ඩයා ජවසම්පන්නත් වෙයි. වර්ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි.
මහණෙනි, මේ පුරිස්ගුණ්ඩයෝ තුන් දෙන වෙති.
3. 3. 4. 9.
39. මහණෙනි, අශ්වයන් කෙරෙහි සදශ්වයන් තුන් දෙන ද (ජාතිමත් අසුන්) දෙසමි. සදශ්වසදෘශ පුරුෂයන් තුන් දෙන ද දෙසමි. ඒ අසව, ...
මහණෙනි, අශ්වසදශ්වයෝ තුන් දෙන කවරහ?
මහණෙනි, මෙලොව ඇතැම් අශ්වසදශ්වයෙක් ජවසම්පන්න වෙයි. වර්ණසම්පන්න නොවෙයි. ආරෝහපරිණාහ සම්පන්න නොවෙයි. මහණෙනි, මෙ ලොව ඇතැම් අශ්වසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් අශ්වසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහ සම්පන්නත් වෙයි. මහණෙනි, මොහු තුන් අශ්වසදශ්වයෝ යි.
මහණෙනි, සදශ්වසදෘශ තුන් පුරුෂයෝ කවරහ?
මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂසදශ්වයෙක් ජවසම්පන්න වෙයි. වර්ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි.