3. 3. 3. 5.
[සැවැත්නිදාන යි]
25. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුඅරම්හි වැඩවසන සේක. එසඳ හත්ථක දෙව්පුත් ඉකල් රැය අභිකාන්තචඡ්විවර්ණ ඇත්තේ සම්පූර්ණ ජේතවනය වටා බුබුලුවා භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. ‘එළඹ භාග්යවතුන් වහන්සේ පෙරට සිටිමි’ යි ගළයි. වැතිරීම් කෙරෙයි. නො සිටියහෙයි. සර්පිස් බින්දු හෝ තෛලබින්දු හෝ සියුම් වැලි මඬෙක ඉස්නා ලදුයේ ගළනේ වතුරුනේ වේ ද, නො සිටුනේ වේ ද, එපරිදි ම හත්ථක දෙව්පුත් භාග්යවතුන් වහන්සේ පෙරට සිටිමි’ යි ගළනා හා වරුතුනා හා කෙරෙයි. සිටුනට නොහැකි වෙයි.
එක්බිති භාග්යවතුන් වහන්සේ හත්ථක දෙව්පුත්හට තෙල වදාළහ: හත්ථකය, ඕළාරික ආත්මභාවයක් මවාලව යි.
වහන්ස, එසේය යි හත්ථක දෙව්පුත් භාග්යවතුන් වහන්සේට පිළිවදන් දී ඕළාරික ආත්මභාවයක් මවාගෙණ භාග්යවතුන් වහන්සේ සක සා වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පස්ව සිටි හත්ථක දෙව්පුත්හට භාග්යවතුන් වහන්සේ තෙල වදාළහ:
හත්ථකය, පෙර මනුෂ්ය වූ තොපට යම් ඒ දහම්හු (හැදෑරීමෙන්) වණපොත්ව වැටුනාහු ද, ඒ දහම්හු තොපට දැනුත් වණපොත්ව වැටෙත් ද?.
වහන්ස, යම් ඒ දහම්හු පෙර මනුෂ්ය වූ මට වණපොත්ව වැටුනාහු ද, ඒ දහම්හුත් දැන් මට වණපොත්ව වැටෙති. වහන්ස, යම් ඒ දහම්හු පෙර මනුෂ්ය වූ මට වණපොත්ව නොවැටුනාහුද ඒ දහම්හුත් දැන් මට වණපොත්ව ඇත. වහන්ස, යම් පරිදි භාග්යවතුන් වහන්සේ භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා, රාජ රාජමහාමාත්ය, තීර්ත්ථක තීර්ත්ථකශ්රාවකයන් විසින් ආකීර්ණව වසනසේක් ද, වහන්ස, එපරිදි ම මමත් දේවපුත්රයන් විසින් ආකීර්ණව වෙසෙමි. වහන්ස, දුරසිට දු “හත්ථක දේවපුත්රයා වෙත දහම් අසම්හ” යි දෙව්පුත්හු එති. වහන්ස, මම දහම් තුණක් පිළිබඳව අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නො වූයෙම් කලුරිය කෙළෙමි.
කවර කරුණු තුණක් පිළිබඳවය යත්:
වහන්ස, මම භාග්යවතුන් වහන්සේගේ දර්ශනයට අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නොවූයෙම් කලුරිය කෙළෙමි. වහන්ස, මම සද්ධර්මශ්රවණයට අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නොවූයෙම් කලුරිය කෙළෙමි. වහන්ස, මම සඞ්ඝෝපස්ථානයට අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නොවූයෙම් කලුරිය කෙළෙමි යි. වහන්ස, මම මේ තුන් දහමුන් පිළිබඳව අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නොවූයෙම් කලුරිය කෙළෙමි යි.
3. මම භාග්යවතුන් වහන්සේගේ දර්ශනය පිළිබඳව කිසිදු කලෙක තෘප්තියට නොගියෙමි. සඟුන් වටනට සද්ධර්මශ්රවණයට තෘප්ත නොවීමි.
4. දශශීලයෙහි හික්මෙන්නෙම් සද්ධර්මශ්රවණයෙහි ඇළුනෙම් තුන් දහමුන් පිළිබඳව අතෘප්ත වූයෙම් හත්ථක නම් මම අවිහ බඹලොවට ගියෙමි.
3. 3. 3. 6.
[බරණැස්නිදාන යි]
26. එක් කලෙක භාග්යවතුන් වහන්සේ බරණැස් නුවර මිගදායෙහි වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල භාග්යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ බරණැස පිණ්ඩපාතයට වැඩිසේක. භාග්යවතුන් වහන්සේ ගෙරින් විකොටගන්නා තැනෙක වූ පුලිල ගසක් සමීපයෙහි පිඬුපිණිස වඩනා සේක් ධ්යානසුඛ නැතියෙන් අල්පාශ වූ, කාමගුණ සුඛවශයෙන් බාහිරාශා ඇති, එයින් ම මුළා සිහි ඇති, සම්ප්රඥාන රහිත, සමාහිත නොවූ, විභ්රාන්ත සිත් ඇති, නොදැමුනු ඉඳුරන් ඇති මහණක්හු දුටුසේක. ඒ මහණහු දැක තෙල වදාළහ:
මහණ, මහණ, තෝ ආත්මය නහමක් ඉඳුල් කරව. මහණ ඉඳුල් කළ, ක්රෝධ සඞ්ඛ්යාත ආමගන්ධයෙහි තෙත් වූ ඒ ආත්මය කෙලෙස් මැස්සෝ නැගී ලුහු නො බඳිති, ලුහුබැඳ නො කති යන තෙල කරුණ ඒකාන්තයෙන් නොවේ.
එක්බිති ඒ මහණ භාග්යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලදුයේ සංවේගයට පැමිණියේය. එක්බිති භාග්යවතුන් වහන්සේ බරණැස පිඬු පිණිස හැසිර පස්බත පිණ්ඩපාතයෙන් වැළකුනු සේක් භික්ෂූන් ඇමතූ සේක:
මහණෙනි, මම පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ බරණැස පිඬු පිණිස පිවිසිනිමි. මහණෙනි, මම ගෝයෝගපලක්ෂ මූලයෙහි දී පිඬු පිණිස හැසිරෙන්නෙම් ධ්යානාභාවයෙන් අල්පාශා ඇති, කාමගුණවශයෙන් බාහිරාශා ඇති, මුළා සිහි ඇත, සම්ප්රඥාන නැති, සමාධිත නො වූ, විභ්රාන්ත සිත් ඇති, ප්රාකෘත ඉන්ද්රිය ඇති එක්තරා මහණක්හු දිටිමි. දැක ඒ මහණහට තෙල බස කීමි: