3. 3. 2. 9.
19. මහණෙනි, මේ ශුචිභාවයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කායද්වාරයෙහි ශුචිභාවය, වාග්ද්වාරයෙහි ශුචිභාවය, මනෝද්වාරයෙහි ශුචිභාව යි.
මහණෙනි, කායද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ, පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. අබ්රම්සරින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ කායද්වාරයෙහි ශුචිභාවය යි කියනු ලැබේ.
මහණෙනි, වාග්ද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ, මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි, සම්ඵප්පලපින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ වාග්ද්වාරයෙහි ශුචිභාවය යි කියනු ලැබේ.
මහණෙනි, මනෝද්වාරයෙහි ශුචිභාවය කවරේ ය යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ, අධ්යාත්මයෙහි විද්යමාන වූ හෝ කාමච්ඡන්දය ‘මාගේ අධ්යාත්මයෙහි කාමච්ඡන්දය ඇතැ’යි දනී. අධ්යාත්මයෙහි අවිද්යමානවූ හෝ කාමච්ඡන්දය ‘මාගේ අධ්යාත්මයෙහි කාමච්ඡන්දය නැතැ’යි දනී. යම් පරිදි නූපන් කාමච්ඡන්දයාගේ උත්පාදයෙක් වේ ද, එ ද දනී. යම් සෙයෙකින් උපන් කාමච්ඡන්දයාගේ ප්රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්රහත කාමච්ඡන්දයාගේ මතුයෙහි නූපැත්මෙක් වේ ද, එ ද දනී.
අධ්යාත්මයෙහි විද්යමාන වූ හෝ ව්යාපාදය ‘මාගේ අධ්යාත්මයෙහි ව්යාපාදය ඇතැ’යි දනී. අධ්යාත්මයෙහි අවිද්යමාන වූ හෝ ව්යාපාදය ‘මාගේ අධ්යාත්මයෙහි ව්යාපාදය නැතැ’යි දනී. යම් පරිදි නූපන් ව්යාපාදයාගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් ව්යාපාදයාගේ ප්රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්රහත ව්යාපාදයාගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.
අධ්යාත්මයෙහි විද්යමාන වූ හෝ ථීනමිද්ධය ‘මාගේ අධ්යාත්මයෙහි ථීනමිද්ධය ඇතැ’යි දනී. අධ්යාත්මයෙහි අවිද්යමාන වූ හෝ ථීනමිද්ධය ‘මාගේ අධ්යාත්මයෙහි ථීනමිද්ධය නැතැ’යි දනී. යම් පරිදි නූපන් ථීනමිද්ධයාගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් ථීනමිද්ධයාගේ ප්රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්රහත ථීනමිද්ධයාගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.
අධ්යාත්මයෙහි විද්යමාන වූ හෝ උද්ධච්චකුක්කුච්චය’මාගේ අධ්යාත්මයෙහි උද්ධච්චකුක්කුච්චය ඇතැ’යි දනී. අධ්යාත්මයෙහි අවිද්යමාන වූ හෝ උද්ධච්චකුක්කුච්චය ‘මාගේ අධ්යාත්මයෙහි උද්ධච්චකුක්කුච්චය නැතැ’යි දනී. යම් පරිදි නූපන් උද්ධච්චකුක්කුච්චයාගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් උද්ධච්චකුක්කුච්චයාගේ ප්රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්රහත උද්ධච්චකුක්කුච්චයාගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.
අධ්යාත්මයෙහි විද්යමාන වූ හෝ විචිකිච්ඡාව ‘මාගේ අධ්යාත්මයෙහි විචිකිච්ඡාව ඇතැ’යි දනී. අධ්යාත්මයෙහි අවිද්යමාන වූ හෝ විචිකිච්ඡාව ‘මාගේ අධ්යාත්මයෙහි විචිකිච්ඡාව නැතැ’යි දනී. යම් පරිදි නූපන් විචිකිච්ඡාවගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් විචිකිච්ඡාවගේ ප්රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්රහත විචිකිච්ඡාවගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.
මහණෙනි, මේ මනෝද්වාරයෙහි ශුචිභාවය යි කියනු ලැබේ.
මහණෙනි මොහු ශුචිභාවයෝ තුන් දෙනයහ.
1. කායද්වාරයෙහි පවිත්ර වූ වාග්ද්වාරයෙහි පවිත්ර වූ මනෝද්වාරයෙහි පවිත්ර වූ එයින් ම අනාස්රව වූ මෙසේ ත්රිවිධශෞචයෙන් යුක්ත වූ ක්ලේශාභාවයෙන් පවිත්ර වූ මහණ ධෞතපාපය යි කියත්.
3. 3. 2. 10.
20. මහණෙනි, මේ මුනිභාවයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කායද්වාරයෙහි මුනිභාවය, වාග්ද්වාරයෙහි මුනිභාවය, මනෝද්වාරයෙහි මුනිභාව යි.
මහණෙනි, කායද්වාරයෙහි මුනිභාවය කවරේ ය යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. අබ්රම්සරින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ කායද්වාරයෙහි මුනිභාවය යි කියනු ලැබේ.
මහණෙනි, වාග්ද්වාරයෙහි මුනිභාවය කවරේ ය යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි. සම්ඵප්පලපින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ වාග්ද්වාරයෙහි මුනිභාවය යි කියනු ලැබේ.
මහණෙනි, මනෝද්වාරයෙහි මුනිභාවය කවරේ ය යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්රවයන් ක්ෂය කිරීමෙන් අනාස්රව වූ චේතෝවිමුක්තිය ප්රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයාගෙන වෙසෙයි. මහණෙනි, මේ මනෝද්වාරයෙහි මුනිභාව යි කියනු ලැබේ.
මහණෙනි, මොහු තුන් මුනිභාවයෝ යි.
2. කායද්වාරයෙන් පවිත්ර වූ වාග්ද්වාරයෙන් පවිත්ර වූ මනෝද්වාරයෙන් පවිත්ර වූ එයින් ම අනාස්රව වූ එයින් ම මුනිභාවයෙන් යුක්ත වූ රහත් මුනිහු සියලු පව් පැහුවකු කොට කියත්.
දෙවන ආපායික වර්ගය යි.